4 කොටස.." හොදයි මිස්ටර් ඇන්ඩ් මිසිස් ලී..මට උදව් කරන්න ඔයලගෙ දුවව හොයා ගන්න "
ජන්ග්කුක් එයා ඉස්සරහ ඉදන් ඉන්න දෙන්නා දිහා බලන් කිව්වහම ඇස් රතු වෙනකම් ඇඩලා හිටිය මිසිස් ලී මිස්ටර් ලී දිහා බැලුවේ මිස්ටර් ලී එයාගෙ අතින් අල්ලන් ' හැමදේම හරියයි ' කියලා මුමුණද්දි.
" අපි ඕන විදිහකින් ඔෆිසර්ට උදව් කරන්නම්. අපිට කියන්න මොකක්ද අපි කරන්න ඕන කියලා "
" මට ඇත්තම කියන්න. මං අහන හැමදේකටම "
මිස්ටර් ලී ජන්ග්කුක් දිහා බලන් ආයාචනාත්මක විදිහට කියද්දි ජන්ග්කුක් විනීතව කතා කලා. ජන්ග්කුක්ට ඇහුම් කන් දුන්න දෙන්නම එයාලගේ හිස උඩ පහල කලෙ පිලිගන්න.
" ජිහ් යු අතුරුදන් වෙලා දවසක් ගියාට පස්සෙ ඇයි පැමිණිල්ලක් දැම්මෙ "
ජන්ග්කුක් සැකෙන් බලන ගමන් අහද්දි මිස්ටර් ලී එයාගෙ කදුළු පිරුන ඇස් පිහලා දැම්මා.
" සාමාන්‍යයෙන් ජිහ් යු එයාගෙ යාලුවන් එක්ක එලියට ගියහම ගෙදර එනවා අඩුයි. කවුරු හරි යාලුවෙක් එක්ක ගියහම අපිට කතා කරල කියනවා. එදත් එයා අපිට කතා කරලා කිව්වා එයා එන්නෙ නැ කියලා. ඉතින් අපි හොයන්න ගියෙ නැ "
මිස්ටර් ලී කියද්දි ජන්ග්කුක් අහන් හිටියා.
" එහෙනම් ..ඔයලගෙ දුව ගැන ඔයල දන්න හැම දෙයක්ම කියන්න. එයාගෙ සම්බන්ධ හැමෝම වගෙ "
ජන්ග්කුක් අහද්දි මිසිස් ලී හොදින් කල්පනා කලා.
" මගෙ ජිහ් යු කොහොමත් නරක ගෑනු ලමෙක් නෙවෙයි ඔෆිසර්. එයාට එහෙම නරක ආශ්‍ර තිබුනෙ නැ. එයාගෙ හැමදේම එයාගෙ හොදම යාලුවා "
මිසිස් ලී කියද්දි ජන්ග්කුක් එයා දිහා බැලුවා.
" කවුද එයාගෙ යාලුවා..පිරිමි ලමයෙක් ද නැත්තං "
" නැ නැ ගැහැනු ලමෙක්. ඇත්තටම ඒ ළමයා හොද ලමෙක්. ඒත් මට විශ්වාසයි මට වඩා දෙයක් එයා දන්නවා ඇති කියලා "
මිසිස් ලී එයාගෙ කදුළු පාලනය කරන් කියද්දි මිස්ටර් ලී එයාගෙ පිට අත ගෑවා.
YOU ARE READING
𝐌𝐘 𝐄𝐕𝐄𝐑𝐘𝐓𝐇𝐈𝐍𝐆 | 𝐉𝐈𝐊𝐎𝐎𝐊 𝐅𝐅
Romance" අනික ඔම්මා අහන දේත් මං දන්නවා.. මට එච්චර වාසනාවක් නැ ඔම්මා. මං ..මං නිකන් ගත්තෙ " ජිමින් කටහඬ බාල කරලා කියද්දි මිසිස් ජියොන් ජිමින්ගෙ ඔලුව අතගෑවේ අම්මා කෙනෙක් තමන්ගේ දරුවෙකුට දක්වන අසිමාන්තික ආදරය ජිමින්ට දැනෙද්දි. " බලාපොරොත්තු නැති කරගන්න එපා ජ...