"ඔයට මාව බලන්න ඕනද?"
"ඔව් අනිවාර්යෙන් ම"
"ඔයා මාව අනන්තවත් දැකලා තියෙනවා."
"නෑ. "
"මන් කිව්වේ ඔයාට මාව මතක නෑ.."
"කොහොමද මන් ඔයාව දකින්නේ.."
"නැගිටින්න..."
හිතට කුතුහලයක් නැගුණත් මන් ඒ කටහඬ පැවසූ ආකාරයටම බංකුව ඉස්සරහා හිටගත්තා.
"දැන්"
"බිම බලන්න.."
වැල්ලයි වැල්ලේ ර්හිබුණු සිප්පු කටුයි ඇරෙන්න වෙන දෙයක් මන් දැක්කේ නෑ.
"විශේෂයක් නෑ.."
"ඔය ආයෙත් ඔයා මාව මගඇරියා.."
"ඒ කියන්නේ.. "
"හොඳට බලන්න.."
"වැලි, සිප්පි කටු, තව ඔය වැල්ලේ තියෙන එක එක දේවල්.. මගේ හෙවනැල්ල..
එච්චරයි.."
"ආ ඔය කිව්වේ.."
"මොකක්ද.."
"ඔයා දැක්කා.."
"කාවද"
"ඔයාව.."
"ඉතින් මට ඕන ඔයාව බලාගන්නනේ.."
"ඉතින් මම තමයි ඔයා.."
"මොකක්.."
"හිතාගන්න මන් ඔයාගේ ආත්මය ඔයාගේ සෝල් එක කියලා.."
"එතකොට මන් කතා කළේ මන් එක්කද.."
"ඔව්.. හරියටම කියනවනම් ඔයා කතා කළේ ඔයා එක්ක.."
"තේරුනේ නෑ.."
"ඔයා කතා කළේ.. ඔයාට මග ඇරුණු ඔයා එක්ක.. ඔයාට අමතක වුණු ඔයා එක්ක..
ඔයාට හිස්බවක් දැනෙනවා කිව්වා නේද ඒ ඔයාට ඔයාව මගඇරුණු හින්දා.. අමතක වීගෙන යන හින්දා..
ඔයා එකපාරක් ඔයාට සමාව දෙන්න.. සමහර හුස්ම ගන්න පවා අමාරු දවස්වලදි ඔයාටම සමාව දෙන්න.. ඔයා කිව්වා නේද සමාව තියෙන්නේ දෙන කෙනාට කියලා.. ඔව් සමාව තියෙන්නේ ගන්න නෙමෙයි දෙන්න.. දෙන කෙනාගේ හිත නිදහස් කරගන්නයි සමාව කියන එක තියෙන්නේ...ඉතින් ඇයි ඔයා ඔයාට සමාව දීලා නිදහස් වෙන්නේ නැත්තේ..
මාව අමතක කරන්න එපා..සැරින් සැරේට මෙහෙම ඇවිත් මට මන් ගැන ඔයාට මතක් කරවන්න බෑනේ.. මිනිස්සු අතරට වැටුණ හැටියේ මාව අමතක කරන්න එපා.. මන් ගැන හිතන්න.. මන් වෙනුවෙන් වැඩ කරන්න..
ඔයා තමයි මාව බලාගන්න කෙනා.. මම මේ ජීවිත කාලේ ඉවර වෙලා තව ජීවිතයක් හොයාගන්නකන් .. ඔයා මාව බලාගන්න...
ඉස්සෙල්ලා මාව අඳුනගන්න.. මගේ ඇතුළේ තියෙන.. කලාව අඳුනගන්න.. ඔයා ඔයාව අහන් ඉන්න.. වෙන විදියකින් කියනවනම් මට ඇහුම්කන් දෙන්න..
මට ඔයාගෙ ඇතුළේ මැරෙන්න දෙන්න එපා..!!"
ඒත් එක්කම වේගවත් මූදු රළක් මහා සද්දෙන් ඇවිත් ගල්පර සිපගත්තේ මාවත් තෙමන ගමන්.
දැන් ඇහෙන්නේ හුළඟයි මුහුදේ සද්දේ කාක්කොන්ගේ සද්දේ ඈතින් එහෙට මෙහෙට යන එන වඩේ කරත්තේ සීනුවේ සද්දෙයි විතරයි..
මා එක්ක හවසක සංවාදයක්..
වෙනසකට හේතුවක් !!
ඔයාට ඔයාගේ ඇතුළේ මැරෙන්න දෙන්න එපා !!
.................................................................
:)