මධ්‍යම රාත්‍රිය උදා වී තිබූ හෙයින් බකමූනන් රැහැයින්ගේ හඩ හැරෙන්නට වෙනත් කිසිදු ශබ්දයක් ඇසෙන්නට නොතිබිනි තරු පිරිවරාගෙන සද අහසේ බැබලෙමින් තිබුනා සීතල සුලං රැලි දසත හමාගෙන යද්දී රූහා යුංගිගේ තුරුලට වෙලා එයාගේ අතේ තියෙන ring එක දිහා බලාගෙන හිටියා මෙතෙක් වෙලා හෝටල් කාමරය තුලින් නැගුනු කෙදිරිලි හඩ තවත් ඇසෙන්නට නොතිබිනි
" ඕක කවුරුවත් උදුරගෙන යන්නේ නැ ඕයි "
යුංගි කෙල්ලට රවන ගමන් කිව්වාම රූහා කොල්ලා දිහා බලලා හිනා වුනා රූහාට මුලු ලෝකෙම ලැබුනා වගේ කෙල්ල හිනාවක් එක්ක යුංගිගේ නිරුවත් පපුවට තුරුල් වුනා
" නිදාගන්න හෙට තමුසේ මාලිගාවට එන්න ඕන "
රූහාගේ දහඩියෙන් තෙත් වුනු කොන්ඩේ අතරේ අතැගිලි යවන ගමන් කොල්ලා කිව්වා AC එකත් වැඩි කරලා යුංගි ඇස් පියාගත්තේ සැනසීමෙන් කොල්ලා හිතුවේ රූහාව දැන් තමන්ගෙන් ඈත් කරන්න කවුරුවත් නැ කියලා
ඒත් කොල්ලා හිතපු විදිය වැරදි නම්...?යුංගිගේ තුරුලේ රූහා සතුටින් නින්දට වැටෙද්දී කොල්ලා රූහාගේ නලලට එයාගේ තොල් තද කලේ නිම කරන්න බැරි ආදරයකින් කෙල්ලගේ කොන්ද අතගාන ගමන් ඇස් පියාගත්තේ රූහාට අමාරු ඇති කියලා යුංගිට හිතුනු හින්දා
_________________________
යුංගි නොයිවසිල්ලෙන් බලාගෙන හිටියේ එයාගේ රූහා මාලිගාවට එනකම් ඔව් අද රූහා එයාගේ දෙමාපියෝ එක්ක මාලිගාවට එනවා කෙල්ලව දකින්න තියෙන ආසාවට කොල්ලා කාමරේ එහාටයි මෙහාට අවිදිනවා ඉවරයක් නැ මේක දිහා බලාගෙන හිටපු හෝසොක්ට දැන් කරකැවිල්ල හැදෙන්න වගේ
" අනේ බන් එක තැනකට වෙලා හිටපන් යකෝ රූහා එන වෙලාවක එයි "
හෝසොක් ඔලුවට අත ගහගෙන කිව්වා යුංගි මොනාහරි කියන්න හෝසොක්ගේ පැත්තට හැරුනත් දොරට තට්ටු කරන සද්දයක් ඇහුනු නිසා කටවහගෙන හිටියා
" ගිහින් බලපන් "
" මොන වුත්තක් ද මේ... ඔච්චර ඇවිදපු එකේ ගිහින් දොර ඇරපන්කෝ "
යුංගිට රවාගෙන හෝසොක් කිව්වාම කොල්ලා වටපිට බැලුවේ හෝසොක්ට ගහන්න දෙයක්

YOU ARE READING
⚫𝖢𝗋𝗈𝗐𝗇 𝖯𝗋𝗂𝗇𝖼𝖾⚫||𝖬𝖸𝖦||✔️
Historia Cortaසීතල කුමාරයෙක්ගේ හිත හොරකම් කරපු දගකාර කෙල්ලෙක් වටා ගෙතුනු පුංචි කතාවක්..🌿 𝚈𝙾𝙾𝙽𝙶𝙸 𝙵𝙵