සොල්දාදුවො හැමකෙනෙක්ම හිටියෙ බූසාන් වල කඳු ආශ්රිත ප්රදේශයක...හිම වැටෙන කාලය නිසා ගමන් බිමන් කරන එක ගොඩක් අපහසු වුනා වගේම හැංගිලා ඉන්න වෙන එක වුනත් සොල්දාදුවන්ට ලොකු අපහසුවක් ගෙනාවා...
"උන් වෙස්වලාගෙන වුනත් එන්න බැරිකමක් නැ"සොල්දාදුවෙක් ටේහ්යුන් දිහා බැලුවා...ටේහ්යුන් හිටියෙ ඔවුන් ඉන්න බැරැක්කෙ ඇතුලෙ සැලැස්මක් දිගඇරගෙන බලමින්..."ඔව් වෙන්න බැරි කමක් නැ" ටේහ්යුන් එතන වටවෙලා ඉන්න හැම සොල්දාදුවෙක් දිහාම බැලුවා..."අපි සැලැස්ම ටිකක් වෙනස් කරන්න ඕන" ටේහ්යුන් පැන්සලක් අතට අරගත්තා...
"උන් කොහෙන් එනවද කියන්න අපි දන්නෙ නැ ඒ නිසා අපි හැම තැනකින්ම අපේ සොල්දාදුවන් සේවයේ යොදවන්න ඕන ඒක නිසා මම බෙදුව අකාරයට A කන්ඩායම ආරම්භක ස්ථානයට යන්න ඕන B කන්ඩායම අවසාන ස්ථානයට යන්න ඕන තේරුනාද?" ටේහ්යුන් තමන්ගෙ අතේ තියෙන පැන්සලෙන් සැලැස්මෙ අවශ්ය අකාරයට සටහන් කරා..."එතකොට මාත් එක්ක ඉන්න අය කොටසක් බැරැක්කෙ ඉන්න ඕන අනිත් කොටස මාත් එක්කම මුර සේවයේ යෙදෙන්න ඕන" හැම සොල්දාදුවෙක්ම අවදානයෙන් අහගෙන හිටියා...
"ලුතිනන් ආයුධ?" සොල්දාදුවෙක් තමන්ගෙ හඬ අවදි කරා..."ම්ම් ඔව් උන් අපිව අඳුරගෙන අපිට කොයි මොහොතෙ පහර දෙයිද කියන්න දන්නෙ නැ ඒක නිසා අපි සාමාන්ය ඇඳුම් වලින් හිටියත් ආයුධ සඟවාගෙන ඉන්න එක කරන්න ඕන" ටේහ්යුන් තමන්ගෙ වටේ රැස් වෙලා කරන්න ඕන මොනවද කියලා අවදානයෙන් අහන් ඉන්න සෙබලු දිහා බැලුවා...
"ලුතිනන් අපි කරන්නම්" හැම කෙනෙක්ම ටේහ්යුන්ට ආචාර කරලා තම තමන්ට පැවරුන රාජකාරි වලට විසිර ගියා...
"මම සුබ පතනවා ටේහ්යුන්ට හැමදේම හොඳින් කරගන්න පුළුවන් වෙන්න කියලා" එරික් ටේහ්යුන් එක්ක එකටම කඳවුරේ සේවය කරන සාමාන්ය සොල්දාදුවෙක්...ටේහ්යුන් එරික්ට ටිකක් ගරු කරේ තමන් ලුතිනන් වුනත් එරික් කියන්නෙ තමන්ට වැඩිය වැඩිමල් කෙනෙක් නිසා...
"බොහොම ස්තුතියි හ්යුන්" ටේහ්යුන් හිනා වුනා..."මම එහෙනම් මගේ කන්ඩායම එක්ක යනවා" එරික් එහෙම කියලා ටේහ්යුන්ට ආචාර කරා..."හරි හ්යුන්" ටේහ්යුන්නුත් ආපිට එරික්ට ආචාර කරා...
YOU ARE READING
𝐏𝐫𝐢𝐧𝐜𝐞 𝐉𝐄𝐎𝐍 | 𝘵𝘢𝘦𝘬𝘰𝘰𝘬 || ongoing
Fanfictionමේ ලෝකෙ හැම ප්රශ්නයකටම පිලිතුරක් තියෙනවා,නමුත් ඔහුගේ ප්රශ්නයට ඔහුගේ ආදරය ගාව පිලිතුරක් තියෙනවද? "මම බලන් ඉන්නවා,ඔයා ආයෙ එනවා නේද?" යම් දිනක හැර යන බව දැනම නුඹ කලා මා හට ආලය සසරෙ සැමදා පැතුවෙ අපි අපිවමයි මා දන්නවා දැන් නුඹ මාගෙන් අසන පැනය මක් කි...