2

116 25 11
                                    

ගුවන්තොටුපලෙන් එළියට එන ටිකට ජන්ග්ගුක් කෙලින්ම එළියට එන්නේ නැතුව වීදුරු බිත්තිය හරහා පේන ගුවන්‍ යානා අහසට යන දිහා බලාගෙන හිටියා. ජිවීතේ පළවෙනි ගුවන්ගමන උනත් ජන්ග්ගුක්ට එයාගේ ගමන ගැන කිසිම ආසාවක් දැනුනේ නෑ. අඩුම තරමේ එයාට මේ ගමන ගැන කිසිම බලාපොරොත්තුවක් වත් තිබ්බේ නෑ.

ලගේජ් එකට අත තියාගෙන ජන්ග්ගුක් එළිය බලාගෙන හිටපු විදිහ හෝසොක් දැක්කා. ජන්ග්ගුක්ගේ හැසීරීමේ වෙනස වෙන කාටත් වඩා හෝසොක්ට තදින් දැනෙනකොට හෝසොක්ගේ හිතේ දරාගන්න බැරි වේදනාවක් දැනුනා.

ජෝන් ජන්ග්ගුක් දකුණු කොරියාවේ ජාතික මට්ටමේ රිටි පැනීමේ ශූරයෙක්. ඒත් දැනට ටික කාලයකට කලින් තරගාවලියක් අතරතුර සිද්ධ උන අනතුරක් හන්දා: හරියටම කිව්වොත් ජන්ග්ගුක්ගේ රිට කැඩිලා එයාව බිම වැටුන හන්දා කොන්දට උන ආබාධිත තත්වයත් එක්ක  ජෝන් ජන්ග්ගුක්ට තරගබිමෙන් සමුදෙන්න කියලා වෛද්‍යවරු නිර්දේශ කරා. එදා ජන්ග්ගුක්ගේ හීනත් එක්කම ජන්ග්ගුක්ත් මැරිලා ගියා.

එදා හිටපු ජන්ග්ගුක් හැමෝම එක්ක කියෙව්වට අද ඉන්න ජන්ග්ගුක් අහන ප්‍රශ්නෙට විතරක් උත්තර දුන්නා. එදා හිටපු ජන්ග්ගුක් ඕනෙම කෙනෙක් ඉක්මනට යාලු කරගත්තත් අද ඉන්න ජන්ග්ගුක් ලගටඇවිල්ලා කෙනෙක් කතා කරන්නේවත් නෑ. එදා හිටපු ජන්ග්ගුක්ගේ මූණේ හැමවෙලේම හිනාවක් තිබ්බත් අද ජන්ග්ගුක්ගේ මූණට හිනාව ගේන්න කාටවත් බැරි උනා.

"ගුකි-යා. අපි දැන් යමු."

හෝසොක් ජන්ග්ගුක්ගේ පිටට තට්ටුවක් දාලා කියද්දි ජන්ග්ගුක් කල්පනා ලෝකෙන් එලියට ඇවිල්ලා හෝසොක් දිහා බලලා ඔලුව වැනුවා. තමන්ගේ ඉස්සරහින් යන කොල්ලා දිහා බලලා හූල්ලපු හෝසොක් එයාගේ ලගේජ් එකත් ඇදගෙන ජන්ග්ගුක්ගේ පස්සෙන් දිව්වේ ජන්ග්ගුක් යන තැනක් නොදැන හිටියත් වේගෙන් ගිය හන්දා.

හෝසොක් ජන්ග්ගුක් දෙන්නම එයාගේ නවාතැනට ආවට පස්සේ හෝසොක් වටේම ඇවිදලා එයාලට දීලා තියන පහසුකම් මොනවද, නැති පහසුකම් මොනවද කියලා බැලුවා. ඒත් ගෙවන ගාණට ප්‍රමාණවත් දෙයක් හම්බෙලා කියල තේරුනට පස්සේ හෝසොක් ඇදුම් අස් කරන එක පැත්තකට දාලා ටීවී එක ඉස්සරහා තිබ්බ පුටුවෙන් වාඩි උනා.

L'amour • TaekookWhere stories live. Discover now