මගේනෙ 🌙🖇️

124 32 10
                                    


5 කොටස..

" ම්ම්හ්හ්..."

හිමින් ඇස් ඇරිය ජිමින් එයාගෙ වටපිට බැලුවා. ජන්ග්කුක් හිටියෙ නැති බව දැක්ක ජිමින් හිමීට කෙලින් වෙලා ඇදෙ පොල්ලට හේත්තු වුනා. ඔලුව පුපුරන්න තරම් ඔලුවෙ කැක්කුමක් දැනෙද්දි ජිමින් ඇස් දෙක තදින් පියාගත්තා.

" ජ්..ජන්-- "

ටිකක් වෙලා ඇල වෙලා හිටිය එයා මුමුණද්දි ආයෙත් වමනෙට ආවහම ජිමින් ඉක්මනට අමාරුවෙන් බාත් රූම් එකට දිව්වෙ කට අතින් වහන්. සින්ක් එකට බර වුන ජිමින් වමනය කරද්දි එයලගෙ කාමරයෙ දොර ඇරන් මිසිස් ජියොන් ඩෝරා එක්ක ආවා.

එයා_එයා ගෙනාපු කෑම දීසියත් අරන් ඇද ලගට එද්දි ජිමින් නැති බව දැක්කහම එයා දීසිය නයිට් ස්ටැන්ඩ් එක උඩින් තිබ්බා. එහෙම්මම බාත් රූම් එකෙන් සද්දයක් එන නිසා එයා ඉක්මනට ගිහින් බැලුවහම ජිමින් වමනය කරනවා දැක්කා

" ඔහ්! ජිමිනි "

එයා ඉක්මනට ජිමින්ව අල්ලගත්තෙ ජිමින් අමාරුවෙන් ගැහි ගැහි වමනය කරද්දි. ටිකකින් ජිමින් එයාගෙ මූන කටත් හොදගෙන මිසිස් ජියොන්ව අල්ලගත්තෙ ඇගට පණක් නැති බව දැනෙද්දි.

අමාරුවෙන් උනත් මිසිස් ජියොන් ජිමින්ව ඇදෙන් හාන්සි කලාම ජිමින් ඇද විට්ටමට ඔලුව තියාගත්තෙ ඩෝරා ජිමින්ගෙ අත ලෙව කන ගමන් ' කූන් කූන් ' ගාද්දි.. ටික වෙලාවක් ජිමින්ගෙ ඔලුව අතගෑව මිසිස් ජියොන් කතා කලා.

" අපි මොනාහරි කමු නේද ජිමිනි "

එයාගෙම අම්මා වගෙ හරි ආදරෙන් ජිමින්ගෙ ඔලුව අත ගාලා කියද්දි ජිමින්ට ඇඬුනෙ මිසිස් ජියොන්ගෙ ආදරය නිසයි. ජිමින් කදුළු පිහදල හිනා වුන මිසිස් ජියොන් එයා ගෙනාව පාන් පෙති පුලුවන් විදිහට ජිමින්ට කැව්වා.

" අ..ඇති ඔම්ම්..මාහ් "

ජිමින් කියද්දි ඔලුව වනපු මිසිස් ජියොන් එයාට වේදනානාශක පෙත්තක් බොන්න දුන්නෙ ජිමින් ඒක බිලා ඇද විට්ටමට හේත්තු වෙද්දි.

" ඇග අමාරුව හරියයි. කලින් මොකුත් කලා හිටියෙ නැ නෙ "

" ඔ..ම්මා ජ්..ජන්ග්කුක් කෑවද "

𝐌𝐘 𝐄𝐕𝐄𝐑𝐘𝐓𝐇𝐈𝐍𝐆 | 𝐉𝐈𝐊𝐎𝐎𝐊 𝐅𝐅 Where stories live. Discover now