රූහා හොද නින්දක හිටපු නිසා යුංගි වොෂ් එකක් දාගෙන ඇදුම් මාරු කරගෙන කිචන් එකට ගියේ කන්න මොනාද තියෙන්නේ කියලා බලන්න
රාත්‍රි හත පමන වන විට රූහා ඇහැරුනා කෙල්ල ඇස් අරින්නේ නැතුව අත් දිගහැරලා හිරි ඇරියා කම්මැලිකමේ ඇස් ඇරිය රූහා දැක්කේ යාන්තම් විදුලි ආලෝකයෙන් ආලෝකමත් වුනු ලොකු බෙඩ් රූම් එකක ඉන්නේ කියලා සටස් ගාලා නැගිට්ට කෙල්ල වටපිට බැලුවත් කවුරුවත් පේන්න හිටියේ නැ එයාට මතක යුංගි එක්ක කැබ් එකට නැග්ගා විතරයි
කෙල්ල බ්ලැන්කට් එකත් එහාට ඇදෙන් බැහැලා රූම් එකෙන් එලියට ගියා ඒත් එක්කම ආපු කෑම සුවදක් නිසා කිචන් එක පැත්තට ගියා එතකොට කෙල්ල දැක්කේ කිචන් එකට වෙලා බරටම වැඩ කරන යුංගිව කොල්ලාව දැක්කාම කෙල්ලගේ මූනේ ආදරනීය හිනාවක් ඇදුනා කෙල්ල ශේප් එකේ යුංගිගේ පිටිපස්සෙන් ගිහින් බැක් හග් කලා යුංගි කරමින් හිටපු වැඩේ නවත්තලා එයාගේ වටේ එතිලා තිබුණු සිහින් පුංචි අත් දෙක දිහා බැලුවා
" කම්මැලි කෙල්ල නැගිට්ටා ද....?"
රූහාගේ අතක් පිරිමදින ගමන් ඇහුවාම කෙල්ල යුංගිගේ පිටේ මූන ඇතිල්ලුවා
" වොෂ් එකක් දාගෙන එන්න බඩගිනිත් ඇති නේ "
" එතෝට ඇදුම්...."
කොල්ලාගේ අත අස්සෙන් රිංගලා යුංගි දිහා බලාගෙන ඇහුවා
" මගේ ඇදුමක් ඇදගන්න අපි දෙන්නා විතරයි නේ ඉන්නේ "
රූහාගේ නහයට තට්ටුවක් දාලා කිව්වා
" හලි හලි...."
ඔලුවත් කස කස රූහා ආපහු රූම් එකට යන දිහා යුංගි බලාගෙන ඉදලා ආපහු වැඩ පටන් ගත්තා කොල්ලාට මතක් වුනේ රූහා මුලින්ම දැකපු දවස
යුංගි වෙනදා වගේම එදත් බයික් එකත් අරගෙන පාරට බැස්සා යුංගිට හිමින් ගිහින් පුරුද්දක් ඇත්තෙම නැති නිසා පුලුවන් උපරිම වේගෙන් බයික් එකෙන් ගියා ඔහොම යනකොට යුංගිගේ බයික් එකට හැප්පෙන්න ගිහින් අනූ නවයෙන් බේරුන කෙනෙක් තමයි රූහා කියන්නේ එදා යුංගි හෙල්මට් එක ගලවලා කෙල්ලට යකෙක් වගේ බැනගෙන යනකොට කදුලු පුරවගෙන අහගෙන හිටියා හැබැයි දැන් වගේ බැන්නොත් නම් සෙරෙප්පු පාරක් කන්න තමයි වෙන්නේ
YOU ARE READING
⚫𝖢𝗋𝗈𝗐𝗇 𝖯𝗋𝗂𝗇𝖼𝖾⚫||𝖬𝖸𝖦||✔️
Contoසීතල කුමාරයෙක්ගේ හිත හොරකම් කරපු දගකාර කෙල්ලෙක් වටා ගෙතුනු පුංචි කතාවක්..🌿 𝚈𝙾𝙾𝙽𝙶𝙸 𝙵𝙵