ජන්කුක් බිම දිගා වෙලා කාර් එක යටට ගිහින් කාර් එක හදනවා..
මට පේන්නෙ එයාගෙ කකුල් දෙක විතරයි
පැයක්
හරියටම පැයක් ගියා එයා කාර් එක යටින් එලියට එනකොට
එයාගෙ හූණ හැම තැනම කලු පාට මජං පැල්ලම්
ඇගෙත් එහෙමයි
" සර් කාර් එක හරි "
කියලා කිව්වා
එයා මම දිහා බැලුවෙවත් නැ
එයා හරිම නපුරැ පාටයි දැන්
" හරි තැන්ක්යු කාර් එක බලලා හදල දුන්නට "
අප්පා කිව්වම ඔළුව විතරක් වනලා එතනින් ගියා එයා
අප්පත් අනිත් පැත්තට ගියෙ සල්ලි දෙන්න..
" ජන්කුක් "
ඉවසලා ඉවසලා බැරිම තැන මම කතා කලා
එයා මට පිටුපාලා හැරිලා හිටියෙ
මම එයා ලගට ගියා
එයා තවම මම දිහා බැලුවෙ නැ
" එයා කව්ද "
මම ඇහුවා
" කා ගැනද අහන්නෙ "
එයා අහනවා
එයාගෙ කටහඩ කලින් වගෙ නෙමෙයි
ගොඩක් ගැඹුරු වෙලා
" අර මගෙ වයසෙ ඉන්න ගෑනු ලමයා ගැන.මට නම මතක නැ..ඒත් එයා ඇයි ඔයා එක්කම "
උහුම් සද්දයක් නැ
" හ්ම් කමක් නැ එදා ඔයා මම එක්ක කතා කරන්නවත් ආවෙ නැති නිසා ඇහුවේ "
මම කිව්වම එයා මගෙ පැත්ත බැලුවා
" දැන් ඔය තමුසෙ අහන්නෙ බදදා මම එක්ක හිටිය කෙල්ල ගැනනම් ඒකි මගෙ පුංචිගෙ දුව..ඒකි ඉස්කෝලෙට අලුතෙන් ආවේ.තමුසෙ දැන් ඇයි ඕක මගෙන් අහන්නෙ "
එයා අහනවා
" නැ නිකම් "
" හරි ඒක වැඩක් නැ ඇයි දවස් දෙකක් ඉස්කෝලෙ ආවේ නැත්තෙ."
එයා අහනවා
ඇස් හීනි වෙලා
" මට උණ හැදිලා හිටියෙ.දවස් දෙකක් හොස්පිට්ල් හිටියා "