හැමදාමත් පාසලට ආසාවෙන්
එන්න හේතුව වුණේ ඔයා
හොරැහින් නුඹ දෙස බලමින්
ගෙවන ඒ හැම මොහොතක්ම
මට වටිනවා
ඒ මගේ ආදරය හැමදාටම
මගේම වුණා
මේ අල්ලගත්ත අත
කවදාවත්ම මම අත අරින්නෙ නෑ.~ යුමී ~
කිසිම දෙයක් බලාපොරොත්තු නොවුණ
මේ ජීවිතයට ආව
deffodil මල් පොකුර නුඹයි
නුඹේ ඒ කටහඩ
ඇසෙනා විටදි
මගේ හිතම නිවෙනවා කියා
දන්නවද
වසන්තයේදි ඇද හැලෙන සකුරා මල් වැස්සේදි
අත් අල්ලාගෙන
ජීවිතය පුරාවට පිය නගමු.~ යූන්ගි ~
_____________________________________________________
හායි යාලුවනේ..
කොහොමද ඔයාලට.මුලින්ම sandee2008 නංගිට ගොඩාක් තෑංස් . එයා තමයි මට මේ නිසදැස ලියලා දුන්නේ .මං අහපු ගමන් ලියලා දුන්නට ගොඩාක් තෑංස් ඩියර්.
ඉතිං.....ඔන්න එහෙනම් මං පූෂ් ඔප්පටත් කතාවක් ගෙනාවා..ඇත්තම කිව්වොත් ඔප්පට කතාවක් ලියන කං පුදුම අමාරුවක් තිබ්බේ.ඒක ගැන කියවන දේවල් ඉතිං මගේ අසරණ වැම්පි තමයි අහන් හිටියෙ.ඉතිං කොහොම හරි කාගෙන අල්ලගෙන කතාවක් ලිව්වා..සතුටුයි ඉතිං ගොඩාරියක් .
හුම්..... යූංගි ඔප්පට කතාවක් ලියන එක හිතපු තරම් ලේසි උනේ නෑ.චූටි ඔප්පලට ලියන්න පුලුවන් උනාට ලොකු ඔප්පලට කෙල්ලෙක් එක්ක ලියන්න අමාරුයි කියලා දැනුනා..ඒත් ඉතිං ඒක ලේසියෙන් අතාරින්න හිතුනෙ නැති නිසා කොහොම හරි ලිව්වා..යූංගි ඔප්පට දෙයක් කරන්න ගත්තොත් මං කොහොමත් ඒක අතාරින්නේ නෑ..අනිත් ඔප්පලටත් එහෙමයි..ඒක මං ඉගෙන ගත්තෙත් එයාගෙන්.
දෙයක් කරන්න අමාරු උනත් අතාරින්නේ නැතුව වැරදෙන්න වැරදෙන්න හරි උත්සාහ කරන්න ඕන.
ඉතිං මං මට පුලුවන් උපරිමෙන් උත්සාහ කලා..ඒවගේම මේ මගේ තුන්වෙනි short story එක.මේ විදිහට ලියපු පලවෙනි කතාව.මීට කලින් මං කෙල්ලෙක් දාලා ලියලා නෑ.ඉතිං මේක තමයි first time .
මගේ වැඩේ සාර්ථකද කියලා නම් මං දන්නෙ නෑ..හැබැයි මං ඒක දැනෙන්න ලියන්න ගොඩාක් උත්සාහ කරා..
ඇත්තටම කිව්වොත් මේ අදහස මට අර music එක අහපු වෙලාවෙ ආපු අදහසක්..අහම්බෙන් හම්බුන යූංගි ඔප්පගේ edit එකකින් තමයි මං ඒක මුලින්ම ඇහුවේ.ඉතිං ඒකේ නම කොහොම හරි හොයාගෙන ගිහින් ඒකේ piano music එක ඇහුවා..මං piano music අහන්න ගොඩාක් ආසයි.ඒවගේම මං music වලටත් ගොඩාක් ආදරෙයි.ඉතිං ඒක අහන කොට මට හිතේ මැවුන දෙයක් තමයි මං මේකට ලිව්වේ..ඇත්තටම කිව්වොත් ඇස් දෙක වහගෙන අහන අහන හැම වෙලාවෙම මට චිත්‍රයක් වගේ මැවුනේ එකම දේයයි.ඉතිං මං කතාව ඔප්පටම ලිව්වා.
ඉතිං මේ කතාව ගැන ඔයාලට මොනවද හිතෙන්නේ...?
ඒක හොදයි ද?මුලදි ලියන කොට නම් මට සැටිස් උනේ නෑ..ලියලා ඉවර වෙලා ආයෙ කියවද්දි ඔප්පගෙ එක හරි කියල හිතුනත් යුමීගේ එක මට අයින් කරන්නත් හිතුනා.ඒත් ඒක නැතුව කතාව නිකං මොකද්ද වගේ වෙන නිසා මං පුලුවන් උපරිමෙන් යුමීගේ pov එකත් ලිව්වා..
ඔන්න එහෙනම් මං බලපු video එක.
එහෙනම් song එකත් අහලා බලන්නකෝ..
ඉතිං ඔයාලා මේකට කැමති නම් ,
Vote ,Comment කරන්න .
ඒ වගේම වැරදි තැන් තියෙනවනම් කියන්න..
මං ඔයාලට ගොඩාක් ආදරෙයි .~ ♡ I PURPLE U ♡ ~
YOU ARE READING
THE SECRET VOICE ||MYG|| |✔️|
Fanfictionඔයාට මතකද ඒ දවස... මම මුලින්ම ඔයාව අහපු දවස... ඒ කට හඬ මට ඇහුණ දවස... අදටත් මම අහන්න ආසම හඬ... හැම දේටම හේතු හොයන මම... ඔයාගේ කට හඬ අහන්න හේතු හෙව්වේ නෑ... මොකද මගේ හිතම නිවුණු එකම හඬ ඒක නිසා... ...