තවත් සෙනසුරාදා දවසක් උදා වෙලා තිබුනා.
ජිමින් හරිම කඩිසරව වැඩ කරමින් හිටියා.වෙලාව 6.45 am
සතිය ඇතුලත හොදටම මහන්සි වෙලා හිටිය ජන්ග්කුක් නම් දවල් 9 -10 වෙනකම් නිදා ගන්න බව දන්න නිසාම ජිමින් වත්තෙ පැල වලට සාත්තු කරමින් හිටියා.
" ම්ම්.. තව රෝස පැල ගෙන්න වෙයි වගෙ ඔම්මා "
එයාගෙ හුරතල් නැන්දම්මාගෙ රෝස පාත්තිය සාත්තු කරන්න ජිමින් වගබලා ගත්තා. රෝස , කහ වගෙම රතු රෝස මල් දිහා බලන් ජිමින් කියද්දි මිසිස් ජියොන් ජිමින් ලගට ඇවිත් එයාගෙ රෝස මල් දිහා බැලුවා.
" මටත් හිතුනා ජිමිනි. තව රෝස පැල ටිකක් ගන්න මාත් එක්ක යන්ද "
ටිකක් මැලවිලා ගිය , වේලිලා ගිය , වයසට ගිය ගස් දිහා බලන් මිසිස් ජියොන් අහද්දි ජිමින් එකග වුනෙ අද කොහොමත් එයාට කරන්න ලොකු වැඩක් නැති නිසා.
" හා ඔම්මා. අපි දවල් වෙලා යමු "
ජිමින් කියද්දි මිසිස් ජියොන් එයාගෙ ඔලුව වනලා ආයෙත් ගියෙ එයයි එයාගෙ ලේලි පොඩ්ඩයි හදලා ආදරෙන් බලා ගන්න එයගෙ මල් පැලවලට වතුර දාන්න.
" ආහ්හ්! ජිමිනි.. මට ජන්ග්කුක්ගෙ රෙදි අමතක වුනා. අනෙ ඒවත් හොදලා දාන්නකො "
" හරි ඔම්මා "
කිව්ව ජිමින් නැගිටලා වත්තෙන් එලියට ඇවිද්දිද්දි එයාට මෙහැයින් වැතිරිලා හිටිය ඩෝරාත් නැගිටලා නැට්ට වන වන ජිමින්ගෙ පස්සෙන් යන්න ගත්තා.
" අනෙ අනෙ ඩෝරා! අයියගෙ කොල්ලා පස්සෙන්මයිනෙ "
මිසිස් ජියොන් හිනා වෙවි කියද්දි ජිමින් හැරිලා කලු පාට ලීපර්ඩ් කෙනෙක් වගෙ ඉන්න ඩෝරව වඩා ගත්තෙ ඩෝරව ඉඹින ගමන්.
" ආහ්.. ගුඩ් මෝනින් ජිමින් "
" ගුඩ් මෝනින් අප්පා "
ඩෝරවත් වඩන් ගෙදර ඇතුළට ආව ජිමින්ට හම්බවුනෙ එයාගෙ මාමණ්ඩිව. ඉතින් එහෙම්මම කුස්සියට ගියෙ මිස්ටර් ජියොන්ට එයාගෙ කෝපි එක හදලා දෙන්න.
අප්පගෙ පදම ම තමයි ජන්ග්කුක්ටත් තිබුනෙ. ඉතින් දෙන්නටම කෝපි හදන්න ජිමින්ට අමුතුවෙන් බලන්න වුනෙ නැ.
YOU ARE READING
𝐌𝐘 𝐄𝐕𝐄𝐑𝐘𝐓𝐇𝐈𝐍𝐆 | 𝐉𝐈𝐊𝐎𝐎𝐊 𝐅𝐅
Romance" අනික ඔම්මා අහන දේත් මං දන්නවා.. මට එච්චර වාසනාවක් නැ ඔම්මා. මං ..මං නිකන් ගත්තෙ " ජිමින් කටහඬ බාල කරලා කියද්දි මිසිස් ජියොන් ජිමින්ගෙ ඔලුව අතගෑවේ අම්මා කෙනෙක් තමන්ගේ දරුවෙකුට දක්වන අසිමාන්තික ආදරය ජිමින්ට දැනෙද්දි. " බලාපොරොත්තු නැති කරගන්න එපා ජ...