ඩෙගුවල ගත කරපු දවස්වල ඉස්කෝලෙ යන්න ඔින නිසාවෙන් උදේ පාන්දරම නැඟිටපු පුරුද්දටම යුන්හා අදත් කුකුළත් අතේ තියාගෙනම එයාගේ මෝර්නින් කොෆි එක හදාගන්න කිම් ගෙදර කිචන් එකට ආවේ, සීතල ශවර් එකකට පස්සෙයි. ඒත් තවමත් පාන්දර පහටත් නැති ඒ වෙලාවේ කිම් කිචන් එකේ ලයිට් බල්බ් එක ගෙදර සාලෙටත් පේන්න දිලිසුණේ, යුන්හාට තවත් කවුරුහරි උදේන්ම නැඟිටලා කියලා අඟවන්න වගේ.
"ගුඩ් මෝර්නිග් යුන්ගීශී---"
කුස්සියට ඇතුළුවෙද්දිම කොෆි එකකුත් අතේ තියාගෙන කිචන් කවුන්ටර් එකට හේත්තුවෙලා, ෆෝන් එකට එබීගෙන ඉන්න යුන්ගිව දැක්කාම යුන්හා ඒ විදිහට කොල්ලාට ආචාර කලා. ඉතින් පොඩි නොඩ් එකකින් විතරක් යුන්හාටත් ඒ විදිහටම ආචාර කරපු යුන්ගි, ආයෙමත් එයාගේ ෆෝන් එකට අවධානෙ දෙන්න තත්ත්පරයක්වත් වෙලාව නාස්ති කලේ නැහැ.
"ඔයාට ඔිනෙ නම් මං ඔික වැඩ කරන හැටි කියලා දෙන්නම්....."
ඒත් විනාඩි ගාණක් තිස්සෙ බෙල්ලත් අතගාන ගමන් උදේට බොන්න කෝපි එකක් හදාගන්න බැරුව කිම් ගෙදර තිබුණු ඉලෙක්ට්‍රොනික් කොෆි මැෂින් එක දිහා අපහසුවෙන් බලාගෙන ඉන්න යුන්හාගේ සිතැඟි තේරුම්ගන්න යුන්ගිට මහ වෙලාවක් ගියේ නැහැ.
මොකද ඉතින් යුන්හා හිටපු ගමේ හරි හමන් බස් එකක් තියා තාර පාරක්වත් නැතිකොට, කෙල්ලට කොෆි මැෂින් එකක් කියන්නෙත් අළුත් දෙයක් කියලා යුන්හා මැෂින් එක දිහා බලාගෙන හිටපු විදිහටම යුන්ගිට තේරුණා.
"කොෆි එක බොන්න කැමැති මොන විදිහටද??"
කෝපි කුඩු ටිකක් ස්ටෑම්ප් කරන ගමන් යුන්ගි කොෆි මැෂින් එකත් හෙමිහිට ප්ලග් කලා.
YOU ARE READING
Wedding and Funeral ‖ MYG [12]
Fanfiction"තනිවීම ප්‍රේමයක් කිව්වට, මිනිස්සු ප්‍රේම කලේ තනිවෙන්න නෙවෙයි. හැම හමුවීමකම වෙන්වීමක් ලියැවිලා තියෙනවා කිව්වට, මිනිස්සු මුණගැහුණේ වෙන්වෙන්න බලාගෙනත් නෙවෙයි. මේක හරි අසාධාරණ ලෝකයක්. මිනිස්සු මුණගස්සලා - වෙන් කරවන" Wedding and Funeral © 2023 May @Yawa...