අතීත ආවර්ජන

62 8 2
                                    

සත්තයි බං දැනගෙන හිටියේ නෑ පුංචි උඹේ හිතේ මං ගැන ඒ තරම් ලොකු ආදරයක් ඉපදිලා තියෙනවා කියලා.උඹ ඇවිත් කියද්දි නපුරු පෙනුමක් මවාගත්තත් උඹ උඹෙ පළවෙනි ආදරෙන්ම පැරදෙන්න යන බව උඹෙ පළවෙනි ආදරේ අයිතිකාරයා වුණු මම දැනගෙන හිටියා.මට තාම මතකයි වටපිටාවක් නොබලම කලබලෙන් හවස හයට ගෙදරට යන්න ඔනි කියන නීතියට යටත් වුණු මම බස් හෝල්ට් එකෙන් බැහැලා එද්දි මගෙ පස්සෙන් දුවන් ආපු උඹව.මං හිතන්නේ එදා උඹ ඉස්කෝලේ තිබුණු හවස අමතර පංතියකට ගිහින් එන ගමන් උඹෙ විඩාබර මූණ පුරාවටම තිබුණේ පාන්දරක අවදි වෙලා මහන්සි වෙලා  පාඩම් කරපු බවක් කියලා මට අදුරගන්න හුග වෙලාවක් ගියෙ නෑ මොකද මටත් ඔහොම කාලයක් තිබුණා.මං උඹව දැනගෙන හිටියා හැබැයි ඒ නමකින්වත් ගමකින්වත් නෙවෙයි වෙනම විදිහකට.මහනුවර ප්‍රසිද්ධම බාලිකාවක 10 වසරේ ඉන්න උඹව මං මතක තියාගත්තේ බස් එකේදි මං දිහා බලන නංගි කියලා.ඒ දවස්වල මං After o/l නිසා courses වගයක් හින්දා නුවර එමින් යමින් හිටපු කාලේ.උදේ පාන්දර ගෙදරින් ගියාම මට ගෙදර එන්න වෙන්නෙ හවස හයට. හැමදාම මං උඹව අපෙ පාරේ CTB බස් එකේදි දකිනවා. SHEET 3 SIDE එකේ මං BUS WINDOW එක ගාවට ඇදෙද්දි හැමදාම මාව බලන්න පුලුවන් SHEET 2 SIDE එකේ ඉදගන්නේ උඹටත් වඩා පොඩි මල්ලිට window එක දීලා.දන්නව ද? බං උඹ වගේ පොඩි උන් ගොඩක් මං දිහා බලනවා ඒ ආදරේකටනම් නෙවෙයි ඒක නිකන්ම නිකන් ආකර්ශනයක් . Tomboy style  එක follow කරන ඕනිම කෙනෙක්ට පොදු දෙයක් ඕක.ඒත් එක දෙයක් මං අවංකව උඹට කියන්න ඕනි පොඩ්ඩෝ උඹ අවංකව මට පේවිලා හිටියා කියලා මං දැනගෙන හිටියා .උඹ වගේ නෙවෙයි පොඩ්ඩො මගෙ ජීවිතේ තිබුණේ ගිනිගොඩක .අම්මයි අප්පච්චියි හැරෙන්න මට ජීවිතේ ගැන කිසිම ආසවක් තිබුණේ නැති තරම්. අනික මං ආදරේට වයිර කරනවා මටත් වඩා මං ආදරේට වයිර කරනවා.බස් එක පැයක් විතර වංගු තියන පාරේ ලස්සනට ඇදිලා යද්දි මං මගෙ ඇස් දෙකෙන් එළිය බලාන සිහි කරේ මගෙ අදුරු අතීතේ. මට සමාවෙයන් පොඩ්ඩෝ දැනගෙන හරි නොදැනගෙන හරි මුල්ම දවසෙ උඹ මට හිනාවෙද්දි මං ආපිට හිනාවුණාට.මං ඒම හිනාවුණේ නැත්තනම් වෙන අයට වගේම උඹටත් කිංඩි හිනාවක් දැම්මනම් අද උඹෙ ජීවිතේ මීට වඩා ලස්සන වෙන්න තිබුණා බං.ඒ හිනාවට උඹෙ මූණේ ඇදිලා ගියපු අහිංසක හිනාවට මට අහකක් බලන්න බැරි වුණේ මගෙ අතීතේ හිටපු කෙනෙක් නිසාමයි .

