කියා pov
මම පහුවදා උදෙන්ම නැගිට්ටේ මට ඇති වුවමනාවකට නම් නෙවෙයි. අප්පගෙ බල කොරිල්ලට එයාගෙ බිස්නස් ටික බාර ගන්න යන්න. වොශ් එකක් එහෙම දාගෙන black colour office trouser එකට match වෙන්න
white colour skinny එකක් ඇදගෙන , ඊට උඩින් black colour office coat එක දාගෙන, black heels දෙකකුත් දාගෙන , පොඩි office එකට ගැලපෙන චූටි makeup එකක් දාගත්තේ ටිකක් වැදගත් විදිහට office යන්න ඕනෙ කියල ඔම්ම කියපු නිසා.(☝ කියාගෙ outfit එක)
ටග් ගාල ලෑස්ති වෙලා පහලට ගිහින් breakfast එකත් අරගෙන අප්පත් එක්කම office එකට ගියා.
අප්ප මාව staff එකට introduce කරල දුන්න. එදා දවසම කලේ අප්පගෙ manager වුන Mr. Cha එක්ක බිල්ඩින් එක පුරාම ඇවිද්ද එක. ඇවිද ඇවිද එතන සිද්ද වෙන දේවල් මට කියල දුන්න. Mr. Cha හරිම හොද කෙනෙක් . එයා අප්ප ළග වැඩ කරන්න අරන් දැනට අවුරුදු 7ක් ලු. අප්ප ගොඩක් වෙලාවට බිස්නස් වැඩ කලේ ගෙදර ඉදන් ඒ දවස් වලට මේ වැඩ සේරම බැලන්ස් කරන් කරගෙන ගියෙ Mr. Cha කියල අප්ප මට ගොඩක් වෙලාවට කියල තිබුන.
ලන්ච් එකෙන් පස්සෙ guest කෙනෙක් හම්බෙන්න උනේ අප්ප මට මේ දේවල් වලට හුරු වෙන්න ඕනි කියපු නිසා. ඒ වැඩත් ඉවර කරල file වගේකුත් sign කරල අප්පත් එක්ක ම හවස 5.00 ට විතර ගෙදර ආවෙ මගෙ හොද පණ ගිහින්.
වොශ් එකක් දාගෙන ඔම්මට කියල කොෆී එකකුත් හදා ගෙන බැල්කනි එකට ගියෙ මම මේ ගෙදර ඔම්ම , අප්ප එක්ක ඉන්නෙ තව මාසෙකටත් අඩු කාලයයි නේද කියල කල්පනා කරන ගමන්. මට දුකක් නෑ කිව්වොත් බොරුවක් , මට දුකයි ඒත් ඔම්ම , අප්ප කවදාවත් මට වැරැද්දක් කරන්නෙ නෑ කියල දන්න නිසා මම හිත හදා ගත්තා. කල්පනා කරන ගමන් රෝස , කහ , තැඹිලි , දම් වගේ පාටවල් වලින් හැඩ වෙලා තියෙන හවස සෝල් අහස දිහා බලන් මගෙ කොෆී මග් එක හිස් කලා.