+ "මට කඩදාසි බෝට්ටුවක් හදලා දෙනවද?"
- "මට මතක නෑ ඒවා හදන හැටි. දැන් අවුරුදු ගානකින් මම හැදුවෙ නෑ."
+ "කඩදාසියක් අතට අරගෙන බලන්න. එතකොට මතක් වෙයි."
...........
- "ඔව්, ඔයා හරි. මායාවක් වගේ කඩදාසිය අතට ගත්තම මට මතක් වුණා සේරම."
+ "ඒකනෙ මම කිව්වෙ. ඒ දේවල් අමතක වෙන්නෙ නෑ."
- "හරියට අඳුරු මතක වගේ. කොච්චර අමතක කරන්න හැදුවත් මොකක්ම හරි දෙයක් නිසා ආයෙත් මතක් වෙනවා. හරියටම මේ කඩදාසිය මට කඩදාසි බෝට්ටු හදන විදිහ මතක් කරලා දුන්නා වගේ."
Blue Rose 🖤🥀