ඇය කිම් යුමී.ගායනයට මෙන්ම වාදනයටත් දක්ෂ ඇයට තිබුනේ ලස්සන කටහඩක්.ඒ කටහඩ කෙතරම් මිහිරිද පවසනවා නම් හරියට සුරංගනාවියෙකුගේ වගේ.යුමී කියන්නෙ තමන්ගේ ජීවිතේ පරිසරය එක්ක විදින කෙනෙක්.ඉතිං ඇය හැමදාම රෑට ලගම තිබුන පාක් එකට යන්න පුරුදු වෙලා හිටියා.ඒ වගේම එතනදි ඇයට සිතෙන හැමදෙයක් ගැනම හද එක්ක බෙදාගන්නත් අමතක කලේ නෑ.
Yumi POV
වෙනදා වගේම මං රෑ වෙනවත් එක්කම පාක් එකට ගිහින් හැමදාම ඉදගන්න බෙන්ච් එකේම ඉදගත්තේ අහසේ පායලා තිබ්බ හද දිහා බලාගෙන.හද , හද තමයි මගේ ජීවිතේ මට ලැබුන හොදම යාලුවා.ඒ වගේම හොදම සවන්දෙන්නා.මගේ ජිවිතේ සිද්ද වෙන හැම දේම මං අකුරක් නෑර බෙදාගත්තේ හද එක්ක.ඒ නිසා මේ පාක් එක වගේම මේ තැනත් මට ගොඩාක් මතකයන් පිරිච්ච තැනක් උනා..
බෙන්ච් එකේ ඉදගෙන හද එලිය නිසා දිලිසෙන ගග දිහා ටික වෙලාවක් බලන් හිටියේ හිතට අමුතුම නිදහසක් වගේම සතුටක් දැනෙන්ද්දි..
" ඔයා දන්නවද දෙයක්.මං අදත් එයාව දැක්කා.හැමදාමත් වගේ මගේ ඇස් තිබ්බෙ එයා ලගම විතරයි.ඒත් එයාගෙ ඇස් තිබ්බෙ එයාගෙ පියානෝ එක ලග."
ඒ තමයි මගේ ආදරේ.කවදාවත් මගේ නොවන මට අයිති නැති මගේ එකම ආදරේ.මං කවදා එයා දිහා බැලුවත් එයාගෙ ඇස් කවදාවත් මං දිහා බැලුවෙ නැති තරම්.වෙන්න පුලුවන් .මොකද මං කවදාවත් එයා ඉස්සරහට ගියේ නෑ.හැමදාමත් දුරින් ඉදන් ඒ නපුරු ඇස් දෙකට ආදරේ කලා.ඒකට හේතුවක් තියෙනවා.මොකද මං දුප්පත් පවුලක කෙල්ලෙක්.මං වගේ කෙනෙක්ට එයාට කොහොමත් ගැලපෙන්නෙ නෑ.
" ඔයා දන්නවද තව දෙයක්.මං ආසම එයා පියානෝ ගහනවා දුර ඉදං බලන් ඉන්න.ඒක ගහනකොට එයාගේ මූනේ හැගීම් ඒ තාලෙට අනුව වෙනස් වෙන්නේ බලාගෙන ඉන්නකොටමයි.ඒ තරම් එයා මියුසික් වලට ආදරෙයි ."
ඒ වෙලාවේ මගේ හිතට දැනුනේ අමුතුම දුකක්.අපි දෙන්නා එකම අවුරුද්දේ ඉගෙන ගන්න දෙන්නෙක් නොවුනත් දෙන්නම මියුසික් වලට ගොඩාක් ආදරේ කලා.හිතේ ඇතිවෙන හැගීම් වචනයෙක් පිට කරන්න බැරි උනත් මියුසික් වලින් ඒක දැනෙන්න අරින්න පුලුවන් හැකියාවක් ඒකට තිබ්බා.මියුසික් කියන්නෙත් එක විදිහක හැගීම් ප්‍රකාශ කරන්න ක්‍රමයක්.
ඒ වෙලාවෙම හිතට ආපු පද ටිකක් තාලෙකට කියන් ගියේ හිතේ තිබ්බ දේවල් දිගටම පද පේලි විදිහට එලියට එද්දි..
ඇයගේ කටහඩ කෙතරම් මිහිරිද කියවනව නම් ඒ මොහොතේ එය හරියට මායාවක් වගේ මුලු පරිසරය පුරාම රැව් දෙන්න ගත්තේ සීතල මද සුලගත් සමග මුසුවෙලා.තවත් රෑ වෙනවත් සමගම ඇය එතනින් නැගිට්ටෙ පිටව යාමට සූදානමින් ය. නමුත් ඇයගේ කටහඩට වශී උන කෙනෙක් ඇයව ඒ මොහොතේ සොයාගෙන එන වග ඇය දැන සිටියේ නැත.
YOU ARE READING
THE SECRET VOICE ||MYG|| |✔️|
Fanfictionඔයාට මතකද ඒ දවස... මම මුලින්ම ඔයාව අහපු දවස... ඒ කට හඬ මට ඇහුණ දවස... අදටත් මම අහන්න ආසම හඬ... හැම දේටම හේතු හොයන මම... ඔයාගේ කට හඬ අහන්න හේතු හෙව්වේ නෑ... මොකද මගේ හිතම නිවුණු එකම හඬ ඒක නිසා... ...