යුංගි කියන චරිතය දාලා මම ලියපු පලවෙනි කතාව. කතාවෙ Prologue එකේ ඉඳලම මට ලොකු අභියෝගයක් තිබුණා. ඒක තමයි මට හ්යොන්ග් ලයින් එකේ අයට ඒතරම් ලියන්න පහසු නැති එක. ඉතින් මුල ඉඳලම මම ලිව්වෙ මගෙන් හරියට යුංගිගෙ හැඟීම් ටික නිරූපණය වෙයිද කියලා සැකෙන් වගේ. ඒත් කතාව ටිකක් යනකොට මං ගොඩක් ආදරේ කලා මේ කතාවට. ඒ වගේම මම ටිකක් වෙනස් විදිහකට ලිව්වා කියලත් මට හිතුනා. මම හිතනවා මම සාර්ථකව මේ කතාව අවසන් කරන්න ඇති කියලා.
මට රික්වෙස්ට් එකක් ආවා වගේම මගේ සෝලිට ගිෆ්ට් එකක් දෙන්න වුවමනා වුන නිසාමයි මම යුංගිගෙ කතාවක් ලියන්න හිතුවෙ. ඒත් මුලදි මට ඕන වුණේ නැහැ මේක සාමාන්‍ය ජීවිතේ ගැන කතාවක් කරන්න. ඒ නිසා මම හිතුවා ෆැන්ටසි පැත්තට යන්න. ඒ අනුව මම ගොඩක් ෆැන්ටසි තීම් ගැන හෙව්වා. මුලින්ම මට ආවෙ වැම්පයර්, වෙයාවොල්ෆ්, දිය කිඳුරො වගේ දේවල්. ඒත් ඒවා මීට කලින් ලියවිලා තිබුණ නිසා මට ඕන වුණා හැමෝටම වෙනස් අත්දැකීමක් දෙන්න.
ඒ විදිහට තමයි මම ෆීනික්ස් තෝරගන්නෙ. ඒත් ඉතින් ඒක ලේසි වුනේ නැහැ. මොකද මම කලින් සිංහලෙන් ලියවුණු ෆීනික්ස් කතාවක් මෙතන දැකලා තිබුණෙ නැහැ වගේම එහෙම තිබුණත් මට ඒවා කොපි කරන්න ඕන වුණේ නැහැ. ඒ නිසා මම තනියම පටන් ගත්තා. මුලින්ම ෆීනික්ස් ගැන විස්තර හොයාගත්තට පස්සෙ මම ලියපු ගොඩක් දේවල් මම තනියම නිර්මාණය කරපුවා.
ජිමින් කියන්නෙ පරිවර්තනය වෙන්න බැරි නමුත් ෆීනික්ස් රුධිරය තියෙන කෙනෙක්. ඒ වගේම කාල පක්ෂීන් කියන කොටස මම නිර්මාණය කරපුවා. එතකොට ජිමින් කොටස් දෙකකට වෙන් වුන එක වගේම යුංගිගෙ ආත්ම කතාවත් මම නිර්මාණය කරපු දේවල්. ඉතින් තියරි ටික අයිති මට. මම හිතනවා ඒ දේවල් වලින් කතාව රසවත් වෙන්න ඇති කියලා.
කතාවෙන් මට කියන්න ඕන වුන දේවල් ජිමින් නිසාම ඔයාලා දැනගන්න ඇති. අපි ආදරේ කරන්න ඕන තමන්ටමයි. තමන්ට ආදරේ නොකරන තැන අපිව අතරමං වෙයි. ඒක ජිමින් නිසා ඔයාලට හොඳටම තේරෙන්න ඇති. ඒ වගේම මම ඉල්ලනවා ටේගෙ ප්‍රතිබිම්බයට ජිමින් ආදරේ කරයි කියන කොටස ඔයාලා ෂිප් එකක් විදිහට වැරදියට තේරුම් ගන්න එපා කියලා. ඒ කොටස මම දැම්මෙ තමන්ට තමන්ම ආදරේ කරනවා කියලා පෙන්නන්න.
