සියොතුන්ට මඟහැරුණු පණිවිඩයක්

69 22 13
                                    


Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මම ඔබ දෙස බලා සිටියා. මට පෙනෙන දේවල් ඇත්තක්ද?

නුඹ මේ ලොවෙහි කෙනෙක් විය නොහැකියි

අමුතු හැඟීම් රැසකින් මගේ සිත පිරී ගියා 

සිහිනෙන් පවා ඔබේ කටහඬ මගේ දෙසවන් පුරා රැව් දෙන බව දැනෙනවා 

ඇයි ඔබට ලංවීම මෙතරම් අපහසු

මම බයයි

මම ලං වුනොත් ඔබ මිරිඟුවක් වගේ නැතිව යයි කියලා

නමුත් සත්‍ය වශයෙන්ම ඔබ මිරිඟුවක් නොවෙයි


මගේ ඇස් වලින් කඳුළු වැටෙනවා

මම කැමතියි ඒ කඳුළු මුතු බවට හැරෙනවා නම්

එවිට මට ඒ කඳුළු ඔබ වෙනුවෙන් ලබා දිය හැකියි 

නමුත් මම ඔබ වගේ සුරදූතයෙක් නොවෙයි

කඳුළු මුතු බවට හැරවීමට තරම්


රෑ අහසේ තරු තිබුණා

නමුත් නුඹ වගේ තරුවක් එහි තිබුණේ නැහැ

මන්ද යත් නුඹ රෑ අහසට පමණක් සීමා විය යුතු නොවන නිසා

මුළු විශ්වයටම පෙනෙන තැනක සිට ඔබ දිස්නය දුන්නා

මමත් ඔබ වෙත යමක් පා කර එව්වා 

නමුත් එය සැඩ සුළඟට ගසාගෙන ගියා 


අදත් මම එකදිගටම ඔබ වෙත ආදරය එවනවා

මට පෙනෙනවා ඔබට පෙර සියොතුන් ඒ සියල්ල පැහැරගෙන යන බව 

ඉතින් දිනයක සියොතුන්ට මඟහැරුණු පණිවිඩයක් ඔබ වෙතට පැමිණියොත්

ඒ මා බව විශ්වාස කරන්න 



Blue Rose 🖤🥀

AestheticWhere stories live. Discover now