╰┈➤ ❝ [PₐrT ¹⁷] ❞

349 112 47
                                    

වැරදුන තැනකදි..

හැමදේම හරිගස්සන්න ඔයාට අවස්ථාව ලැබුනොත් ඔයා ඒක දෙපාරක් නොහිතා කරනවද?

මොන කැප කිරීම කරලා හරි? ඒක කරනවද?

JIMIN PARK

✾✾✾✾✾✾✾✾✾✾✾


"හෙලෝ...? ජිමිනා? ඔයාද මේ? " ජේඑම්ගෙ අත් මිට මෙළවුනේ අවුරුදු ගාණකට පස්සෙ හොසොක් හියුන්ග්ගෙ කටහඬ ඇහෙනකොට.

අවුරුදු ගාණකට කලින් අප්පා නැති වෙද්දි ජේඑම් ඒකටවත් නොයා ඉන්නකොට හොසොක් එයා හොයාගෙන ඇවිත් කම්මුලට ගහලා අප්පා එයා වෙනුවෙන් කරපු කැපකිරීම් මතක් කලා.එයා එදා කිව්ව වචන ජේඑම්ට අදටත් මතක තිබුනා.

' පුලුවන් වුනා නම් අතීතයට යන්න මම උබව USA ගේන්න කීයටවත් ඉඩ දෙන්නෙ නෑ ජිමින්. කවදාවත්ම නෑ! උබ වගේ යක්ෂයෙක් එහෙනම් මේ ලෝකෙ පාලනය කරන්න ගන්නෙ නෑ.. අප්පා අන්තිම මැරෙන වෙලාවෙත් තමුන්ව මෙහෙ ගෙනාව එකට පසුතැවුනා. මතක තියාගන්නවා. අද ඉඳන් ඔම්මා අප්පා හියුන්ග් නෑ කියලා..! '

හොසොක් එදා කඳුළු පුරවන් කෑ ගැහුවෙ එහෙම. ඒත් ජේඑම්ට මොකුත් දැනුනෙ නැහැ.. එයාට ඒකෙ වටිනාකමක් තිබුනේ නැහැ. ඒත් ජිමින් නම් කෑ ගගහා අඬලා ජේඑම් එක්ක කතා කරන එකත් නවත්තලා දැම්මා ජේඑම්ට හොඳට මතකයි. එදා ජිමින් එළියට එන්න හොඳටම දැඟලුවා.. ඒත් එයා ඒකට ඉඩ දුන්නෙ නෑ.. අද....?

"ජිමින් තමුන් අහගෙන ඉන්නෙ කියලා දන්නවා.. මට කතාවක් නෑ තමුන් එක්ක. ඒත් ඔ..ම්මාහ්..... උරි ඔම්මා..."

හොසොක්ගෙ අන්තිමට බිඳිලා ගිය කටහඬත් එක්ක ලොකු හුස්මක් ගන්න හැටි ජේඑම්ට ඇහෙද්දි එයාව බෙඩ් එකෙන් නැගිට්ටුනා..

" මොහ්? මොකද්ද ඔම්මා ගැන..? "

ජේඑම් ඇහුවෙ කලබලෙන්. එයා දැනන් හිටියත් ඔම්මා අවුරුදු ගාණකට කලින් හොස්පිට්ල් හිටියා කියලා ඊට පස්සෙ එයා හොයන එක නතර කලේ හොසොක් හියුන්ග් ඔම්මා ගැන බලන නිසා. ඇරත් ඔම්මා දැක්කාම ජිමින් එළියට එන්න කරදර කරන නිසා එයාට පාලනය කර ගන්න අමාරුයි. ඒ නිසා එයා ඔම්මා ගැන හොයන එක නතර කරලා දැම්මා. ඒත් ජේඑම්ට දැන් හොසොක් හියුන්ග් දුකින් ඔම්මා කියද්දි මොකද්ද වුනේ කියලා දැන ගන්න ඕනි වුනා.

BE MY BABY  [▪︎COMPLETED▪︎]Where stories live. Discover now