+ "ඔයා මොකද කරන්නෙ?"
- "ම්ම්... මම චිත්රයක් අඳිනවා."
+ "හ්ම්.... මට දෙයක් මතක් වෙනවා. හැමෝම කැමති ලස්සන දීප්තිමත් පාට වලට. අඳුරු පාට වලට එච්චර වටිනාකමක් නෑ."
- "ඒ වුණාට පාට පෙට්ටියක ඉක්මනටම ඉවර වෙන්නෙ කළු පාට."
+ "ඕහ්.... ඇත්තටම ඒ මොකද?"
- "හැම වෙලාවෙම දෙයක් මතු කරලා පෙන්නන්නෙ කළු පාට. හරියට ඕනම කෙනෙක්ගෙ අඳුරු අතීතය වැඩියෙන් පිටත සමාජයට පේනවා වගේ."
+ "කළු පාට කියන්නෙත් මිනිස්සුන්ට අමතක නොවෙන, කෙනෙක් තුල තියෙන පුංචි පුංචි වැරදි වගේ දෙයක්ද?"
- "ඔව්, කොච්චර හොඳ තිබුණත් වැරදි හරි ඉක්මනට කැපිලා පේනවා වගේ කළු පාටත් කොච්චර දීප්තිමත් පාට මැද්දෙන් වුනත් කැපිලා පේනවා."
Blue Rose 🖤🥀