ඔයා දන්නේ නෑ පොඩ්ඩො උඹ ආදරේ කරලා තියෙන්නේ අවංක ආදරේකින් අසම්මතයි කියාගත්තු සමාජෙක මිනිස්සු නිසා පැරදිලා විදවන කෙනෙක්ට කියලා.උඹෙ වචන මට තාමත් මතකයි.ඒ වචන මගෙ කන් අස්සෙ තාමත් දෝංකාර දෙනවා බං . ඒ වචන සීතල මගෙ හදවත හිරිවැට්ටුවා ඒත් සමාවෙයන් බං උඹට අවස්තාවක් දෙන්න මට බැ.උඹ කියපු විදිහ මට තාමත් ඉදලා හිටලා මතක් වෙනවා.

" අක්කේ , ඔහොම බලන්න එපා හලෝ මට බය හිතෙනවා.හරි හරි රවන්න එපා මං දන්නවා මං කොච්චර කියෙව්වත් ඔයා වචනයක්වත් මට කියන්නෙ නැහැ කියලා. දැන් මාස 4ක් අක්කේ මං ඔයාව මේ බස් එකේදි දැකලා . මට ඔයාට කියන්න දෙයක් තියෙනවා. ඔයාට පුදුමයක් නැද්ද මොකක්ද ඒ කියල්වත් දැනගන්න .මට උත්තර දෙන්නකො please."
උඹ ඔහොම කියාගෙන මගෙ අතේ එල්ලීගෙන මං එක්කම රටා මවවද්දි මට් ආවේ කේන්තියක් බං.මං වචනයක්වත් කිව්වෙ නැත්තේ මං එක වචනයක් කිව්වොත් ඇත්තමයි උඹ අඩනවා බං .🥀 මං අත ගසලා දැම්මත් උඹ ආයෙත් එල්ලෙන්න එද්දි ඇත්තමයි උඹ කෙල්ලෙක් නොවුනනම් මං මෙලහකට පොළොවෙ ගහලා දෙකක් ඇනලා. පස්සෙ උඹ කිව්ව කතාවට මට හීල්ලූනා බං .පව් උබ ඒත් මට කරන්න දෙයක් තිබුනේ නෑ.

"අක්කේ මං ඔයාගෙ ඉස්සර දේවල් හැමදේම දන්නවා.හී හී ඔහොම බලන්න එපා මං එවා හොයාගත්තේ පුදුම අමාරුවෙන් අහ්.ඒවා වැඩක් නෑ මං දන්නවා ඔයා දන්නවනෙ මං ඔයාට කැමති කියලා .ඒත් මට දැන්ම ආදරේකට යන්න අමාරුයි හලෝ .ඒත් අපි යාලුවෝ වෙමුකෝ.පස්සෙ දවසක ඔයා මට හෙමින් උත්තරයක් දෙන්න.මං ඔයාට ආදරෙයි මගෙ අක්කේ.මට ඔයාගෙ වෙන්න ඔනි ඔය පපුවට තුරුල් වෙන්න ඔනි."

මං උඹව අතින් ඇදලා එහාට කරලා ඉක්මන් ගමනින් ගෙදරට ගියේ අදනම් අම්බානක කන්න වෙන බව දැනගෙන හිටිය නිසයි.

උඹ දන්නේ නෑ පොඩ්ඩෝ මං ගෙදර යද්දි උඹ මගෙ අතින් අල්ලන් කියපු දේවල් photoes ගහලා කොහෙවත් ඉන්න නරුමයෙක් අපෙ ගෙදරට යවලා.මට තාම මතකයි අම්මා මට දීලා තිබුණු warning එක ඒ වෙද්දි.අයේ කෙල්ලෙක් එක්ක ඉන්නවා දැක්කොත් කුඩයක් කැඩෙන්න ගහනවා කිව්ව එක.

කිව්වා වගේම මං ගුටි කෑවා ඒකත් කුඩයක් කැඩෙනකන්  . දන්නව ද එක කදුලක් බිමට වැටුණේ නෑ දැනුණේ උඹ ගැන තරහවක්. ඇත්තමයි මට උඹව හොයාගෙන එන්න හිතුණා ඕයි.



















-Don't judge a book by it's cover -
-We all have a gold or old past -

අහම්බයක්Where stories live. Discover now