ඇයි ඇයම

40 6 5
                                    

පොඩ්ඩො උඹත් අනේ මන්දා වෙලවකට යක්ශ පැටියෙක්. ඇති වෙන්නෙම නැද්ද බං මෙහෙම පස්සෙන් එන්න අනික අනේ මන්දා උඹ මං එක්ක කතා කරන්නේ හරියටම මේ දන්න කෙනෙක් වගේ. උඹත් මාර වැඩ කරන්නේ උඹ පොඩියි කියල හිතුවට බලන් යද්දි උඹෙ බොලද වැඩ වලින් පොඩි වෙන්නෙ මගෙ නම්බුව අෆ්ෆා.😂 දවසක් දහම් පාසල් යන ජාතික ඇදුමත් ඇදගෙන යාලුවෝ පහකුත් එක්ක උඹ අපෙ ගෙදර ඇවිල්ලා ඒකත් පොසොන් එකට බක්ති ගීත කියන්නලු. ඉරිදට විතරයි ගෙදර ඉන්න තියෙන්නේ පිස්සෙක් වගේ ඇද බදාන නිදන් හිටපු අපෙ අම්මා පහළ තට්ටුවේ ඉදන් උඩ තට්ටුවේ හිටපු මාව අවදි කළේ සුහද ආමන්ත්‍රණයකින් , හැබැයි ඒක ඇහුණු උඹනම් හිනාවෙන්න ඇති හොදට. 

අම්මා මට කියද්දි
'බබා පහළට එනවකො ඔයාගෙ යාලුවෝ ටිකදෙනෙක් ඇවිත් '
මං බැලුවේ මොන ගොරිල්ලෙක්ද යකෝ ඒ පාර කියලා. කිව්වා වගේම ගොරිලි රංචුවක් ඇවිත් තිබුනේ.

ඇත්තමයි පොඩි එකෝ උඹනම් මහ පුදුම වදයක් මට දෙන්නේ.සැරයක් දෙසැරයක් එපා කිව්වම වද නොදීහිටපන්කෝ .යකෝ මගෙ bottom වෙන්න පෙරුම් පුරාන පස්සෙන් එද්දි ගෙදරට එනවනම් බැරිවෙලාවත් bottom වුනොත් උඹ අපෙ ගෙදරම ඉදීනේ. ඇත්තමයි උඹනම් ජාත්‍යන්තර වදකාගාරයක් ඕයි.

එදා උඹ යද්දි මං බලාන උඹෙ යාලුවෝ උඹට මොනදා විහිලු කරනවා මාව පෙන්නගෙන.අපේ කාලේ මෙහෙම වුණේ නෑ හාදුරුවනේ😂 කමන්නෑ දැන් ඉන්න පොඩ්ඩෝ පොඩි වැඩ්ඩොනෙ 🥴

මං රණ්ඩු කරන්න තරම් පිරියකින් නෙවෙයි එදා හිටියේ උඹ ඇවිත් මගෙ sheet එකෙන්ම වාඩි වුණා බං එදා.මන්දා උඹෙ මැටි වැඩනම් යකෝ දහයේ එකෙක්ට මෙච්චර දෙවල් කරන්න පුලුවන් ද හලෝ 😂

මං එළිය බලාන ඉද්දි උඹ වෙනදා වගේ නැහැ කියලා මට දැනුණා බං.එදා උඹ ගාව වෙනදා තරම් සෙල්ලක්කාර කමක් තිබුණේ නැති තරම්.උඹ එදා

"අක්කේ ඔයාගේ කලින් අක්කි ආයෙත් කවදාවත් ඔයා ගාවට එන්නේ නැහැනේ.ඇයි බැරි මට ආදරේ කරන්න එයා වෙනුවට "

මොනාද බං උඹ අහන්නේ. උඹ අහපු දේට කට කොනින් හිනා වෙලා බස් එක එක්කම අහසෙ එහා මෙහා යන ඉර දිහා බලාන හිටියා.මට දැනුණා උඹ මගෙ උරිස්සට තුරුලු වෙනවා වගේ. උඹ කොහොම ද බං ඔය දේවල් කරන්නේ . දන්නව ද ඉස්සර කෙනත් ඔහොමමයි.මගෙ ගාවින් තුරුලු වෙලා නිදා ගන්නවා ඒත් උඹ මොන පුරුද්දක් ද බං මේ මගෙන් පිරිමහන්නේ. උඹට මට වඩා හොද කෙනෙක් හොයාගන්න අමාරුවක් නැහැනේ පොඩ්ඩෝ.
මට දැනුණෙ අපහසුවක් උඹ මං ගාව උණුසුමක් හොයද්දි ඈත් කරන්න ඕනි ඒ වුනත් මට හයියක් නෑ බං දැන් ඒකයි උඹට ඉන්න දුන්නේ .ඒත් උඹ සීමාව පනින්න හැදුවා හැමදේම ඉවසුවට ඒ දේ මට ඉවසන්න පුලුවන්කමක් නැහැ බං.ඒ දේ අයිති එයාට විතරයි . උඹ ගැඹුරු සිපගැනීමක් මගෙන් බලාපොරොත්තුවෙන් මට ළංවෙද්දි මං උඹව තල්ලු කළා. ඇති උඹ බිම නොවැටී වැටුණු එකම. උඹ ආයෙත් මං ගාවට ඇදෙද්දි උඹ ගැන දැනුණේ පිළිකුලක් බං.

උඹ ආයේ අයේ එකම දේ ගැන අහද්දී මගෙ සීමාවන් බිදුනා.මං සැර වැඩි වෙන්න ඇති ඒත් වෙන කරන්න දෙයක් නෑ.උඹ අහද්දි

"මොනව ද අක්කෙ තමුන්ගේ කලින් කෙල්ලගෙ ඔය තරම් තිබුණු දේවල්.ඇයි බැරි මට ආදරේ කරන්න "

මතකද උඹට මං උඹෙ බෙල්ල ගාවින් මගෙ අත තද කරන් කිව්ව කතාව

' උඹ කව්ද බං මගෙ ඒකිට සමවෙන්න.උඹ ඔය කොච්චර නැටුවට්ග් උඹට බෑ යකොහ් මගෙ එක kiss එකක් දරාගන්න.උඹ දන්නේ නෑ නේද ඒකි මාව දරාගත්තු විදිහ.kiss එක්කින් මනුස්සයෙක්ගේ තොලක් අට තැනකින් පැලෙන්න තරම් ඒ kiss එක දරුණු උනා බං.උඹ එහෙව් මාව කොහොම දරන්නද පොඩි එකෝ.අනික මම යකෙක් තරහ ගියාම මගෙ වචනයක්ටත් කදුලු පිරෙන උඹ කොහොම මාව නිවන්න ද බං . මං හොයන්නේ උතුරන්න තියෙන ආදරයක් නැතුව උඹ මගෙන් හොයන ආදරයක් නෙවෙයි.මං එදත් කිව්වා උඹයි එයයි අහසයි පොළොවයි.දැන්වත් නවත්තපන් මිනිහෝ මේ මල ඉලව්ව ."

ඔය ටික අහගන්නනෙ උඹ නැටුවේ දැන් හරිද? කොහෙද මගක නැවතුම්පලකින් උඹ බැහැලා ගියා.එදා ඉදන් මං ඒ බස් එකේගමන නැවැත්තුවා.මට කේන්ති බං. උඹට කොච්චර හයියක් තිබුණත් උඹට අයිතියක් නෑ මගෙ එකීට උඹව සමවෙන්න.






- Don't beg for love -
- someday you'll find a best one -

අහම්බයක්Where stories live. Discover now