Chapter 09

156 27 1
                                    


අද අළුත් දවසක්..

හ්ම් ඒත් අද මට ඉස්කෝලෙ යන්න ඇහැරැනේ නැ.

උදේ 6.43 වෙලාව..

අම්මලා හිතනවා ඇති මම ලැහැස්ති වෙනවා ඇති කියලා

එහෙම හිතලා ඇස් දෙකත් වහගෙන ඇදෙන් නැගිටින්න බෙඩ්ශීට් එක එහාට කලා

මට දැනුනෙ පුදුම සීතලක් වගේම දරාගන්න බැරි ඔළුවෙ කැක්කුමක්

මාව ගැහෙනවා හොදටම

ඇස් වත් හරියට ඇරගන්න බැරි නිසා මම එහෙම්මම හිටියා

අම්මටවත් කතා කරගන්න පනක් නැ

එහෙමම ඉන්නකොට මට ඇහුනා මගෙ කාමරේ දොර ඇරෙනවා

" ඒයි ටේ ටේ තමුසෙ ඉස්කෝලෙ යන්නෙ කීයටද ආ "

අක්කා

මට කියන්න පුලුවන් උනානම් කියනවා

අක්කෙ මට අමාරැයි කියලා

" ම්ම්හ් "

මම කෙදිරිගෑවා

අක්කා ලගට ඇවිත් මගෙ බෙඩ් ශීට් එක අරගෙන බිමට දැම්මා

" ටේ "

මට ඇහෙනවා අක්කගෙ වෙව්ලන කටහඩ

" ටේ ඔයා ගොඩක් රතු වෙලා..මැණික "

කියන ගමන් මගෙ නලලට අත තිබ්බා

ඒත් අත තිබ්බ ගමන් ගත්තා කිව්වොත් හරි

" අම්මා...අප්පා...ටග්ගාලා එන්නකො..අනේ ටේ "

අක්කා විලාප තියනවා

ඒක ඇහිලා අම්මට ඉස්සෙල්ලා අප්පා දුවගෙන ආවා

" ඇයි මොකො "

" අප්පා ටේට උණ "

අක්කා කිව්වම තාත්තා ඇවිත් බැලුවා..

අම්මා අප්පගෙ පිටිපස්සෙ ඉදලා බලන් ඉන්ටන හොදටම බය වෙලා කියලා මට ලාවට පේනවා

අම්මා පැත්තට හැරැන අප්පා

" මේක හරියන්නැ..ඉක්මනින් ටේව හොස්පිට්ල් ගෙනියමු..මෙහෙම රතු වෙලා තියෙන්නෙ ටේට හොදටම උන නිසා ඔයා ඉක්මනින් ලැහැස්ති වෙන්න"

𝐋𝐎𝐕𝐄𝐑𝐒 || Taekook ||Where stories live. Discover now