Yomi POV
අද තමයි අපේ මියුසික් ඩේ එක.හැමෝම ගොඩාක් උනන්දුවෙන් ඒකට ලෑස්ති වෙනවා.ඒත් මගේ ඇස් හෙව්වෙම මගේ නපුරු ඇස් දෙක..ඩේ එකට බිසි උන නිසාම ටික දවසකට මට එයාවත් මග ඇරුනේ අපි දෙන්නා වෙන වෙන දේවල් වලට ප්‍රැක්ටිස් උන නිසයි..
අන්තිමේට ඒ දවස ආවා.මට තිබ්බේ ගෲප් වයලින් පර්ෆෝමන්ස් එකක්..ඉක්මනට ඉස්කෝලේට ආව ගමන් ඇද ගත්ත මං ගියේ ඔන්නිලට කියලා මේකප් කර ගන්න.එතනින් ලෑසි වෙලා කන්නාඩිය ඉස්සරහට ගියාම මට වත් හිතාගන්න බැරි උනා.ඒ තරම් ලස්සනයි.
අපේ පර්ෆෝමන්ස් එකට තෝරලා තිබ්බේ සුදුපාට පාර්ටි ෆ්‍රොක් එකක්.අපේ පර්ෆෝමන්ස් එක මුලින්ම තිබ්බ නිසා මං ඉක්මනට මගේ ටීම් එකේ කට්ටිය ලගට ගියේ මාව මිස් වෙයි කියලා හිතුන නිසයි.වයලින් එකත් අරං ස්ටේජ් එකට නැග්ගත් හරි හදවත දාහට වදින්න ගත්තේ හිතේ අමුතුම බයකුත් මතු වෙද්දි ඒත් මගේ ඇස් නැවතුන තැන දැක්කම ඒ බය මොහොතකි නැතිවෙලා ගියා.ඒ තමයි මගේ ඇස් මෙච්චර වෙලා හොයපු ඒ කෙනා..
සුදුපාට සර්ට් එකට කලුපාට ෆුල්සූට් එකක් ඇදලා බෝ එකක් ගහලා කොන්ඩෙත් ඉස්සරහට පීරලා හිටපු එයාව දැක්කම මගේ හිත සතුටෙන් පිරිලා ගියා.ඒ ඇදුමට එයා හරිම හැන්සම් .ඒවගේම ගොඩාක් කිව්ට් .ඒක ඒකපාර්ශ්වික ආදරයක් උනත් මගේ හිත ඒක පිලිගන්නෙ නැති එක මට ප්‍රශ්නයක් උනා.කොච්චර ඒදේ යටපත් කරන්න හැදුවත් එයාව දැක්ක වෙලාවට ඒ දේ මතුවෙන්න ගන්නවා..
එයා දිහාම බලාගෙන මං වයලින් එක ප්ලේ කරන්න ගත්තේ හැමෝම එක දිගට පිලිවෙලට පටන් ගන්න කොටයි.අපේ පර්ෆෝමන්ස් එක ඉවර වෙලා එලියේ හිටගෙන හිටපු මට එකපාරටම ඇහුනේ හුරු පුරුදු තාලයක්..ඒ...ක..ඒක මං එදා පාක් එකේදි කියපු සින්දුව.මං විතරක් දන්න ඒ සින්දුව ප්ලේ කරන්නෙ කවද කියන කුතුහලටත් එක්ක මං ඉක්මනට දුවගෙන ගියේ හෝල් එකට..අදුරෙන් පිරිලා තිබනු ඒ හෝල් එක ඒ මියුසික් එකත් එක්කම හෙමින් ආලෝකමත් උනේ ස්ටේජ් එකේ පියානෝවට විතරක් ආලෝකයක් වැටෙද්දි..
දුර ඉදන් එතන් ඉන්නේ කවද කියලා පේන්නේ නැති නිසාම මං ඉන්නේ කොහොද කියලාත් අමතක කරලා ස්ටේජ් එක දිහාට දුවගෙන ගියේ ඒ ඉන්න කෙනා මගේ හිත කියන කෙනමද කියලා තහවුරු කරගන්න ඕන නිසාමයි .ඒත් ඒ කෙනාව දැක්ක ගමන් මං එතනම ගල් ඇහුනේ මගේ හදවතත් වේගෙන් ගැහෙන්න ගන්න කොටයි.
" යූන්ගි. "
දුර සිට තමන් ආදරේ කරපු ඒ නපුරු ඇස් අද තමන් දෙස පමනක් කලදුලු පිරුනු ආදරණීය ඇස් වලින් බලා හිදිද්දි ඇයට දැනුනේ කියාගන්න බැරි සතුටක්.ඒ ඇස්වල තියෙන ආදරය කියන හැගීම ඇයට තේරුම් ගන්න පුලුවන් උනා.තමා අදරේ කලා වගේම ඔහුත් ඇයට ආදරෙයි කියන එක ඇයට තේරුම් ගන්න පුලුවන් උනා.ඒත් තමන් පමනක් දන්න සින්දුව ඔහු දන්නේ කෙසේද යන කුතුහලය සමග ඇස් වල කදුලුත් පුරවන් ඔහු දෙස බලන් සිටිනවත් සමගම වේදිකාව ආලෝකමත් වී තිර රෙදි වලින් වැසී ගියා.
YOU ARE READING
THE SECRET VOICE ||MYG|| |✔️|
Fanficඔයාට මතකද ඒ දවස... මම මුලින්ම ඔයාව අහපු දවස... ඒ කට හඬ මට ඇහුණ දවස... අදටත් මම අහන්න ආසම හඬ... හැම දේටම හේතු හොයන මම... ඔයාගේ කට හඬ අහන්න හේතු හෙව්වේ නෑ... මොකද මගේ හිතම නිවුණු එකම හඬ ඒක නිසා... ...