මිනිස්සු කියනවා..
හේතුවක් තියෙන ආදර කතා හේතුව නැති වෙලා ගියොත් ඉවර වෙනවා කියලා....
හැබැයි..මම කියනවා..
හේතු විරහිතව පටන් ගන්න ආදර කතා අහේතුකවම ඉවර වෙනවා කියලා..
JIMIN PARK
✾✾✾✾✾✾✾✾✾✾✾
01 - 10 - 2064"USA... අන්තිමට මම ඔයාව හොයාගෙන මෙහෙ ඇවිත් සති දෙකක් ගිහින් ජිමින් හියුන්ග්.."
ජන්කුක් බර හුස්මක් අතාරින ගමන් අතේ තිබුන ජිමින්ගෙ ෆොටෝ එක ආයෙමත් නයිට් ස්ටෑන්ඩ් එක උඩින් තිබ්බා. එයා ඇඳේ ඇල වුනත් එයාගෙ ඇස් තිබුනෙ ටේබල් ලෑම්ප් එකේ කහ පාට එළියට පෙනුන ජිමින් ෆොටෝ එකේ.
ඇමරිකා වල උස ලයිට්ස් වලින් පිරුණ ගොඩනැගිලි එක්ක රෑට දවල්ටත් වඩා එළියක් තිබුනේ.ජන්කුක්ට එදා ටේ එයා දන්න විදිහට ජිමින් ඉන්නෙ ඇමරිකාවෙ කියලා කිව්වත් මෙච්චර ලොකු රටක ජිමින්ව හොයනවා කියන්නෙම හීනයක් වගේ. ටේ දැනන් හිටියෙ එකම දේ ජිමින් මෙහෙ යුනිවර්සිටි කීපයකම ඩිග්රි කම්ප්ලීට් කරලා තියනවා කියලා. ඒවා සයන්ස් සම්බන්ධ ඒවා කියලා දැනගත්තාම ජිමින් ඇයි එච්චර සයන්ස් ඇන්ඩ් ටෙක්නොලජි එක ගැන ඉගෙන ගන්නෙ කියලා එයාලට හිතා ගන්න බැරි වුනා.
ඉස්සර මියුසික් ඩාන්සින් පැත්තට ලොකු කැමැත්තක් පෙන්නුව කෙනෙක් ඒ සේරම අතෑරලාදානවා කියන්නෙම ලොකු වෙනසක්.
"ඔයා කොහෙද ජිමිනා.."
ජන්කුක් අන්තිමට නින්දට වැටෙනකොටත් එයාගෙ හිතේ මිමිණුවෙ ඔය වචන ටික විතරයි..
"ජන්කුකා... ඇහැරෙනවා මිනිහෝ.. තමුන්ගෙ ජිමිනි ඉන්න තැන මම හොයා ගත්ත.. ඇහැරෙනවාහ්..! "
පහුවදා උදේ ජන්කුක් උඩ ගිහින් ඇහැරුණේ රූම් එකට යන්තම් ග්ලාස් වෝල් එකෙන් ඉර එළියට වැටෙද්දි ඇහුන ටේගෙ බෙරිහන් දීමට. එයාලා නැවතිලා හිටියෙ ජන්කුක්ගෙ අප්පට අයිති අපටාමන්ට් එකක.ටේ ආයෙ මාසෙකින් දෙකකින් ආයෙත් කොරියා යන්න බලාගෙන ආවත් ජන්කුක් ජිමින්ව හොයාගෙන මිසක් යන්නෙ නෑ කියලා දැඩි තීරණයක හිටියෙ.