(A/N :- මේ කතාව කියවද්දි අනිවාර්යයෙන් මේ උඩ තියෙන Music එක අහන ගමන් කියවන්න. Full music එකම අහලා ඉවර වෙලා කියවනවා නම් ගොඩාක් හොදයි...අනිවාර්යයෙන් අහලා ඉන්න..)
_____________________________________________________ඔහු මින් යූන්ගි.තාමත් හයි ස්කූල් යන කොල්ලෙක්.පොහොසත් පවුලක එකම ලමයා උනත් ඔහුට ඒ ජීවිතේ නිදහසක් තිබ්බෙම නැති තරම්.නිතරම සල්ලි විතරක් ජීවිතේ කරගෙන හිටපු ඔහුගේ දෙමාපියන් ඔහු ගැන අවදානය යොමු කලේ කලාතුරකින්. දෙමාපියන්ගේ සෙනෙහස නොලැබ ජීවත් උනු ඔහුට හැමදේම උනේ සංගීතය. ඒ නිසාම ඔහුගේ ජීවිතේ සංගීතයට ලොකූ තැනක් වෙන්වෙලා තිබ්බා.එය ඔහුගේ විඩාබර තනිකම පිරිච්ච ජීවිතේට ලොකු සහනයක් උනා .
සවස පුහුණුවීම් අවසන් වී නිවසට යමින් සිටි ඔහු මහන්සි නිසාම ලගම තිබුන පාක් එකට ගියේ එතන තිබ්බ නිදහස් පරිසරය මොහොතකට විදින්න හිතාගෙන.
Yoongi pov
අද නම් ගොඩාක් මහන්සි නිසා මං පොඩ්ඩක් පාක් එක පැත්තට ගියේ පොඩ්ඩක් නිදහසේ ඉන්න හිතාගෙන.හන් ගගට කිට්ටුවෙන්ම තිබ්බ හිස් බෙන්ච් එකකින් වාඩි උනේ නිදහසේ ගලාගෙන යන ගග එතනට ලස්සන පේන නිසයි.පිටේ දාගෙන හිටපු ගිටාර් එකත් ලගින්ම තියාගෙන මං එතන වාඩි උනේ වටපිටාවේ ලස්සන බලන ගමන්.ඉර බැහගෙන යන වෙලාව නිසා ගලාගෙන යන ගග මතුපිටින් තැනින් තැන මැණික් කැට වගේ දිලිසෙනවා.අහස තැඹිලි පාටට හුරු කහ පාටකට හැරිලා තිබුන නිසා මුලු පරිසරයටම අමුතු ලස්සනක් එකතු වෙලා තිබ්බා.අහසේ රන්චු පිටින් පියාබන කුරුල්ලො දිහා දැක්කම මටත් ඕන උනේ මේ ජීවිතෙන් මිදිලා කුරුල්ලෙක් වගේ නිදහසේ අහස පුරාම පියාබන්න.
" මටත් කුරුල්ලෙක් වෙන්න තිබ්බනම්.."
ඒ දිහා බලාගෙනම දිග හුස්මක් ඇරිය මං මගේ ඇස් දෙක පියාගත්තේ සීතල මද සුලගක් හමාගෙන ඇවිත් මගේ ඇගේ වදිද්දි..
මහන්සියටත් එක්කම මටම නොදැන එතනදි නින්ද ගිහින්.මට ඇහැරෙන කොට ගොඩක් රෑ වෙලා තිබ්බා.අහසේ තනිය මකන්න ලස්සනට හද පායලා මුලු පරිසරයම හද එලියෙන් එලියවෙලා අමුතු ලස්සනකට හැරිලා.සීතල සුලග , ලස්සන හද , හද වටේටම දිලිසෙන තරු මේ දේවල් ප්‍රතිබිම්බයක් වගේ ගලාගෙන යන ගග උඩට වැටිලා තියෙනවා මං බලාගෙන හිටියේ මගේ ලෝකේ තනිවෙලා..
ඒත් ,
එකපාරටම මට ඇහුනේ ලස්සන කටහඩක්. දුරින් ඇහුනත් ඒ කටහඩ හරිම මිහිරියි. හරියට භාවනාවක් වගේ. මට ඕන උනේ ඒක දිගටම අහන් ඉන්න.ඒත් හිතේ ඇතිවුනු කුතුහලය නිසාම මං හෙමින් සැරේ ගිටාර් එකත් අරගෙන එතනින් නැගිට්ටෙ ඒ කටහඩ ඇහෙන පැත්තට යන්න හිතාගෙන.
කටහඩ ඇසෙන පැත්තට සෙමෙන් සෙමෙන් අඩිය තියාගෙන ගිය ඔහුට එම කටහඩට ලං වෙන්න වෙන්න හිතේ තිබුන කුතුහලයත් වැඩි වෙන්න ගත්තා. සංගීතයට මෙතරම් ආදරය කරත් ඔහුට ඇයගේ කටහඩ ඇසුනු විට දැනුනේ අමුතුම හැගීමක්. කිසි දිනක ඔහුට එසේ හැගීමක් ඇති වී තිබුනේ නැත.සෙමින් සෙමින් ඉදිරියට ඇදෙමෙන් සිටි ඔහු එකවරම එක තැන නැවතුනේ ඒ කටහඩත් හිටපු හැටියේ නැවතුන නිසයි.ඒ සමගම ඒ දෙසට දුවගෙන ගියත් ඒ වනවිටත් ඇය එතැනින් පිටව ගොස් තිබුණි.
YOU ARE READING
THE SECRET VOICE ||MYG|| |✔️|
Fanfictionඔයාට මතකද ඒ දවස... මම මුලින්ම ඔයාව අහපු දවස... ඒ කට හඬ මට ඇහුණ දවස... අදටත් මම අහන්න ආසම හඬ... හැම දේටම හේතු හොයන මම... ඔයාගේ කට හඬ අහන්න හේතු හෙව්වේ නෑ... මොකද මගේ හිතම නිවුණු එකම හඬ ඒක නිසා... ...