පහුවදා උදේ නැගිට්ට මට මමී කිව්වෙ දවල් වෙනකොට ජාන්ව ඩිස්චාර්ජ් කරන නිසා රෑ වෙලාම ජාන්ව බලන්න ගෙදර යමු කියලා. හෙට ආයෙමත් කෑම්ප් එකට යන්න ඕනෙ. යන්න කලින් එයාගෙන් සමාව ගන්න ඕනෙ. එයා එක්ක අපේ ගෙදර ආදරෙන් ඉන්න දවසක් ගැන මන් දැනටමත් හීන මවන්න පටන් අරගෙන තිබුණා. මන් කවදාවත් කාත් එක්කවත් ඒ වගේ ඉන්න හීන මවලා තිබුණේ නෑ. අඩුම තරමෙ ශනූ එක්කවත්. ජානුත් එහෙම හීන මවන්න ඇති. ඒ දේවල් මතක් උන මම ලොකු හුස්මක් පහළ දැම්මේ එයා ආයෙමත් මගෙ ළඟට නොඒවිද කියලා බයක් හිතේ පැතිරෙනකොට. එයාව දකින්නේ නැතුව හවස් වෙනකන්ම හිටියේ පුදුම අමාරුවකින්. දවල් එයාව ඩිස්චාර්ජ් කරලලු. කල්පනා කර කර හිටිය මට මමී ළඟට එනවාවත් දැනුනේ නැහැ.
"පුතා..."
"මමී..."
"කෝ ගිහින් ලෑස්ති වෙන්න ජාන්ව බලන්න යන්න."
මමී කියන පමාවට මම වොශ්රූම් එකට රිංගුවේ ඉක්මනට ලෑස්ති වෙන්න. මමී එක්ක ජාන්ව බලන්න යන්න ගමන් සුපර්මාර්කට් එකක් ළඟින් වාහනේ නැවැත්තුවේ මමී කිව්ව නිසා. මමී සුපර්මාර්කට් එකට ගිහින් එනකන් පාර්කින් එකේ වාහනේ නවත්තගෙන හිටිය මම දැක්කේ පාරෙන් එහා පැත්තෙ තියෙන ෆ්ලවර් ශොප් එක.
ඒ මල් ටික දැක්ක ගමන් ජාන්ව මතක් උන මම දෙපාරක් නොහිතා ඒ ෆ්ලවර් ශොප් එකට ගියා.
ෆ්ලවර් ශොප් එකේ එක එක වර්ගෙන් මල් ජාති ගොඩාක් තියෙනකොට එයාට ගෙනියන්නෙ මොන ජාතියද කියලා හිතා ගන්න බැරි උනා. සුදු ටියුලිප් කියන්නේ සමාව ඉල්ලන්න සංකේතයක් හින්දම එයා වෙනුවෙන් සුදු ටියුලිප් බොකේ එකක් දෙන්න කිව්වෙ කඩේ වැඩ කරපු කෙනාට.
YOU ARE READING
🌸YOURS AGAIN🌸 [Yizhan Short]•°•|ᴄᴏᴍᴘʟᴇᴛᴇ|✓
Fanfictionඅත් හැරෙන්න ගිය ඔය අත අත් හැරෙන්න නොදී අල්ල ගන්න පුළුවන් උනේ මගේ පෙර පිනකට. "පුළුවන් නම් එක පාරක් මට සමාව දෙන්න මැණික. ජීවිත් කාලෙටම ආදරේ එක අංශු මාත්රයක්වත් අඩුවක් නොකර බලාගන්නම්." -⎝WY💚⎠ දැක්ක පළවෙන...