ජන්ග්ගුක් වීගේ ඇස් දෙක දිහා බලාගෙනම හිටියා. කල්ලි නායකයෙක් කියලා කිව්වම ජන්ග්ගුක් වයසක,මුහුනේ ඉදන් හැම තැනම කැලැල් වලින් පිරුන, තද ගති පැවතුම් තියන කෙනෙක් බලාපොරොත්තු උනත් ජන්ග්ගුක් ඉස්සරහා හිටපු කෙනා වයසින් අඩු, තරුන වගේම කඩවසම් කෙනෙක් උනා. බලාපොරොත්තු උන තද ගති පැවතුම් ඇස් වල තියන සීතල බැල්මෙන් තහවුරු උනත් ජන්ග්ගුක්ගේ හිත කිව්වේ එයා ඉස්සරහා ඉන්න වී කියන කෙනා කල්ලි නායකයෙක් වෙන්ම කඩවසම් වැඩී කියලා."හායි මම ජන්ග් හෝසොක්. මම තමයි දකුණු කොරියාවෙන් ආව ජ'නලිස්ට්."
"කරන දෙයක් ඉක්මනට කරගෙන යන්න."
තේහ්යොන්ග්ගේ ගැබුරු කටහඩ ඇහෙද්දි ජන්ග්ගුක්ගේ ඇග කිලිපොලා ගියා. ඒ තරම් ගැබුරු කටහඩක් මීට කලින් ජන්ග්ගුක් අහලා නැති වෙනකොට එයා තේහ්‍යොන්ග් දිහා බලාගෙනම හිටියේ ඒ ඇස් වලින් එයාගේ ඇස් අහකට ගන්න හයියක් තිබ්බේ නැති නිසා.
"මුලින්ම එහෙනම් ෆොටෝස් ටික අරගෙන ඉමු."
"එක්කෙනෙක්ගේවත් මූණ පේන්න බෑ. යන්න කලින් ෆොටෝස් ටික චෙක් කරන්න ඕනේ."
"බය වෙන්න එපා. මම මූණු පේන්න ෆොටෝස් ගන්නේ නෑ."
හෝසොක් ජන්ග්ගුක්ගේ අතින් ඇදලා අරගෙන හිස් මේසයක් ළගට ගිහින් එයාලගේ බඩු ටික මේසෙ උඩින් තිබ්බා. කැමරා බෑගය අරින අතරේ ජන්ග්ගුක් ඇස් කොනින් තේහ්‍යොන්ග් දිහා බලනකොට එයා දැක්කා තේහ්යොන්ගේ නිල් ඇස් එයා දිහාට යොමු වෙලා තියනවා කියලා. ඉක්මනට තමන්ගේ ඇස් අහකට ගත්ත ජන්ග්ගුක් කැමරාවකට කාචය සවි කරලා එයාගේ සම්චොන්ගේ අතට දුන්නා.
"අනිත් කැමරාවට බැටරි එක දාලා තියාගන්න ගුකී."
හෝසොක් කැමරාව අරගෙන එතනින් යද්දි ජන්ග්ගුක් කැමරාවට බැටරිය දැම්මා. තේහ්‍යොන්ග් තමන්ගේ දිහා බලාගෙන ඉන්නවා කියලා ජන්ග්ගුක්ට දැනෙද්දි ජන්ග්ගුක්ගේ අත වෙව්ලන්න ගත්ත්ස් මොකටද කියලා එයාවත් දැනගෙන හිටියේ නෑ.
ජන්ග්ගුක් වෙව්ල වෙව්ල බැටරිය දාන්න උත්සහ කරද්දි එයාට ඒක හරියට කරගන්න බැරි උනේ ජන්ග්ගුක් කලබල වෙලා ඉන්න හන්දා කියලා තේහ්‍යොන්ග්ට තේරුනා. තමන් වාඩි වෙලා හිටපු බාර් ස්ටූල් එකෙන් නැගිටපු තේහ්‍යොන්ග් ජන්ග්ගුක් ළගට යද්දි ජන්ග්ගුක් තවත් කලබල උනා.
YOU ARE READING
L'amour • Taekook
Fanfictionතමන්ගේ මාමා උන හෝසොක් එක්ක ජන්ග්ගුක් නිව් යෝක් නුවර රාත්‍රී සමාජ ශාලාවකට යන්නේ ඔරකල් සංවිධානය ගැන පුවත්පත් ලිපියකට අවශ්‍ය තොරතුරු හොයන්න. ඒත් ජන්ග්ගුක් දැනගෙන හිටියේ නෑ එදා එයාගේ ගමන එයාගේ ජීවිතේ වැදගත් පිටුවක් පෙරළයි කියලා. පුවත්පත් ලිපි වලට සම්මු...