1985 year
"සුබ උදෑසනක් ඩේලියා"උතුරු කොරියාවෙ ප්‍රධාන ජනරාල්වරයෙක් වන කිම් යොන්දො තමන්ගෙ කාර්යාලයට ආව රූමත් තරුණියව සුහඳව පිලි ගත්තා...
"සුබ උදෑසනක් යොන් අන්කල්"රූමත් තරුණිය වන ඩේලියා ජනරාල්වරයාගෙ ඉස්සරහා තියෙන පුටුවකින් වාඩි වුනා..."ඉතින් මට එන්න කිව්වෙ අන්කල්"ඩේලියා යොන්දො එක්ක හිනා වුනා...
"අපි මොනව හරි බීලා ඉමු"යොන්දො ඩේලියා ලඟින් තේ කෝප්පයක් තිබ්බා..."තෑන්ක්ස් අන්කල්"
"මම එන්න කිව්වෙ පොඩි විශේෂ දේකට ඩේලි"යොන්දො බැරෑරුම්ව ඩේලියා දිහා බැලුවා..."මොකක්ද?"ඩේලියා තේ එකෙන් උගුරක් බීලා යොන්දො දිහා බැලුවා...
"ඔයාගෙ සීයා මට ගොඩක් කාලෙකට කලින් දෙයක් දුන්නා,මේක"යොන්දො තමන්ගෙ මේස ලාච්චුවෙ තිබිලා රතු පාට පරණ පෙට්ටියක් අරගෙන මේසෙ උඩින් තිබ්බා..."මොකක්ද මේ?"ඩේලියා ඒක අතට අරගෙන බැලුවා...
"ඕක ඇතුලෙ තියෙන්නෙ ලියුමක්,තව මොනවද තියෙන්නෙ කියන්න දන්නෙ නැහැ නමුත් ලියුමක් තියෙනවා කියලා විතරයි ඔයාගෙ සීයා මට කිව්වෙ,අහ් මේකත් ගන්න මේ ඔයාගෙ සීයා මැරෙන්න කලින් ඔයාට දෙන්න කියලා කියපු ලියුමක්"යොන්දො තමන් ලඟ තිබුන ෆයිල් එකකින් ලියුම් කවරයක් ඩේලි අතට දුන්නා...
"මම දැන් මොකක්ද කරන්න ඕන"ඩේලියට මේ මොකුත් හිතාගන්න විදියක් නැහැ...හැමදේම පටලැවිල්ලක් වගේ..."ගෙදර ගිහින් සීයාගෙ ලියුම කියවන්න"යොන්දො හිනා වෙලා ඩේලි දිහා බැලුවා...
"හරි අන්කල් මම එහෙනම් ගිහින් එන්නම්"ඩේලි නැගිට්ටා..."හරි පරිස්සමින් යන්න"යොන්දො ඩේලි එක්ක හිනා වුනා...ඩේලියා යොන්දොට ආචාර කරලා එතනින් එලියට ඇවිත් වාහනේට නැගලා ශටර් එකෙන් එලිය බලාගත්තා...
"මට තේරෙන්නෙ නැ මොනවා කරන්නද කියලා"ඩේලියා හිටියෙ සෝෆා එකේ වාඩි වෙලා නලල අත ගගා...ඩේලියාට හැමදේම පටලැවිල්ලක්..."මොනවද සීයා කියලා තියෙන්නෙ?"කෙවින් නැත්නම් ඩේලියාගෙ පෙම්වතා...
"කවුද ඒ කාලෙ හිටපු ලුතිනන් කෙනෙක් ලියපු ලියුමක් මේ පෙට්ටියෙ තියෙනවලු ඒක ඒ ලුතිනන් ආදරේ කරපු කෙනාට දෙන්නලු අනිවාරෙන්"ඩේලියා ස්ටූල් එක උඩ තිබුන පෙට්ටිය කෙවින් අතට දුන්නා..."ඉතින් දැන් මොකද කරන්නෙ?"කෙවින් ඇහුවා...
YOU ARE READING
𝐏𝐫𝐢𝐧𝐜𝐞 𝐉𝐄𝐎𝐍 | 𝘵𝘢𝘦𝘬𝘰𝘰𝘬 || ongoing
Fiksi Penggemarමේ ලෝකෙ හැම ප්රශ්නයකටම පිලිතුරක් තියෙනවා,නමුත් ඔහුගේ ප්රශ්නයට ඔහුගේ ආදරය ගාව පිලිතුරක් තියෙනවද? "මම බලන් ඉන්නවා,ඔයා ආයෙ එනවා නේද?" යම් දිනක හැර යන බව දැනම නුඹ කලා මා හට ආලය සසරෙ සැමදා පැතුවෙ අපි අපිවමයි මා දන්නවා දැන් නුඹ මාගෙන් අසන පැනය මක් කි...