කිම් තේහ්‍යොන්ග්
වයස 20තමන්ගේ ජීව විද්‍යාත්මක පවුලෙන් වෙන් උන තේහ්‍යොන්ග් ලෝකෙටම පෙන්නුවේ තමන් අනාතයෙක් කියලා. ඔරකල් සංවිධානයේ අල්පෝන්සු යටතේ වැඩ කරන තේහ්‍යොන්හ්ගේ ජීවිතේ එයාටවත් අයිති නැති එකක් උනා. තද ගති පැවතුම් තියන තේහ්‍යොන්ග්ගේ මූනේ හිනාවක් දැකපු එකම එක්කෙනා එයාගේ වැඩිමල් සහෝදරයා විතරයි.ඒ අවුරුදු 10කට කලින්. ඊට පස්සේ තේහ්‍යොන්ග්ගේ මූණට කාවත් හිනාවක් ගේන්නවත්, තේහ්‍යොන්ග්ගේ මූණේ හිනාවක් ඇති කරන්නවත් කාටවත් බැරි උනා. ඉහළ බුද්ධියක් තියන තේහ්‍යොන්ග්, හැම සටන් කලාවක්ම මනාව ප්‍රගුණ කල තේහ්‍යොන්ග්, නිව් යෝක් නුවර හිටපු කඩවසම්ම තරුණයා උන තේහ්‍යොන්ග්, වයස අවුරුදු අටේදි මනුස්සයෙක්ව මරපු තේහ්‍යොන්ග්, ලෝකෙට ප්‍රසිද්ධ වෙලා හිටියේ වී කියන අනුවර්ත නාමයෙන්. වී කියන නම ඇහෙද්දි නිව් යෝක් නුවර තියන පාතාල කණ්ඩායම් බය උනත්, මේ වී කියන චරිතය බය කරන්න පුලුවන් උනේ එකම එක දේකට විතරයි. ඒ හැලොවින් සැරසිල්ලක් උන වට්ටක්කා ගෙඩියක්.
ජෝන් ජන්ග්ගුක්.
වයස 17දකුණු කොරියානු ජාතිකයෙකු උන ජන්ග්ගුක්ගේ හීනය දවසක ජපානයේ ජීවත් වෙන එක. රිටි පැනීමට ජාතික මට්ටමේ ශූරයෙක් උන ජන්ග්ගුක් තරගාවලියක් අතරතුර උන ආබාධිත තත්වයක් හන්දා තමන්ගේ ක්‍රීඩා ජීවිතයට සමු දෙනවා. ඒත් ඒ සමුදීම ජන්ග්ගුක්ගේ ක්‍රීඩා ජීවිතයට විතරක් නෙවේ ජන්ග්ගුක්ගේ මුලු ජීවිතයම අදුරකට ඇදලා ගත්තා. තමන්ගේ මව් පාර්ශ්වයේ සහෝදරයෙක් එක්ක ඇමරිකාවට එන ජන්ග්ගුක් තම මාමාගේ සහකරුවෙක් විදිහට වැඩ කරනවා. අහිංසක, සියුමැලි චරිතයක් උන ජන්ග්ගුක් එයාගේ ආදරණීයන් වෙනුවෙන් ඕනෙම වෙලාවක පෙනී ඉන්න චරිතයක් උනා.
YOU ARE READING
L'amour • Taekook
Fanfictionතමන්ගේ මාමා උන හෝසොක් එක්ක ජන්ග්ගුක් නිව් යෝක් නුවර රාත්‍රී සමාජ ශාලාවකට යන්නේ ඔරකල් සංවිධානය ගැන පුවත්පත් ලිපියකට අවශ්‍ය තොරතුරු හොයන්න. ඒත් ජන්ග්ගුක් දැනගෙන හිටියේ නෑ එදා එයාගේ ගමන එයාගේ ජීවිතේ වැදගත් පිටුවක් පෙරළයි කියලා. පුවත්පත් ලිපි වලට සම්මු...