රෝස මලක් 🌙💗

239 45 21
                                    

තවත් සෙනසුරාදා දවසක් උදා වෙලා තිබුනා.
ජිමින් හරිම කඩිසරව වැඩ කරමින් හිටියා.

වෙලාව 6.45 am

සතිය ඇතුලත හොදටම මහන්සි වෙලා හිටිය ජන්ග්කුක් නම් දවල් 9 -10 වෙනකම් නිදා ගන්න බව දන්න නිසාම ජිමින් වත්තෙ පැල වලට සාත්තු කරමින් හිටියා.

" ම්ම්.. තව රෝස පැල ගෙන්න වෙයි වගෙ ඔම්මා "

එයාගෙ හුරතල් නැන්දම්මාගෙ රෝස පාත්තිය සාත්තු කරන්න ජිමින් වගබලා ගත්තා. රෝස , කහ වගෙම රතු රෝස මල් දිහා බලන් ජිමින් කියද්දි මිසිස් ජියොන් ජිමින් ලගට ඇවිත් එයාගෙ රෝස මල් දිහා බැලුවා.

" මටත් හිතුනා ජිමිනි. තව රෝස පැල ටිකක් ගන්න මාත් එක්ක යන්ද "

ටිකක් මැලවිලා ගිය , වේලිලා ගිය , වයසට ගිය ගස් දිහා බලන් මිසිස් ජියොන් අහද්දි ජිමින් එකග වුනෙ අද කොහොමත් එයාට කරන්න ලොකු වැඩක් නැති නිසා.

" හා ඔම්මා. අපි දවල් වෙලා යමු "

ජිමින් කියද්දි මිසිස් ජියොන් එයාගෙ ඔලුව වනලා ආයෙත් ගියෙ එයයි එයාගෙ ලේලි පොඩ්ඩයි හදලා ආදරෙන් බලා ගන්න එයගෙ මල් පැලවලට වතුර දාන්න.

" ආහ්හ්! ජිමිනි.. මට ජන්ග්කුක්ගෙ රෙදි අමතක වුනා. අනෙ ඒවත් හොදලා දාන්නකො "

" හරි ඔම්මා "

කිව්ව ජිමින් නැගිටලා වත්තෙන් එලියට ඇවිද්දිද්දි එයාට මෙහැයින් වැතිරිලා හිටිය ඩෝරාත් නැගිටලා නැට්ට වන වන ජිමින්ගෙ පස්සෙන් යන්න ගත්තා.

" අනෙ අනෙ ඩෝරා! අයියගෙ කොල්ලා පස්සෙන්මයිනෙ "

මිසිස් ජියොන් හිනා වෙවි කියද්දි ජිමින් හැරිලා කලු පාට ලීපර්ඩ් කෙනෙක් වගෙ ඉන්න ඩෝරව වඩා ගත්තෙ ඩෝරව ඉඹින ගමන්.

" ආහ්.. ගුඩ් මෝනින් ජිමින් "

" ගුඩ් මෝනින් අප්පා "

ඩෝරවත් වඩන් ගෙදර ඇතුළට ආව ජිමින්ට හම්බවුනෙ එයාගෙ මාමණ්ඩිව. ඉතින් එහෙම්මම කුස්සියට ගියෙ මිස්ටර් ජියොන්ට එයාගෙ කෝපි එක හදලා දෙන්න.

අප්පගෙ පදම ම තමයි ජන්ග්කුක්ටත් තිබුනෙ. ඉතින් දෙන්නටම කෝපි හදන්න ජිමින්ට අමුතුවෙන් බලන්න වුනෙ නැ.

𝐌𝐘 𝐄𝐕𝐄𝐑𝐘𝐓𝐇𝐈𝐍𝐆 | 𝐉𝐈𝐊𝐎𝐎𝐊 𝐅𝐅 Where stories live. Discover now