අම්මා සාදාරණයි එයත් අම්මෙක් .කොච්චර මගෙ හැගීම් තේරුම් නොගත්තත් මං අදටත් එයාට වයිර කරන්නේ නැහැ මොකද අම්මෙක් කැමැති ළමයෙක් සාර්ථකත්වයක් උදා කරගන්නවා දකින්න. එක තැනක් හැර මගෙ අම්මයි අප්පච්චියි මාව හැමතැනකදිම තේරුම් ගත්තා .වයසට අනුව සිද්ධ වෙන ආදර සම්බන්ධතාවලට ඒ දෙන්නගෙන් බලපෑමක් නෑ ඒත් සම්මතයි කියගත්තු එයාලගෙ පරම්පරා නාමය රකින්න පුලුවන් සම්බන්ධයක්. අම්මා මට ගහලා බැනලා හදන්න හදපු දේ සාදාරණයි මොක ද පවුලෙ අනික් හැමෝටම ළමයි දෙන්නා ගාණේ ඉද්දි හත් මුතු පරම්පාරවෙම ගෙදර එකා යකා උනේ මම.නෑදෑවෙන අයගෙන් අම්මටයි අප්පච්චිටයි මං ගැන තැකීමක් කරන්න ඔනි වුණේ නැහැ මොකද හැමදේම ගාණට manage කරපු මට කියන්න තරම් දෙයක් හොයගන්න එයාලට බැරි වුණා.ඒත් මගෙ පළවෙනි ආදරේ නැහැ අදටත් මං ආදරේ කරන මගෙ ආදරවන්තිය මට නැතිවුණේ ඔය නැදෑ පරපුරේ දේවල් නිසාමයි.
ආදරේ කරන එක වැරැද්දක් හැබැයි ඒක වැරැද්දක් වෙන්නෙ අසම්මත හිත් වලට විතරයිලු . එතකොට ඒ නීතියත් ලංකාවම හදාගත්තු එකක් වෙන්න ඇති.කොහොම හරි මං ගියපු අවුරුදු දෙකේම නිවාස අඩස්සියේ හිටියේ ඔය දේවල් නිසයි.අම්මා මං කොල්ලෙක් එක්ක කතා කරනවා දැක්කත් ඇති මූණේ ඇදෙන ලස්සන හිනාව මං කෙල්ලෙක් දැකලා එයා දිහා නිකමට බැලුවත් මාව පිච්චෙන රැවිල්ලක් වෙන්න හේතු මට තවත් ඔනි වුණේ නැහැ.
අන්තිමේදී දාපු නීතීරීති වලට , ප්‍රතිපත්ති වලට සාම සාකච්ඡා දාලා මං තනියෙම ගමන් යන එන කාලේ ආවා.ඒකටත් අන්තිමේදි හෙනහුරා එන්න ගිහින් ශේප් වුණේ පෙර කරපු පිනකට.
සතියකට විතර ඇති වෙන්න ගුටිකාපු මම කිසි දෙයක් නැති ගාණට නුවර යන්න එන්න පටන් ගත්තා හැබැයි උඹත් උඹෙ ගේම යටින් ගහන්න පටන් අරන් නේද තිබුණේ ඒ කාලේ. පොඩ්ඩො පොඩ්ඩෝ උඹ තාම පොඩි වැඩි බං මගෙ ආදරේ දරන්න.උඹට බෑ මං ඕනිතැනක දිවුරනවා මගේ එකී තරම් උඹට බෑ මං වියරු වැටුණම මාව සනසන්න.උඹ දන්නේ මොනාද බං අපි ඉස්සර ගෙව්ව අතීතේ ගැන.මගෙ මැණික මාව බලාගත්තේ මට තව අම්මෙක් වෙලා.ආදරේ කරාට ඒ කාලේ හැටියට අපිත් පොඩි වුන් ආදරේ ගැන අපි දැනගත්තු දෙයක් තිබුනෙත් නෑ ඒත් අපි ආදරේ කළා.ඒ ආදරේ සාලිය- අශෝකමාලා වගේ රට අභ්‍යන්තර ආදර කතාවකට වගේම ශේක්ශ්පියර්ගේ රෝමියෝ ජුලියට් කතාවටත් සමානයි බං.
