සොන්ජියොන් වෙරළ 🌙💗

167 41 35
                                    

වෙලාව 3 ට විතර ඇති. ජන්ග්කුක් දවල් ගෙදර ආවහම ජිමින්ගෙන් හම්බුන සම්භාහනෙ නිසා කන් දෙකත් පලහට දාගත්ත හාවෙක් වගෙ පැත්තක පුටුවකට වෙලා ඉදන් හිටියෙ ජිමින් දුන්න ජන්ග්කුක් ගාව තිබුනු ලොකුම අත් කොට ශර්ට් එකයි කකුල් දිග කලිසමයි ඇදන්.

මොකද ජිමින් හිතුවා වගෙම ජන්ග්කුක් ගිහින් තිබුනෙ ජො*ක් වගෙ කලිසමක් එක්ක චූටිටන් පටි දෙකක් තියෙන එයාගෙ ඉනත් පේන ස්ලීව්ලස් ශර්ට් එකක් ඇදන්. ඉතින් ගෙදර දොරකඩට වෙලා හිටිය ජිමින් ජන්ග්කුක් ආව ගමන් ජින් හයොන්ග් එයාට දුන්න සෝස පාට පෑන් එකෙන් ජන්ග්කුක්ට දිලා ඇරියා.

මිසිස් ජියොන් වත් මිස්ටර් ජියොන් වත් කිසිම ආකාරයකින් මැදිහත් වුනෙ නැත්තෙ ජන්ග්කුක් එයාගෙ ඔම්මා අප්පා දිහා අහිංසක හා ඇස් වලින් බලන ගමන් එයාගෙ වයිෆ්ගෙන් බේරෙන්න හදද්දි.

" උඹට හොද නම් අපිට මොකො !? "

නෝක්කාඩුවට වගෙ ජන්ග්කුක් දිහා බලන් මිස්ටර් ජියොන් කිව්ව හැටි ජන්ග්කුක්ට අද වගෙ මතකයි.

" ඔයා එහෙනම් මට එහෙම කලා අප්පා "

එයාට නෝක්කාඩුවට හිනහවෙන මිස්ටර් ජියොන් දිහා බලන් ජන්ග්කුක් හිතපු හැටි එයාට මේ දැන් වගෙ මතකයි. ඩෝරා උනත් පැත්තකට වෙලා බලන් හිටියෙ එයා කොච්චර ජන්ග්කුක්ට ආදරෙ උනත් ජිමින්ට ඊට වඩා ආදරෙ නිසා.

කොහෙන් කොහෙන් හරි හිතුවට වඩා තමන් ජන්ග්කුක්ට සැර වුන බව ජිමින්ට තේරුනෙ ජන්ග්කුක් මීට කලින් ජිමින්ට බය වුනත් ඇවිත් ජිමින්ව යාලු කරගන්න නිසා.

' යාහ්! මේකා නම්! '

ජිමින් හිතලා හිතලා කුස්සියෙන් එලියට ආවෙ ගෙදරින් එලියට වෙලා ඉස්තොප්පුවෙ පුටුටක ඉදගෙන කකුල් දෙක පද්ද පද්ද ඉන්න ජන්ග්කුක් වගෙම ජන්ග්කුක්ගෙ පුටුව යට ඉන්න ඩෝරා ගාවට යන ගමන්. ජිමින් එනවා ඈත දැකපු ජන්ග්කුක් ඉක්මනට එයා ඔබ ඔබ හිටිය ෆෝන් එක සාක්කුවට දාගත්තෙ බිම බලන් කලින් හිටියා වගෙ කකුල් දෙක පද්ද පද්ද.

හරියට සිරිමත් වගෙ..

ඒත් ජන්ග්කුක්ට මොකුත්ම නොකිව්ව ජිමින් ජන්ග්කුක්ගෙ බයිසිකලෙ යතුර එයාට විසි කරලා ආයෙ හැරිලා ගෙදර ඇතුලට ගියෙ කම්මුලට ගැහුවා වගෙ යතුර මූනෙ වැදුන ජන්ග්කුක් මූන ඇඹුල් කරන් ඒක අතට අරගෙන එකපාරටම  පුදුමයෙන් හිනා වෙන ගමන් ජිමින් යන දිහා බලන් ඉද්දි.

𝐌𝐘 𝐄𝐕𝐄𝐑𝐘𝐓𝐇𝐈𝐍𝐆 | 𝐉𝐈𝐊𝐎𝐎𝐊 𝐅𝐅 Where stories live. Discover now