මුලු පරිසරයම අඳුරු කරගෙන තදටම ඇද හැලෙන වර්ශාව දිහා තරුණ පිරිමි ළමයෙක් බලාගෙන හිටියා...කෝපි පාට ගැඹුරු ඇස් නලල වැහෙන්න දාලා තියෙන කලු පාට ඝන කොණ්ඩය ඒ වගේම ඇඟටම හිර වුන හමුදා නිල ඇඳුම,මේ හැමදෙයක්ම ගෙනාවෙ ඒ තරුණයාට අමුතුම කඩවසම් බවක්...
"සර්"ඒ කඩවසම් තරුණයා ලඟට ආපු තවත් තරුණයෙක් ආචාර කරලා එතනින් ඇවිත් හිටගත්තා..."මම කියලා තියෙනවනේ ඩියුටි කාලය අවසන් වුනාම මට සර් කියන්න එපා කියලා"ඒ තරුණයා පතලක් වගේ ගැඹුරු කටහඬකින් කිව්වා...
"සමාවෙන්න සර්"ලඟ හිටපු තරුණයා නැවතත් සර් කියලා තමන්ට ආමන්ත්‍රණය කරපු නිසා අනෙක් කඩවසම් තරුණයා ඔරවලා බැලුවා..."කිම් ටේහ්‍යුන්,මගේ නම"කඩවසම් තරුණයා වුන ටේහ්‍යුන් අනෙක් තරුණයා වුන මාක්ට කිව්වා...
"හරි ටේහ්‍යුන් ඔයා ඇඳුම් මාරු කරගන්නෙ නැත්ද?"මාක් ටේහ්‍යුන්ගෙ අතට තුවායක් දුන්නා..."යුන්ගි කොහෙද?" ටේහ්‍යුන් තුවාය පැත්තකින් තියලා කමිසෙ බොත්තම් එකින් එක ගලවන්න පටන් ගත්තා...
"අද රාත්‍රී මුර සේවයේ"මාක් එහෙම කියලා තමන් එනකොට අරගෙන ආවා කෑම පිඟන් දෙකෙන් එකක් කන්න ගත්තා..."හ්ම්,මම සෝදගෙන එන්නම්"ටේහ්‍යුන් ඔවුන් ඉන්න කාමරේම පැත්තකින් තියෙන කුඩා නාන කාමරය ඇතුලට ගියා...
ටිකකින් ටේහ්‍යුන් ඇඟ සෝදගෙන නාන කාමරෙන් එලියට ආවෙ ඉන වටේ තුවාය පමනක් ඇඳගෙන...මාක් පිරිමියෙක් වුනත් ටේහ්‍යුන්ගෙ මේ අසීමාන්තික කඩවසම් බවට ගැස්සෙන එක නතර කරගන්න පුළුවන්කමක් තිබුනෙ නැහැ...මාක් බලාගෙන හිටියෙ මේ ඇත්තටම මනුස්සයෙක්ද කියලා හරියටම තහවුරු කරගන්න වගේ...
"මාක් කාලා අවසන් නම් එලියට යන්න පුළුවන්ද?" තමන් දිහා ඕනවටත් වඩා ඕනකමකින් බලන් ඉන්න මාක් දිහා ටේහ්‍යුන් බැලුවා..."මොකක්?" මාක් එකපාරටම තමන් වාඩිවෙලා හිටපු තැනින් නැගිට්ටා...
"හහ්හා හහ්හා හරි හරි බන් පොඩි විහිලුවක් කලේ" ටේහ්‍යුන් තමන් ලඟට ආපු මාක්ගෙ පිටට ගැහුවා...මාක් හිනා වුනා...ඇත්තටම ටේහ්‍යුන්ගෙ කඩවසම් රූපේ දැක්කම මාක්ට අමතක වුනා එයාට ලස්සන ගැහැණු ලමයෙක් ඉන්නවා කියන එකත්...
YOU ARE READING
𝐏𝐫𝐢𝐧𝐜𝐞 𝐉𝐄𝐎𝐍 | 𝘵𝘢𝘦𝘬𝘰𝘰𝘬 || ongoing
Fanfictionමේ ලෝකෙ හැම ප්රශ්නයකටම පිලිතුරක් තියෙනවා,නමුත් ඔහුගේ ප්රශ්නයට ඔහුගේ ආදරය ගාව පිලිතුරක් තියෙනවද? "මම බලන් ඉන්නවා,ඔයා ආයෙ එනවා නේද?" යම් දිනක හැර යන බව දැනම නුඹ කලා මා හට ආලය සසරෙ සැමදා පැතුවෙ අපි අපිවමයි මා දන්නවා දැන් නුඹ මාගෙන් අසන පැනය මක් කි...