╰┈➤ ❝ [PₐrT ₀⁸] ❞

480 133 45
                                    

යථාර්ථය...

ජීවත් වෙන එක අමාරුයි යථාර්ථයෙ.හැමදේම ෆැන්ටසි ලෝකයක මවාගෙන ජීවත් වෙන එක ලේසියි.

ඒත් ෆැන්ටසිය ඇත්ත කරන එක ඊටත් වඩා අමාරුයි.....

සමහරවිට දැන් හිතෙනවා........
ෆැන්ටසිය මැව්වෙ නැත්නම්...
හීනය යථාර්ථය කලේ නැත්තම් කියලා..

JIMIN PARK

✾✾✾✾✾✾✾✾✾✾✾


24 - 08 - 2056

"ඩොක්ටර් අනේ මගෙ පුතාට කොහොමද? ප්ලීස් කියන්න එයා හොඳින් නේද? "

මිසිස් පාක් ඉමජන්සි වෝඩ් එක ඉස්සරහ එහාට මෙහාට ඇවිදින ගමන් ඉඳලා තියටර් එකෙන් එළියට එන ඩොක්ටර් ගාවට ගියෙ අඬාගෙන.ඒ එක්කම මිස්ටර් පාක් වගේම හොසොක් එතනට දුවන් ගියා.

"සමාවෙන්න අපි උපරිමය කලා ඒත් එයාම ජීවත් වෙන එක අතෑරලා තියෙන්නෙ... සමාවෙන්න..."

ඩොක්ටර් එයාලට ආචාර කරන ගමන් කියද්දි මිස්ටර් පාක් එයාගෙ පපුව අල්ල ගත්තෙ එයා හදවත් රෝගියෙක් වුන නිසා.හොසොක් සිහියකින් නැති වුනත් අප්පාව අල්ල ගත්තෙ එයා වැටෙන්න ගිය නිසා..

"ඩොක්ටර්.. නර්ස් මොනවා හරි කරන්න..!"

මිසිස් පාක් බිම ඉඳගත්ත නිසා දෙපැත්තම බලන ගමන් හොසොක් කෑ ගහද්දි එයාලා ගාවට නර්ස්ලා දුවන් ආවා..

"ඩොක්ටර්..! ඩොක්ටර් පේෂන්ට්......! "

එක්කම තියටර් එකෙන් දුවන් ආව නර්ස් කෙනෙක් කෑ ගහද්දි මිසිස් පාක්ලා මුණගැහුන වෛද්‍යවරයා ආයෙත් එයා එක්කම ඇතුළට දුවලා ගියා...

"මොකද්ද වුනේ නර්ස් කොහොමද එයාගෙ රිපෝට්ස් හොඳ අතට හැරෙන්නෙ? එයාමයි ජිවිතේ අතෑරලා දැම්මෙ..ඒම එකේ..? "

"දන්නෙ නෑ ඩොක්ටර් ඒත් හැමදේම නෝමල් අතට හැරෙනවා...දැන් එයාගෙ සිටුවේශන් එක නෝමල්.."

නර්ස් ස්ක්‍රීන් එක පරික්ෂා කරන ගමන් කියද්දි ඩොක්ටර් ජිමින් දිහා බලන් හිටියෙ.අනිත් ඩොක්ට්ර්ස්ලට වුනත් පුදුමෙන් හිටියා වගේ පෙනුනා.

"අපි කෝකටත් තව ටික වෙලාවක් බලමු.අවදානම් කලාපයෙන් සම්පූර්ණයෙන්ම බැහැර වෙලා කියන්න බැහැනේ.." ඩොක්ටර් කෙනෙක් කියද්දි අනිත් අයත් ඒක අනුමත කලා..

BE MY BABY  [▪︎COMPLETED▪︎]Donde viven las historias. Descúbrelo ahora