මං කවුද....?
මං දන්නෙ නැහැ මං කවුද..?
කෙනෙක්ට පුළුවන්ද මාව තේරුම් ගන්න?
මං දන්නෙ නැති භාෂාවක පොතක් වගේ...ඔයා ඒ භාෂාව ඉගෙන ගත්තොත්,
ඔයාට මාව කියවන්න පුළුවන්..!JIMIN PARK
✾✾✾✾✾✾✾✾✾✾✾
02 - 12 - 2055
ජිමින් එදා ගෙදර ගියේ හදවත කෑලි වලට කැඩිලා ගිය වේදනාවෙන්.එයාට සේරම දේවල් කඩන් වැටුනා වගේ දැනුනා.එයා දැකපු හැම හීනයකම ජන්කුකී ජිවත් වුනා.එතනින් එහාට එයා දැක්කෙ නැහැ ජීවිතයක්.එයාට ඕනි වුනේ ඒ එයා ඉස්සරහ විතරක් හුරතල් වුන හා පැටියා එයාගෙ ලඟින් තියා ගන්න.ලෝකයට හොරෙන් ලෝබකමින් හංගලා.
ජිමින් එයාගෙ ස්කූල් බෑග් එක බිම අද්දවමින් එයාගෙ රූම් එකට යන්න ආවේ ගොඩක් රෑ වෙලා..එයා ගොඩක් වෙලා ග්රවුන්ඩ් එකේ තණකොල උඩ ඔහේ ඉඳන් හිටියා වගේම එයා ටිකක් වෙලා තනියම කෑ ගහලා ඇඬුවා.ඒ නිසාම එයා ගෙදරට එද්දි රැ වුනා..
"ස'ප්රායිස්....."
එයා ගෙදරට එද්දිම එක එක තැන්වල හැංගිලා හිටිය එයාගෙ ඔම්මා අප්පා වගේම හියුන්ග් එයා ඉස්සරහට පැන්නෙ ගැඹුරු කල්පනාවක ගිලිලා හිටිය එයාව ගැස්සිලා යද්දි.
එයාගෙ හියුන්ග් හොසොක් අතේ ජිමින් ආසම චොක්ලට් කේක් එකක ' Happy Birthday Little One ' කියලා හරිම විකාර විදිහට ඩෙකොරේට් කරලා තිබ්බා.ඒක දැක්ක ගමන් කිව්වෑකි ඒක හියුන්ග්ගෙ වැඩක් කියලා.
ජිමින් ඒක දැක්කත් තොල් වලට හිනාවක් ගත්තෙ ආයාසයෙන්.එයා එයාගෙ තුවාල වුන අත පිරිපස්සට කරන් කඳුළු පිරුණ ඇස් වලින් එයාලා දිහා බලද්දි හැමෝම හිතුවෙ ජිමින් එයාගෙ පුංචි ස'ප්රයිස් එක නිසා ඉමෝෂනල් වෙලා කියලා.
"හි හි හි යුන්ග්.. ඔම් මා මා..... අ අ අ ප්පා....කු කු කු.මා..වෝ..කුමාවො කුමාවෝ.."
ජිමින් ගොත ගගහා කියද්දි මිසිස් පාක් එයාව තුරුළු කරන් නළලින් හාදුවක් තිබ්බා.
"හැපි බර්ත්ඩේ මගෙ ජිමිනී..ගිහින් වොෂ් දාගෙන ඉක්මනට එන්න අපි කේක් කපලා ඩිනර් අවුට් එකකට යමු.."