වී කියන නම ඇහුනත් ගොඩක් අය බයෙන් වෙව්ලන්නේ ඒ ලස්සන, කඩවසම්, අහංකාර චරිතය ඇතුලේ ඉන්න යක්ශයා කවුද කියලා හරියටම දන්න අය විතරයි හැමෝම කතා උනත් වී කියන කෙනාගේ ඇත්තම ස්වරූපය කවුරුත් දැක්කේ නෑ.
වයස අවුරුදු අටේ දි තමන්ගේ ගෙදරින් එලියට ආව වී ව, පාරෙදි එක මනුස්සයෙක් හොයා ගන්නවා. එදා බඩගින්නේ, ඉන්න තැනක් නැතුව හිටපු වී ට කන දෙයක් එක්ක වැටිලා ඉන්න වහලයක් දුන්න කෙනාව එයා ජීවත් වෙනකන් අමතක කරන්නේ නෑ කියලා පොඩි වයසෙදිම සපත කරගත්ත වී, තමන්ව බේරගත්ත ඒ අල්පෝන්සු කියන චරිතය එකතරා කාලයක් හිතෙන් ඇදහෙව්වා.
ඒත් වයසට යනවත් එක්කම තමන්ගේ අරමුණු, අල්පෝන්සුගේ අරමුණු වගේම ඔරකල් සංවිධානයේ අරමුණුත් පරස්පර විරෝධී කියලා තේරුන වී කාලයත් යනවත් එක්කම අල්පෝන්සුගෙන් වෙන් වෙලා වෙනම ජීවිතයක් ගත කරනවා. ඒත් එයාගේ නම වත්, එයා හැමෝම ඉස්සරහ පෙන්නන්න චරිතයවත් කිසිම විදිහකට වෙනස් උනේ නෑ.
උපත් නම තේහ්‍යොන්ග් කිම් උනාට ඒ නම මේ ක්ශ්‍රේත්‍රයේ කිසිම කෙනෙක් දැනගෙන හිටියේ නෑ. හැමෝම එයාට වී නමින් අමතනකොට, වීගේ තියන සමහර ගති ලක්ශන හා කඩවසම් බව නිසා සමහර පුද්ගලයින් එයාව ඇමතුවේ අහංකාර මොණරා වශයෙන්.
නිව් යෝක් නගරයම තේහ්‍යොන්ග් එයාගේ බල ප්‍රදේශය කරගෙන තිබ්බා. ඒ නිසා නිව් යෝක් වල පාලු පාරවල් දිගේ ඇවිදින්න තේහ්‍යොන්ග් බය උනේ නෑ. තේහ්‍යොන්ග් ගැන දන්න කෙනෙක් කවදාවත් තේහ්‍යොන්ග්ට කරදරයක් කරන්න පෙළඹුනෙත් නෑ.
තමන්ගේ අත් දෙකම හූඩි පොකට් එක ඇතුලට දාගත්ත තේහ්‍යොන්ග් හූඩි කැප් එකෙන් මුලු මූණම වහගෙන හිටියා. බැලූ බැල්මට තේහ්‍යොන්ග් කිසි දේකට අවධානය දෙන්නේ නැතුව ගමන් කරනවා වගේ උනත් තේහ්යොන්ග්ගේ ඇස්, කන්, නාසය හොද අවධානයකින් හිටියා. පටු පාළු වීදී දිගේ ඇවිදගෙන් ගිය තේහ්‍යොන්ග් හරස් වීදියක් පහු කරන්න යද්දිම හරස් වීදියේ බිම වැටීලා ඉන්න මනුස්සයෙක් දැකලා එයාගේ ඉස්සරහට දුවගෙන ආවා.
"ම..ට උ...ද..ව්.... ක....ර...න්...න."
හැගීම් වලට ඉඩ දුන්නේ නැති තේහ්‍යොන්ග් වටපිට බැලුවේ මේක කාගේ හරි උගුලක්ද කියලා බලන්න. ඒත් සැක සහිත දෙයක් නැති වෙද්දි තේහ්‍යොන්ග් බිම හිටපු මනුස්සයා ලගට පහත් වෙලා ඒ මනුස්සයා කියන දේ තේරුම් ගන්න උත්සහ කරා.
YOU ARE READING
L'amour • Taekook
Fanfictionතමන්ගේ මාමා උන හෝසොක් එක්ක ජන්ග්ගුක් නිව් යෝක් නුවර රාත්‍රී සමාජ ශාලාවකට යන්නේ ඔරකල් සංවිධානය ගැන පුවත්පත් ලිපියකට අවශ්‍ය තොරතුරු හොයන්න. ඒත් ජන්ග්ගුක් දැනගෙන හිටියේ නෑ එදා එයාගේ ගමන එයාගේ ජීවිතේ වැදගත් පිටුවක් පෙරළයි කියලා. පුවත්පත් ලිපි වලට සම්මු...