ඩෙගු ටවුන් එක පේනමානයක්වත් නැති ඈතක ඉදන් කොටන බස් එකේ ඉස්සරහම සීට් එකේ උන්නු යුන්හා, තවමත් එයාගේ පරණ මතක එක්ක ලොකු සටනක. හැම තත්ත්පරයකට සැරයක්ම වාතයට මුසුවුණු කෙල්ලගේ සුසුමන්වලින් පවා, ඒ හිතේ හිරවෙලා තියෙන වේදනාව ඔිනම කෙනෙක්ට තේරෙන්න ඇති.
"මිස්---?"
ඒත් ඒ ගැන කිසිම හෝඩුවාවක් නොතිබුණු යුන්ගි දැන් සෑහෙන වෙලාවක් තිස්සේ බස් එක පුරාම තිබුණු ඝණ නිහැඬියාවට තිත තියන්න තීරණය කලේ, එයාට මේ වෙනකොටත් බස් එකේ ඉඳගෙන ඉඳලම එපාවෙලා තිබුණු නිසයි.
"මිස්?? එක්ස්කියුස් මී මීස්??? හේයි-- මං ඔයාටයි කතා කරන්නේ--- යාහ්--"
තමන්ගේ කටහඬටවත් කිසිම ප්රතිචාරයක් නැතුව ජනේලෙන් ඈත පේන කුඔුරු යයාවල් දිහා බලාගෙන සුසුම් හෙලන යුන්හාගේ අවදානෙ තමන්ට ගන්න, අනවසරයෙන් වුණත් අන්තිමේදි යුන්ගිට ඇගේ සියුමැලි අතට පොඩි තට්ටුවක් දාන්නත් සිද්ධවුණා.
"ආහ් සමාවෙන්න---- ම-ම-මට ද කතා කලේ??"
තමන්ටත් නොදන්නවා ඒ ඇස් අඟට ඇවිත් තිබුණු පුංචි කඳුළු පටලයත් හෙමිහිට පිහිදාන ගමන් අන්තිමේදි යුන්හා එයාගේ වෙව්ලන කටහඬ අවධි කලා.
"ටවුමට තව දුර යන්න තියෙනවද???"
යුන්හා දිහා වගේම තමන්ගේ අතේ තියෙන ඔරලෝසුව දිහාත් මාරුවෙන් මාරුවට බලන අතරෙම යුන්ගි කෙල්ලගෙන් ප්රශ්න කලා.
යුන්ගිගේ ඒ ප්රශ්නෙත් එක්කම ජනේලෙන් එළියට ඔළුව දාපු යුන්හා, එයාගේ ඇස්වලට පේන දේවල් මොනවද කියලා හොයනගමන් යුන්ගිගේ ප්රශ්නෙට උත්තර හෙව්වා.
ESTÁS LEYENDO
Wedding and Funeral ‖ MYG [12]
Fanfic"තනිවීම ප්රේමයක් කිව්වට, මිනිස්සු ප්රේම කලේ තනිවෙන්න නෙවෙයි. හැම හමුවීමකම වෙන්වීමක් ලියැවිලා තියෙනවා කිව්වට, මිනිස්සු මුණගැහුණේ වෙන්වෙන්න බලාගෙනත් නෙවෙයි. මේක හරි අසාධාරණ ලෝකයක්. මිනිස්සු මුණගස්සලා - වෙන් කරවන" Wedding and Funeral © 2023 May @Yawa...