"සමාව ඒක දන්නවද.. "
"නැවතත් ප්‍රශ්නයක්. "
"ඔව් දන්නවා.."
"නෑ දන්නෑ.."
"දන්නෑ ?"
"ඔව් ඔයා දන්නෑ සමාව කියන්නේ මොකක්ද කියලා.."
මා සිටි බංකුවට මදක් ඈතින් වඩේ කරත්තයක් හඬ දෙමින් ඉදිරියට යන්නට වුණා. මන් මොහොතක් ඒ දෙස බලා හිඳ නැවත අර කටහඬට අවධානය දුන්නා.
"හරි එහෙනම් කියන්න සමාව තියෙන්නේ කා වෙනුවෙන්ද ?"
"හැමෝටම"
"වැරදි කරන හැමෝටම සමාව ගන්න පුළුවන් ?"
"ඔව් පුළුවන්"
"එතකොට වැරැද්ද හරි ගැස්සෙනවද.."
"නෑ.."
"එහෙනම් මොකද වෙන්නේ"
"හිතට සහනයක් දැනෙනවා ඇතිනේ.. සමාව දෙන කෙනාට."
"ඔව් ඔයා හරි"
පළවෙනි වතාවට ඒ කටහඬ ධනාත්මක වුණා. දන්නේ නෑ.. මතක නෑ... නෑ නෑ.. නෑ.. කිය කියම ඉඳපු කටහඬින් මා නිවැරදි බව හිටියැටියෙම පැවසීම මට ගෙනආවේ අමුතු සතුටක්.
"ඉතින් ඇයි ඔයා මට සමාව දෙන්නෙ නැත්තේ..!!"
"ඒ කියන්නේ.."
"මට සමාව දීලා ඔයා නිදහස් වෙන්නේ නැත්තේ ඇයි.. "
"මට තේරෙන්නේ නෑ.. "
"ඇයි මට සමාව නොදෙන්නේ.."
ඒ කටහඬ නොසන්සුන් වුණා සෑහෙන. කරපු වැරැද්දක් නොදැන සමාවක් දෙන විදියක් ගැන ඒ වෙද්දි මන් දැනගෙන හිටියේ නැහැ..
"ඇයි සමාව දෙන්නැත්තේ.. ඔයා නිදහස් වෙන්න.."
"සමාව දෙන්න.. මට සමාව දෙන්න.. මට සමාවෙන්න..!!"
එන්න එන්නම ඒ කටහඬ නොසන්සුන් වූ තැන අකමැත්තෙන් වුණත් මට ඒ රූපේ දිහා බලන්න සිදුවුණා.. මන් කිව්වේ කටහඬේ අයිතිකරු දිහා..
පුදුමයක්..
බංකුවේ මා සිටි තැනට අනික් පස පෙර පරිදීම හිස්.. කිසිවෙකු එහි සිටියේ නැහැ. මා දකුණු පසින් පේන වෙරළ දිහාවට සැනෙකින් දෑස් යොමු කළා.. නැහැ පේන තෙක් මානෙක් කිසිවෙකු සිටියේ නැහැ.. වමතද එසේමයි..
"ඔයාට රූපයක් නැද්ද.."
"තියෙනවා.."
මගේ එහාපැත්තෙන්ම ඒ කටහඬ ආයේ මතුවුණත් එවෙලෙ මන් ටිකක් ගැස්සුනා. වෙන්නේ මොකක්ද කියලා හරි හමන් අවබෝධයක් නොතිබුණු නිසා.
"ඇයි මට පේන්නේ නැත්තේ.."
"ඔයාට පේන්නෙ සමහර වෙලාවල්වලට විතරයි.."
"මොනවද ඒ වෙලාවල්.."
"සමාව දෙනවද.?"
ප්‍රශ්නයට ප්‍රශ්නයක් ම යොමු වූ තැන පිළිතුරක් දීගන්න බැරි නිසා මා නිහඬ වුණා..
...............................................................
:)