"මගේ බිරිඳ" ලිවුම එවපු කෙනා සඳහන් කරලා තිබුනෙ එහෙමයි...ඉතින් ටේහ්යුන්ට මේ වගේ බිරිඳ විදියට එවපු පලමු ලිවුම...ඒත් ඒ ලිවුමෙ එවලා තියෙන්නෙ කොහෙන්ද කියලා ලිපිනයක් සඳහන් කරලා තිබුනෙ නැහැ...ටේහ්යුන් කෝපි කෝප්පය පැත්තකින් තියලා ඇඳ ලග බිමින් වාඩි වෙලා ලිවුම බොහොම පරිස්සමට කැඩුවා...
"ලස්සන අකුරු" ලිවුම කැඩුව ගමන් ටේහ්යුන්ට ඉබේම වගේ කියවුනා..."සුවඳයි" ටේහ්යුන් ලිවුම එහෙම්ම අරගෙන නාහෙට තද කරගත්තා...ටේහ්යුන්ට ඒ ලිවුමෙන් රෝස සුවඳක් ලාවට ආවා...
ටේහ්යුන් හිනා වෙලා ලිවුමෙ වචන කරලා තියෙන බෝල අකුරු දිහා ගොඩක් ඕන කමින් බැලුවා...ටේහ්යුන්ට තේරුනා ඒ අකුරු වල කියවන්න නොතේරෙන හැඟීම් ගොඩක් හැංගිලා තියෙනවා කියලා...ටේහ්යුන්ගෙ ඇස්වල වෙනදට දකින්න නැති හැඟීම් පිරිලා තිබුනා...
මගේ ආදරණීය ස්වාමිපුරුෂයා වෙත,
ඉතින් ඔබ හොඳින් සිටිනවද?මමනම් කොහොමත් ඔබ නැතිව හොඳින් නෙමෙයි.මට හරි පාලුයි ඔබගේ ආදර වදන් නැතිව,ඔබගේ උණුසුම නැතිව.මම හැමදාම රාත්රියට හඳ එක්ක කතා කරනවා මොකද එතකොට මට හිතෙනවා මම කතාකරන්නෙ ඔයා එක්ක කියලා...
ඔයා හරි නරකයි.මට එක ලිවුමක්වත් එව්වෙ නැහැ මම බලන් හිටියා...මම දැන් මේ එවන සියවෙනි ලිවුම හහ්...ඔබ දන්නවද මම එක දවසක් කේක් එකක් හැදුවා හැබැයි ගිය සැරේ ඔබ ආවම ඔයාට හදල දුන්න එක වගේ කර වුනේ නැ ඒක රසයි...මම හිතනවා ඔබ දැන් ඕනවටත් වඩා කඩවසම් වෙලා ඇති කියලා...
YOU ARE READING
𝐏𝐫𝐢𝐧𝐜𝐞 𝐉𝐄𝐎𝐍 | 𝘵𝘢𝘦𝘬𝘰𝘰𝘬 || ongoing
Fanfictionමේ ලෝකෙ හැම ප්රශ්නයකටම පිලිතුරක් තියෙනවා,නමුත් ඔහුගේ ප්රශ්නයට ඔහුගේ ආදරය ගාව පිලිතුරක් තියෙනවද? "මම බලන් ඉන්නවා,ඔයා ආයෙ එනවා නේද?" යම් දිනක හැර යන බව දැනම නුඹ කලා මා හට ආලය සසරෙ සැමදා පැතුවෙ අපි අපිවමයි මා දන්නවා දැන් නුඹ මාගෙන් අසන පැනය මක් කි...