Yoongi POV
ඒ කටහඩ ඇහුන පැත්තට දුවගෙන ගියත් එතන කව්රුත් හිටියේ නෑ..වටපිට කොච්චර හොයලා බැලුවත් ඒ වෙලාවෙ එතන කාවවත් හොයාගන්න බැරි උනා..තවත් රෑ වෙන්න කලින් ගෙදර යන්න ඕන නිසාම අකමැත්තෙන් උනත් මං එතනින් පිටත් උනේ හිතේ,
" එයා කව්රු වෙන්න පුලුවන් ද ? " කියන ප්රශ්නයත් එක්ක.ගෙදර ආවත් මට දිගින් දිගටම ඒ කටහඩ අයෙත් ආයෙත් ඇහෙන්න ගත්තේ හරියට මායාවක් වගේ.
" ඒත් එයා ඒ කව්රු ගැනද කිව්වේ..? "
ඒ සින්දුවට අනුව මං හිතන්නේ ඒ කිව්වේ කොල්ලෙක් ගැන.ඒක මට දැනුන විදිහට ඒක පාර්ශ්වික ආදරයක් වෙන්න ඕන.ආදරේ . ආදරේ කියන්නෙ හරි අමුතු දෙයක්.සතුට ,දුක ,වේදනාව ඒ හැමදේකම එකතුවක්.ටික දෙනෙක් ආදරේ නිසා සතුටින් ඉද්දි තව ටික දෙනෙක් ඒ ආදරේ නිසාම දුක් වෙනවා.තවත් සමහරු ඒක නිසා ජිවිතේම විදවනවා.ඒත් මං වගේ ඒක නොලබපු අය ....,
එයාලත් ඒ ගනයටම අයිති.ආදරයක් සෙනෙහසක් නොලැබ තනිවෙලා ජීවත් වෙනවා කියන්නෙත් එක්තරා විදිහක දුකක්,වේදනාවක් තමයි .
ඒත් ඒ කටහඩේ තිබ්බ ඒ හැගීම අදුර ගන්න මට හුග වෙලාවක් ගියේ නෑ.ඒකේ තිබ්බේ දුකක්.ඒත් ඇයි ...? ඇයි මට ඒක එච්චර දැනෙන්නේ ? ,මොකද්ද ඒකට හේතුව ?
කවදාවත් නොදැකපු රහස් කටහඩේ අයිතිකාරිය ගැන ඔහුගේ හිතේ ඇති වූ ප්රශ්න සියල්ලත් සමග ඔහු පැමිනියේ කාමරේ බැල්කනිය කෙලවරට වෙන්න තිබූ සුදු පාට පියානෝව දෙසටයි.ඔහු ගැන ඔහුගෙ දෙමව්පියන්ටත් වඩා සියල්ල දැන සිටි එකම කෙනා ඔහුගේ පියානෝව.ඔහුගේ සතුට ,දුක ,තනිකම වගේම වේදනාවන් වලදිත් ඔහු සමගම සිටි එකම දෙය එයයි.සංගීතය යනු වේදනාවෙන් සිටින කෙනෙකුට ඖෂධයක් වගේ දෙයක්.ඉතිං ඔහුටත් ඒවාගෙන් මිදීමට උදව් කලේ ඒ පුංචි පියානෝව.
පියානෝව ලගට ගොස් වාඩි උනු ඔහු එහි යතුරු දිගේ ඔහුගේ ඇගිලි තුඩු රැගෙන ගියේ මුහුණේ මද සිනාවක් නැගෙනකොටයි.හිත නිවන්න පුලුවන් එකම මිතුරා සමග අද දිනයේ සිදුවීම් බෙදාගන්න ගමන් පියානෝව වාදනය කිරීමටත් ඔහු අමතක කලේ නැත..ඒ කටහඩේ අයිතිකාරිය ඔහුගේ හදවතේ ඉඩක් ලබා ගැනීමට සමත් වූවා.ඒනිසාම ඔහු වාදනය කලේ ඇය ගායනා කල ඒ ගීතයයි.
නින්දට ගියත් ඒ කටහඩේ අයිතිකාරිය කව්රු ද ? යන කුතුහලය ඔහුගේ හිතේ දිගින් දිගටම පැවතියා..ඒ නිසාද පහුවදත් ඒ තැනට යන්න ඔහු තීරණය කරා.
@ Evening
Yoongi POV
වෙනදා වගේම අදත් හවස ප්රැක්ටිස් ඉවර වෙලා ඊයේ ආපු පාක් එකටම ආවෙ ඊයෙ ඇහුන ඒ කටහඩේ අයිතිකාරිය අදත් එතනට එයි කියලා හිත කිව්ව නිසයි.අද ටිකක් පරක්කු උන නිසාම හති වැටෙන්න දුවගෙන ආවෙ ඒ අයිතිකාරිය කව්ද කියලා දැනගන්න තිබ්බ කුතුහලය එන්න එන්නම වැඩි වෙන කොටයි.අහම්බෙන් ඇහුන කටහඩකට මෙච්චර දෙයක් කරන්න පුලුවන් ද.?
ඔව්.පුලුවන් මොකද හඩ කියන්නෙත් කලාවක් වගේම හදවතට කතා කරන්න පුලුවන් තවත් විදිහක්.කෙනෙක් කතා කරන ස්වභාවය අනුව එයාගෙ හැගීම් වගේම එයා ඒ වෙලාවෙ හිතන දේ , වගේම එයා ඉන්න තත්ත්වේ පවා නොකියා හදුනගන්න පුලුවන් හැකියාවක් තියෙනවා.
ඉතිං ඒ වෙලාවේ මටත් එයාව හොදට දැනුනා.ඒ කටහඩේ තිබ්බ හැගීම මට දැනුනා..ඒත් ඒක විතරක් ම නෙවෙයි මං හිතන්නේ එතන ඊට වඩා දෙයක් මට දැනුනා..සෙමින් සෙමින් පෙර දින ඒ හඩ ඇසුන තැනට ඇවිදන් යන විට අදත් ඔහුට ඇසුනේ පෙරදින ඇසුන ඒ හඩමයි.අද නම් ඇය කවුරුන් ද කියා සොයාගන්නවා ලෙස සිතමින් පය ඉක්මන් කර ඒ දෙසට ගිය ඔහු දුටුවේ එහි වාඩි වි ගග දෙසත් , හද දෙසත් බලන ලස්සන තරුණියක්ව.ඇය කව්රු ද යන්න ඔහුට හදුනා ගත නොහැකි වූයේ ඇය ඔහුට පිටුපා සිටීම නිසයි.මද වෙලාවක් ගෙවුන පසු ඇය එතනින් නැගිට පිටව ගියා.අවසානය වන තෙක් ඔහුට ඇගෙ මුහුණ දැක ගැනීමට හැකි වූයෙ නැත.
නමුත් අලුත් බලාපොරොත්තුවක් ඇති වුන සිනා මුහුණෙන් ඔහුත් නිවස බලා එතනින් පිටව ගියා..
YOU ARE READING
THE SECRET VOICE ||MYG|| |✔️|
Fanfictionඔයාට මතකද ඒ දවස... මම මුලින්ම ඔයාව අහපු දවස... ඒ කට හඬ මට ඇහුණ දවස... අදටත් මම අහන්න ආසම හඬ... හැම දේටම හේතු හොයන මම... ඔයාගේ කට හඬ අහන්න හේතු හෙව්වේ නෑ... මොකද මගේ හිතම නිවුණු එකම හඬ ඒක නිසා... ...