කතාවෙ ටේ ජිමින් කියන්නෙ එකම කෙනෙක් කියලා නිතරම මට මතක් කරන්න වුනේ ඒ නිසා.
ඒවගේම ඔයාලට ප්‍රශ්නයක් ඇති ඇයි මම තවත් ජිමින්ගෙ රූපෙම තියෙන කෙනෙක්ව නොගෙන ටේහ්‍යොන්ග්ව මෙතනට ගත්තෙ කියලා. මුලින්ම මට කතාව අන්තිම දක්වාම ලොකුම රහස හංගගෙන එන්න ඒක උදව්වක්. අනිත් එක තමයි මට ඕන වුණේ ජිමින් ප්‍රතික්ෂේප කරපු එයාගෙම ඇතුලාන්තය ටේහ්‍යොන්ග් විදිහට නිරූපණය කරන්න.
ඉතින් කතාවෙ ප්‍රධාන චරිතය වුන යුංගි කියන්නෙ වෙනස් ආදරවන්තයෙක්. යුංගිගෙ පර්සනැලිටි එකත් එක්ක නිකම්ම ආදරවන්තයෙක් විදිහට එයාව නිරූපණය කරන්න මට ඕන වුණේ නැහැ. ඉතින් එයාගෙ ආදරේ ඔය හැම තැනකම විශේෂ වුණා. ආත්ම ගානක් මින්යූට කරන ආදරේටම ඒක සීමා වුණේ නැහැ. යුංගි තමන්ගෙම හතුරන්ගෙ කෙනෙක්ව ආදරෙන් බලාගත්ත විදිහ ගැන ඔයාලට තේරෙන්න ඇති. ඉතින් යුංගි කියන ගිනි කුරුල්ලා හැමදාමත් පුදුම කෙනෙක්.
මින්යූ නායුන් දෙන්නා ගැන කිව්වොත් එයාලා ඔන්ලයින් ෆ්‍රෙන්ඩ්ස්ලා දෙන්නෙක්. ඉතින් එච්චර වෙන් වෙලා හිටපු එයාලා එක තැනකට එන විදිහට හැමදේම සිද්ධ වුණා. ඒක කොයිම විදියකින් හරි සිද්ධ වුණා. එයාලා එකට ඉන්න කොටස් ගොඩක් නොතිබුණත් එයාලත් හරිම වෙනස් යාලුවො.
කතාවෙ අවසානය ඔයාලව පුදුම කරන්න ඇති. හැමෝම බලාපොරොත්තු වුනේ වෙන ගෑනු ළමයෙක් හරි නායුන් හරි ජිමින්ගෙ ආදරේ වෙයි කියලනෙ. ඔන්න ඉතින් මං කලින් ඉඳලම කිව්ව ලොකු සර්ප්‍රයිස් එක දුන්නා.
විශ්වාස කරන්න ලමයි.... මගේ මොලේ ඇතුළෙ තියෙන දේවල් ගෙස් කරන්න තාමත් ඔයාලට බෑ... හි හි විහිළුවක් කලේ.... 😂😌
එහෙනම් ඉතින් මගේ පත හෑල්ල කියවපු හැමෝටම ස්තූතියි! අඩුපාඩු තියෙන්න ඇති ඒ හැම දෙයක්ම ඇතුළෙ මාත් එක්ක ආව හැමෝටම ගොඩාක් ස්තූතියි!
කතාව කියවපු වෝට් කමෙන්ට් කරපු ඔයාල හැමෝටම ගොඩක් ස්තූතියි!
Blue Rose 💙🥀
YOU ARE READING
Born With Fire || MYG ✓
Fanfictionවෙස් මාරු කල හැකි ෆීනික්ස් තරුණයෙක් තමාට ආත්ම ගණනකට පෙර අහිමි වූ ආදරය නැවත සොයා යයි. This is my original work so don't copy!