ජන්ගුක් එහෙම අහද්දි ඉක්මනට ඔලුව උඩ පහල වනපු කෙල්ල සෝෆා එක ඉස්සරහට යද්දි කොල්ලා සෝෆා එක උඩම කකුල් තියාගෙන ඉදගත්තා..
ජන්ගුක් ලගට ලන්වුනු ජිසූ කොල්ලගේ පිටිපස්සෙන් හිටගෙන තෙල් කුප්පියෙන් තෙල් ටිකක් කොල්ලගේ ටිකක් දිග කොන්ඩේ අතරට දැම්මා..
තොල් තදින් හපාගත්ත ජිසූ කොල්ලගේ සිනිදු කලුපාට හිසකෙස් අතරේ තමන්ගේ අත් ගිනියද්දි කොල්ලගේ ඔලුව නොදැනුවත්ම ජිසූගේ ඇගට හේත්තු වුනා..
මේ පුදුමාකාර පිරිමියාගේ සුවද , හුස්ම ලගින් දැනෙද්දි කෙල්ලගේ හිතට දැනෙන හිරිය ඒ ස්පර්ශෙත් එක්කලා දෙගුන තෙගුන වෙලා දැනෙද්දි කෙල්ල වෙනසක් නොපෙන්වම ඉන්න උත්සාහ කරා.." ඇති ජිසූ !!
ඔයාගේ අත් රිදෙනවා ඇති !! "කෙල්ලගේ අත් රිදුනා තමයි.ඒත් ජන්ගුක් ලගින් මෙහෙම ඉන්න ලැබුනු එකට දැනුනු සතුට කෙල්ලගේ ඒ රිදිල්ල යටපත් කරලා තිබුනා..
" නෑ ඔප්පා !!
එහෙම අවුලක් නෑ !! "ජිසූගේ ඇගට හේත්තුවෙලා තිබුනු ඔලුව ජන්ගුක් එහාට ගත්තු නිසා ජන්ගුක්ගේ කොන්ඩේ රැදුනු කෙල්ලගෙ අතුත් ඈත්වුනු නිසා ආපහු එහෙම කියන ගමන් කෙල්ල ජන්ගුක්ගේ කොන්ඩේට අත යවද්දි ජන්ගුක් ඔලුව පිටපස්සට හරවලා කෙල්ල දිහා බැලුවා..
" මට නිදාගන්න ඕනේ ජිසූයා !!
මෙහෙම ඉදගෙන ඉන්න අමාරුයි !! "කොල්ලගේ ඇස් හරි විඩාබරයි !!
ඒ විඩාබර ඇස් කෙල්ල දිහා බලල එහෙම කියද්දි කෙල්ල එතනින් එන්න හැදුවේ කොල්ලට නිදාගන්න ඉඩදෙන්න.." යන්න එපා !!
මෙතනින් ඉදගෙන ඉන්න !! "යන්න ගියපු කෙල්ලගේ අතින් අල්ලල නවත්තන ගමන් සෝෆා එක ඇස් දෙකෙන් පෙන්නපු ජන්ගුක් ටිකක් එහාට උනේ කෙල්ලට ඉදගන්න ඉඩදෙන්න..
හරිහමන් අදහසක් නැතිවුනත් ජන්ගුක් තමන්ගේ අත අල්ලන් ඉදිද්දි දැනුනු යටිපතුලේ ඉදන්න ඇතිවුනු වෙව්ලිල්ල නිසාම කෙල්ල ඉක්මනට එතනින් ඉදගත්තා..." තේහියුනාව මතක් වෙන්නැද්ද ? "
කෙල්ලගේ අත අතෑරපු ජන්ගුක් ඔලුව යටින් තමන්ගේ අත්දෙක තියාගන්න ගමන් කෙල්ල ලගින්ම වැතිරුනේ සිවිලිම දිසා බලාගෙන එහෙම අහනගමන්...
आप पढ़ रहे हैं
DEAR JISUU 👰 /JJK / (Completed )
फैनफिक्शन"ජන්ගුකා උබ මගේ නන්ගි ජිසූව මැරි කරපන් !! " "හ්ම් ...මම ජීසූව මැරි කරන්නම් !! "