𝙿𝙰𝚁𝚃 03

102 22 34
                                    

වේගෙන් ගේට්ටුව ඇතුලට ආපු සුදු පැහැති බෙන්ස් එක මහා සද්දයක් නගමින් නැවතුනෙ උඩු මහලේ සුව නින්දක හිටපු තරැණියව ඇහැරවලා. විශාල ශබ්දය නිසා තමන්ගෙ නින්ද කැඩුනු එකට හිතින් දෙස් දෙවොල් තිබ්බ තරැණිය සුවිසල් කාමරේ බිත්තියක ගහලා තිබුන ඔරලෝසුව දිහා බැලුවා. පාන්දර 2.15 කියලා වෙලාව සටහන් වෙලා තිබුන ඔරලෝසුව දැක්කාම තරැණියගෙ ඇස් නලලට ගියා. ඇදගෙන හිටපු පිජාමා එක උඩින් සීතලට අදින කොට් එක ඇදගෙන කාමරේ දොරත් ඇරගෙන ඉක්මනින් පඩි පෙල බැහැගෙන ආපු තරැණිය එතනම නතර උනේ සුවිසල් living room එකට එන්න තිබුනු ගෙදර ප්‍රධාන දොර පයින් පාරක් ගහලා ඇරගෙන ආපු ජන්කුක්ව දැකලා.

අත් වල නහර ඉලිප්පෙන තරමට අත් මිටි මොලවගෙන වේගෙන් හුස්ම ගමන් හිටපු ජන්කුක්ගේ තද නිල් පාට ඇස් කෙන්තියට දිලිසුනා. තරැණියට තෙරැනෙ නෑ ජන්කුක්ට මොකක්ද උනේ කියලා. එත් එක්කම තරැණිය පියවී සිහියට ආවෙ ජන්කුක්ගෙ පිටි පස්සෙන් ආපු කෙනා සෝෆා එකට වැටිලා හාන්සි වෙලා තමන්ට කතා කරපු නිසා.

"හයුනා, මට වතුර වීදුරැවක් ගෙන්න"
එත් එක්කම ජිහයුන් මුලුතැන්ගෙට ගියේ යුන්ගී ඉල්ලපු වතුර වීදුරැව අරගෙන එන්න.

අරගෙන ආපු වතුර වීදුරැව යුන්ගීට දෙන්න කලින් ඒක ජිහුන්ගෙ අතින් අත ඇරැනෙ living room එක මැද වෙන දේ දැකලා.

යුන්ගීගෙ ඇඟ උඩ නැගලා හිටිය ජන්කුක් තමන්ගෙ අත් දෙකෙන්ම යුන්ගීගෙ බෙල්ල මිරිකගෙන හිටියෙ යුන්ගීට හෙල්ලෙන්නවත් බැරි වෙද්දි. ජන්කුක්ගෙ කෙන්තියට නහර පිරැණු අත් දෙක තමන්ගෙ අත් වලින් තද කරලා ඇත් කරන්න හැදුවත් යුන්ගීට ජන්කුක්ගෙ අත්වල ග්‍රහනය ටිකක්වත් බුරැල් කරන්න බැරි උනා. කකුල් ගස ගස ජන්කුක්ගෙන් බේරෙන්න දඟලන යුන්ගීට අඩුම තරමෙ කෑගහා ගන්නවත් බෑ.

"උබ මෝඩයෙක් යකෝ...! උබ මෝඩයෙක්"
මුලු living room එකම දෙදරිලා යන්න ජන්කුක් කෑගහද්දි එලියෙන් හිටපු යොන්ජුන්, ජේ වගේම හෙසුන් කඩාගෙන බිඳගෙන ඇතුලට ආවෙ ඒ හඩේ බයානක කම නිසයි.

හුස්ම හිර වෙමින් හිටපු යුන්ගීගෙ කමුලට පුපුරන්න තරම් හයියෙන් පහරක් ගහපු ජන්කුක් නැගිටලා යුන්ගීගෙ බඩට පාරක් ගැහුවෙ යුන්ගී විසි වෙලා යද්දි. එත් එක්කම දුවලා ගිය ජිහයුන් යුන්ගී අමාරැවෙන් උස්සලා තමන්ගෙ පපුවට තුරැලු කරගත්තෙ ඒක දිගටම කඳුලු පිරැණු ඇස් වලින් අඬ අඬ යුන්ගීගෙ පිට අත ගාද්දි. අමුරැවෙන් හුස්ම ගන්න ගමන් කැහැ කැහැ යුන්ගී ජිහයුන්ගෙ පපුවට තුරැලු උනේ මේ උනු කිසි දෙයක හරි හමන් තේරැමකවත් යුන්ගීට තේරැනෙ නැති වෙනකොට. යුන්ගී හිටියෙ සිහියත් අසීහියත් අතරේ. අමාරැවෙන් හුස්ම උඩට ඇද ඇද හුස්ම ගන්න දඟලන යුන්ගී දිහා කෑගගහා ජිහයුන් ඇඩුවෙ යොන්ජුන් වතුර ජොග්ගුවක් ගෙනත් යුන්ගීගෙ මුණ තවද්දි.

 𝐑𝐄𝐕𝐄𝐍𝐆𝐄 [복수]Where stories live. Discover now