Double Update👍1985
"මේක බොන්න" ඩේලියා,කෙවින් දෙන්නම හිටියෙ කෙනෙක්ව මුනගැහෙන්න ඇවිත්..." Thank you" ඩේලියා හිනා වෙලා පිලිගන්වපු තේ එක අතට ගත්තා...
"ඔයාලට දැනගන්න ඕන ටේහ්‍යුන් ගැනද?" ඒ කෙනා ඩේලියා දිහයි කෙවින් දිහයි බැලුවා..."ඔව්" ඩේලියා තේ කෝප්පය ලග තිබුන කුඩා ස්ටූල් එක උඩින් තිබ්බා...
"ම්ම් මම ලුතිනන් යටතේ හතරවන බලඇනියෙ හිටපු සොල්දාදුවෙක්" එම සොල්දාදුවා හුස්මක් මුදාහැරලා ඉස්සරහින් පේන කඳු පන්තිය දිහා බලන් හිටියා...
"එතකොට මිස්ටගෙ නම?" කෙවින් තමන්ගෙ හඬ අවදි කරා..."මම මාක්" පරන සොල්දාදුවෙක් වුන මාක් ඉස්සරහ බලාගෙනම හිටියා...ඩේලියා කෙවින් ඇවිත් ටේහ්‍යුන් ගැන දැනගන්න ඕන කියලා කිව්වම මාක්ට දැනුනෙ පපුව හිරවෙනවා වගේ හැඟීමක්...මොකද ටේහ්‍යුන් ගැන මාක් දන්නෙ නැහැ...
"අපිට දැන ගන්න ඕන ඒ දවස් වල වුන දේවල් ගැන සර්" ඩේලියා නැගිටලා මාක් ගාවින් ගිහින් හිටගත්තා..."ඒ දවස් වල ගොඩක් දේවල් වුනා" මාක් තවමත් හැඟීමක් නැතුව ඉස්සරහා බලාගෙනම හිටියා...
" ප්ලීස් අපිට කියන්න මොනවද වුනේ කියලා" ඩේලියා ආයාචනාත්මකව මාක් දිහා බැලුවා...
මාක් හැරිලා ගිහින් පුටුවකින් වාඩි වෙලා ඩේලියාට වාඩිවෙන්න කියලා සන් කරා...මාක් ලොකු බර හුස්මක් වා තලයට මුදාහැරලා කතාව කියන්න පටන් ගත්තා...
මාක් පැය බාගයක විතර කාලයක් අරගෙන තමන් දන්න හැමදේම කිව්වා...
"ඇයි සර් එතනින් එහාට දන්නෙ නැත්තෙ වුන දේවල්?" කෙවින් මාක්ගෙන් ඇහුවා...
"මගේ ඔම්මා නැති වුන නිසා මට මෙහෙට එන්න වුනා,ඔම්මා නැති වුන කම්පනයට මගේ අප්පා ගොඩක් අසනීප වුනා එයාව බලාගන්න කවුරුත් නැති නිසා මට සිද්ද වුනා ආයෙමත් හමුදාවට නොගිහින් ඉන්න" මාක් ඩේලියා කෙවින් දිහා බැලුවා...
"ලුතිනන් ගැන මම ගොඩක් දේවල් දන්නෙ නැහැ"මාක් ආයෙත් ඈතින් පේන කඳු පන්තිය දිහා බලාගෙන හිටියා..."මම අදටත් තවම දන්නෙ නැහැ ලුතිනන් දැන් මොනවා කරනවද කියලා,ලුතිනන් කියන්නෙ එයාගෙ ප්‍රශ්න අපි එක්ක බෙදාගන්න කෙනෙක් නෙමෙයි,ලුතිනන් කිම් ටේහ්‍යුන් කියන්නෙ ගාම්භීරත්වයේ සලකුන,එච්චරයි මට කියන්න තියෙන්නෙ" මාක් තමන්ගෙ ඇස් වලින් වැටුන කඳුලු ඉක්මනින් පිහදැම්මා...
YOU ARE READING
𝐏𝐫𝐢𝐧𝐜𝐞 𝐉𝐄𝐎𝐍 | 𝘵𝘢𝘦𝘬𝘰𝘰𝘬 || ongoing
Fanfictionමේ ලෝකෙ හැම ප්රශ්නයකටම පිලිතුරක් තියෙනවා,නමුත් ඔහුගේ ප්රශ්නයට ඔහුගේ ආදරය ගාව පිලිතුරක් තියෙනවද? "මම බලන් ඉන්නවා,ඔයා ආයෙ එනවා නේද?" යම් දිනක හැර යන බව දැනම නුඹ කලා මා හට ආලය සසරෙ සැමදා පැතුවෙ අපි අපිවමයි මා දන්නවා දැන් නුඹ මාගෙන් අසන පැනය මක් කි...