මින්ජිත් එක්ක සිද්ධවුණු රණ්ඩුවට පස්සේ යුන්ගි කෙලින්ම ඇවිත් නැවතුණේ සෝල් වීදි කොණේ තිබුණූ වින්ග්ස් ක්ලබ් එකේ බාර් එකෙයි.
ඉතින් ඒ වෙද්දිත් එකපෙළට විස්කි වීදුරු හයක්ම ඉවර කරලා තිබුණු පසුබිමක, ආයෙමත් තමන්ගේ හිස් වීදුරුව පුරවන්න කියලා බාර් එකේ හිටපු කොල්ලා එක්ක හොඳ අඩව්වක් අල්ලන්නත් යුන්ගි දෙපාරක් හිතුවෙ නැහැ. මොකද ඒ වෙනකොටත් යුන්ගිගේ පියවි සිහිය, එයාගෙන් සෑහෙන දුරකට ගිහිනුයි තිබුණු නිසයි.
"උඔට ආයෙ වතාවක් කියන්න තියන්න එපා කොල්ලෝ..... මගේ ග්ලාස් එක ඉක්මණටම ආයෙ පුරවපන්...."
සාක්කුවේ තිබුණූ තමන්ගේ බ්ලැක් කාඩ් එක බාර් එකේ ඒ කොල්ලාගේ මූණටම දමලා ගහපු යුන්ගි හැසිරුණේ හරිම මුරණ්ඩු විදිහට. ඒත් දැනටමත් ලිමිට් එක පාස් කරලා හිටපු යුන්ගිට ඇල්කොහොල් දෙන්න ඒ තරුණයා හුඟක් බයවුණා. ඉතින් ඒ වගේ පසුබිමකදි තමයි යුන්ගිගේ ෆෝන් එකත් එක දිගටම රින්ග් වෙන්න ගත්තේ.
"මොන හු----"
"කොහෙද මනුස්සයෝ ඔහේ ගිහින් ඉන්නේ????"
ලයින් එක එහාපැත්තෙන් සොක්ජින්ගේ කෑගැහිල්ල ඇහෙනවාත් එක්කම යුන්ගි එයාගේ අළුත් වුණු විස්කි වීදුරුව එක හුස්මට ඉවර කරලා දැම්මා.
"ආයෙත් මෙහෙ ආපු ගමන්ම ක්ලබ් අස්සෙ රිංගන්න පුරුදු වුණාද යුන්ගී ආහ්හහ්හ???"
මීට අවුරුදු ගාණකට කලින් සොක්ජින්ගෙන් ලැබුණු අවවාද තැටිය ආයෙමත් ප්ලේවෙන්න කලියෙන් යුන්ගි අඩ සිහියෙන්ම කෝල් එක කට් කරන්නයි ගියේ. ඒත්,
"යුන්හාත් ඔහෙත් එක්කමද ඔතන ඉන්නේ??? බලනවා දැන් රෑ එකොළහටත් ළඟයි.... තමුසෙ ඒ අහිංසකීවත් ක්ලබ් අස්සට පුරුදු කරන්නද හදන්නේ ආහ්??"
BINABASA MO ANG
Wedding and Funeral ‖ MYG [12]
Fanfiction"තනිවීම ප්‍රේමයක් කිව්වට, මිනිස්සු ප්‍රේම කලේ තනිවෙන්න නෙවෙයි. හැම හමුවීමකම වෙන්වීමක් ලියැවිලා තියෙනවා කිව්වට, මිනිස්සු මුණගැහුණේ වෙන්වෙන්න බලාගෙනත් නෙවෙයි. මේක හරි අසාධාරණ ලෝකයක්. මිනිස්සු මුණගස්සලා - වෙන් කරවන" Wedding and Funeral © 2023 May @Yawa...