මගෙ ජීවිතේ මේ වෙනකන් මට ඕනි තරම් මිනිස්සු මුණගැහිලා තියෙනවා පොඩ්ඩෝ ඕනිතරම් මිනිස්සු . ඒත් උඹ වගේ එකම එක කෙනයි ඉදියේ ඒ කව්ද කියලා උඹ දන්නවනේ . මේ තරම් මං ප්රතික්ෂේප කරද්දී , මේ තරම් රිදවද්දී කොහොමද වචනයකින්වත් මාව නොරිද්දා උඹ මං ගාව උඹෙ අහිංසක හිනාව දාන්නේ . මං කොච්චර උත්සහ කළත් උඹෙ ඔය හිනාව කපටිකමට උඹට එනඑකක් කියලා උඹ මං එක්ක හිනාවෙද්දි දිලිසෙන ඔය බෝල කෝෆි පාට දුඹුරු ඇස් ඒ ආකල්පයෙන් මාව නිව්ටන්ගේ තුන්වෙනි නියමෙට අනුව විනාශ කරලා දානවා.
එදා මට ඇවිදගන්න බැරි තරමට උණක් තිබිලත් මං පුරුදු මහනුවරටම ඇදුණේ මොන ලෙඩක් ආවත් මගෙ දේවල් පස්සට දාන්න මට ඉඩක් නොතිබුණු නිසයි. පැරසිටමෝල් කලාතුරකින් පාවිච්චියට ගන්න මට එදා ඒකෙ පිහිට ඕනි වුණා. මං ගිනි රස්නේ උණ තියාන දවසම කාගෙන හිටියත් , දේශන හැම එකේදිම දුන්නු පොඩිම විරාමෙදිත් හෙණකදයා වගේ ඩෙස්ක් එක බදාගෙන නින්දට වැටුණා. එදා දවසම ගෙව්වේ අපායක වගෙයි මට දැනුණේ .
කල්ප ගාණක් ගෙවිලා ඉවරවුණා වගේ දැනුනා ඒ දවසෙ තිබුණු විශයන් දෙක ඉවර වෙද්දී. හවස බස් එක හොයාගෙන මං ඇදෙද්දි කොහේදෝ ඉදන් ආව චණඩ වැස්සක් මහනුවර නගරයම තවත් මහවැලියක් කළා . මං බස් එකට නගිද්දී බාගෙට නාලා හිටියේ . බස් එක පුරාවටම මං හෙව්වේ මට පාඩුවේ ගෙදරට වෙනකන් යන්න පුලුවන් අසුනක් . මොන කරුමෙකට ද මන්දා බස් එක පුරාම මිනිස්සු. ඒත් back row එකට කලින් double sheet එකක ඉඩක් මට පෙනුණා. මං ඒතැනට ඇවිත් ඉදගන්න යද්දියි දැක්කේ ඇස් දෙකත් ලොකු කරගෙන කටෙනුත් භාගයක් විතර ඇරගෙන මං දිහා බලන් ඉන්න පොඩි උඹව. දන්නේ නෑ දෙවියෝ උඹෙ පැත්තෙම ද කියලා මෙහෙම තිරපිටපත් වගෙ සජීවීව දර්ශන මගෙ ජීවිතේ කණපිට පෙරලද්දී .
මහනුවරට වැස්ස කියන්නෙත් , හවස පහෙන් පස්සේ අඩියක් ගහන්න බැරි මහපාරවලුයි , traffic එකයි මහලොකු විස්මයජනක දේවල් නෙවෙයි . එදත් දියකපන තැනෙන් පටන් ගත්තු මාර්ග තදබදය පැයක ගමන පැය දෙකක් කළේ මගෙ ඉතිරිවෙලා තිබ්බ හුස්ම ටිකත් නැති කරලා. උඹ ගාවින් ඉදගත්තු ගමන් උඹට දැනෙන්න ඇති මගෙ ඇදුම් තෙමිලා මාව වෙව්ලපු බව. වචනයක්වත් නොකියා window එකේ අයින මට දිලා උඹ මා ගාවින් ඉදගද්දී සත්තයි මගෙ හදවතේ උඹ වෙනුවෙන් අමුතුම හැගීමක් දැනුණා මගෙ පොඩ්ඩෝ. මට දැනුණා මගෙ ඇගෙ රස්නේ එන්න එන්නම වැඩිවෙනවා කියලා. ඒ මදිවට මාව වෙව්ලන්න ගත්තා. ඇත්තමයි පොඩ්ඩෝ උඹ මාව කියෙව්ව ද මන්දා උඹ සීතළට දාගෙන හිටපු උඹෙ jacket එක උඹ මට පොරවලා මගෙ අතින් අල්ලගෙන මගෙ අත් පිරිමදින්න පටන් ගත්තා . පුදුමයි වචනයක්වත් උඹ කතා නොකරපු එක ගැන. තිබුණු වෙහෙසකර බවට නොදැනිම මං උඹෙ උරහිස ගාවින් මගෙ ඔලුව තියගෙන නින්දට ගිහින් . පැයකින් විතර මට ඇහැරුණු බවක් නොදන්න උඹ මගෙ ඔලුව උඹෙ පොඩි අත් වලින් ආදරෙන් නොදැනෙන්න පිරිමදිද්දි ඇත්තමයි පොඩි කාලේ අම්මා මාව බලාගත්තු විදිහ මතක වුණා බං .
කොහෙමෙන් කොහොම හරි එදා මං උඹට බහින්න කලින් Thank youso much little one කියලා කියද්දි උඹෙ ඇස් ආයෙමත් අර මං ආසම විදිහට දිලිසෙන්න පටන් ගත්තා . මට සතුටුයි මගෙ පොඩ්ඩෝ මං උඹට වචනෙකින් හරි පොඩි සතුටක් දුන්නු එක ගැන.
Don't be mad at everything
# bcs we are just live in a **** society .