"අනේ මන්දා අර හොර පූස් තඩියා ගිය තැනක පැලවෙලාද කියලා. දැන් කොච්චර වෙලාද දෙයියනේ? මෙයාට එකපාරටම මොනවා වුනාද මන්දා? යන්තං ගෙදරට නම් අරං ආවා."
නායුන් කිව්වෙ ගෙදර තිබුණු දුරකථනයෙන් යුංගිට ඇමතුමක් ලබා ගන්න උත්සාහ කරන ගමන්. ඒත් ඔහුගේ දුරකථනය විසන්ධි කරලයි තිබුනෙ. ජිමින්ගෙ හැසිරීම වෙනස් වීමත් එක්ක ඇය ගොඩක් කලබල වුනා. ඒ නිසාම ඉක්මනට බඩු ටිකත් අරගෙන ඇය ජිමින් එක්ක ගෙදර ආවෙ යුංගිව බලාපොරොත්තුවෙන්. නමුත් ඔහු තවමත් නැහැ.
"ඔම්මාආආආ..... මත දොයි මතයි අලේ.... දොයි කරවල්ලකො."
ජිමින් කිව්වෙ ලොකු ඈනුමකුත් අරින ගමන්මයි. මේ වෙනකොට සීරියල් කප් තුනක් විතර කාලා ලොකුම ලොකු තාරාවෙකුත් බදාගෙන ඔහු කෑම මේසෙ උඩට වෙලා ඉඳගෙනයි හිටියෙ. කෑම මේසෙ උඩ? ඔව් ඔව්... නායුන් පුටුවකින් ඉන්දවලා ගිය කොල්ලා දැන් ඉන්නෙ මේසෙ උඩ. ජිමින් හිටපු තැන දැක්කත් එක්කම නායුන් තවත් කලබල වුනා.
"දෙයියනේ ජිමින්..... ඔතනින් බහින්න ආආආ.... කෝ... පහලට එන්න ඔයා වැටෙයි."
"ඔම්මා මාව අඩා ගල්ලකො...."
"හපොයි දෙයියනේ.... ඔයාව වඩා ගත්තොත් මම පොළොවෙ අඩි දහයක් විතර ගිලා බහියි දරුවො. ඊටපස්සෙ අර ගිනි පූසට කැණීම් කරලා තමයි මාව හොයාගන්න වෙන්නෙ.
පොඩ්ඩක් ඉන්න.... දැන් මං මෙයාට දරුවො කියලා නේද කිව්වෙ? ආයිශ් නායුන් තමුන්ගෙ මොලේ නරක් වීගෙන එනවද?"
නායුන් ජිමින් දෙන්නා එහෙම ඉන්නකොට යුංගි නම් හිටියෙ මින්යූ දිහාම බලාගෙන භාවනාවක. විශ්ව විද්‍යාලයේ ඉඳන් ගෙදර එන මුළු කාලය පුරාම මින්යූ කලේ මහන්සියටත් එක්ක හොඳටම නිදාගත්ත එක. ගෙදර ලඟටම ආවට පස්සෙත් පොඩි ළමයෙක් වගේ නිදාගෙන ඉන්න මින්යූව ඇහැරවන්න යුංගිට හිත දුන්නෙම නෑ. ඒ නිසා දැන් විනාඩි පහලවක විතර ඉඳලා ඔහු ඇය දිහා බලාගෙන තනියම ආදරේ කරනවා.
"මැණික ඔයා තවත් හුරතල් වෙලානෙ. ඉස්සර තිබුණු මුරණ්ඩු කම නම් දැන් නැහැ. මට ඔයාව තුරුල් කරගෙන ඉන්න තිබුණා නම්. ඒත් තාමත් ඒකට හරි කාලය ආවෙ නෑ."
YOU ARE READING
Born With Fire || MYG ✓
Fanfictionවෙස් මාරු කල හැකි ෆීනික්ස් තරුණයෙක් තමාට ආත්ම ගණනකට පෙර අහිමි වූ ආදරය නැවත සොයා යයි. This is my original work so don't copy!