11.

1.9K 250 49
                                    


ඩොක්ටර් ලේබර් රූම් එකෙන් එලියට එද්දිම ජන්ගුක් එතනට දුවගෙන ගියේ හිනාවෙවී ..
ඒත් ඩොක්ටර්ගේ මූනේ තිබුනු හිස් බව කොල්ලව මලානික කරා..

" අයිම් සොරි මිස්ටර් ජොන් !!
අපිට බබාව බේරගන්න බැරිවුනා !!
එයා එලියට එනකොටත් මේ ලෝකෙන් ගිහින්  !!
මිසිස් ජොන් හොදින් !!"

ඩොක්ටර් කියලා දාද්දි ජන්ගුක් මලකදක් වගේ පිටිපස්සේ හිටපු ජිමින්ගේ ඇග උඩට වැටුනා.කොරිඩෝව මැදම ඉදගත්ත ජන්ගුක් කොන්ඩෙන් ඇදගන්න ගමන් හයියෙන් අඩන්න ගත්තේ තේහියුන් එතනම තිබුනු පුටුවක් උඩට වැටෙද්දි...
ජිමින් සුදුපාටින් පාටවෙලා තිබුනු බිත්තියට අත මිටමොලවගෙන ගහගෙන ගහගෙන ගියේ බිත්තිය රතුපාට වෙද්දි..

" අඩෝ මගේ ලේ බන් ඒඒ !!
ඇයි දෙයියනේ අපිටම මෙහෙම උනේ !!
අනික මන් මොනාද බන් කියන්නේ අර කෙල්ල නැගිට්ටම !!
ඒකි මොන තරම් වේදනාවක් වින්දද
අන්තිමේදී ඒ හැමදේකින්ම වැඩක් නෑ කියන්න ඕනේ ද මන් !! "

කොරිඩෝ එක මැදට වෙලා අඩපු ජන්ගුක් එතන තිබ්බ බිත්තියට හේත්තුවෙන ගමන එහෙම කිව්වේ හැගීමක් පිට නොවුනු හිස් බව පිරුනු මූනකින් ..

" ඒ කෙල්ල රස්නෙන් වතුර ටිකක්වත් බිව්වේ නෑ බන් !!
කොච්චර පරිස්සන් උනාද බන් ඒ පොඩි එකී !!
මන් මොනවද කියන්නේ ඒකි ඇහැරුනාම !! "

ඔහේ බලාගත්තූ අත බලන් ඉන්න තේහියුන් දිහා බලාගෙන ජන්ගුක් අහද්දි තවදුරටත් ඔහේ බලන් ඉන්නවා ඇරෙන්න තේහියුන්ට කරන්න පුලුවන් දෙයක් තිබුනේ නෑ..

ජන්ගුක්ට මතක් උනේ කෙල්ලට නොදැනිම රෑට ඇද තෙමුනු දවස්..
මොනතරම් ලැජ්ජාවක් දැනෙන්න ඇද්ද කෙල්ලට ඒ දවස් වල ..
ජන්ගුක් කිසිම පිලිකුලක් නොකර කෙල්ලව බාත්රූම් එකට උස්සන් ගිහින් ඇග හෝදවලා ඇදුම් අන්දවලා වෙන කාමරේකින් ගෙනිහින් තියලා කොල්ලා එයාලගේ කාමරේ බෙඩ්ශීට් හෝදලා එනකනුත් කෙල්ල ඇහැරිලා ඉන්නේ ලැජ්ජාවෙන්..කොල්ලා එනකොටම බොරුවට නිදි වගේ රගපාන්නෙත් මූන දෙන්න බැරි ලැජ්ජාවෙන් කියලා කොල්ලාත් හොදටම දන්නවා..
ඉන්න ගමන් ඇතිවෙන එකේක කෑම ආසාවල් නිසාත් එන්න එන්න ලොකුවෙන බඩ නිසත් කෙල්ලගේ ඇග වෙනස් වුනත් කෙල්ල ඒ හැම වෙනසකට හැඩගැහෙන ගමන් දරුවා වෙනුවෙන් දරන් හිටිය හැටි,
පුංචි පැටියට අලුත් ඇදුම් , සෙල්ලම් බඩු අරගෙන බබාගේ අලුත් කාමරේ ජිමින් එක්ක එකතු වෙලා සරසපු හැටි ,
කේපොප් විතරක් අහපු කෙල්ල සිනිදු විදියට බබාට ගැලපෙන සින්දු විතරක් අහන්න හුරුවුනු හැටි ,
උනුවෙම්ම කන්න හුරු වෙලා හිටපු කෙල්ල දරුවා ගැන දැනගත්ත දවසේ ඉදන් උනුවතුර ටිකක්වත් නොබී ඉන්න පරිස්සම් උනු හැටි ,
බඩට තට්ටු දානගමන් ආදරෙන් දරුපැටියා එක්ක කතාකරන හැටි කොල්ලට එක පෙලට මතක් වුනා...
මොනාද දෙයියනේ මම ඒ කෙල්ලට කියන්නේ...
කොල්ලගේ ඔලුව ප්‍රශ්න ගොඩකින් පිරිලා යද්දි කොල්ලා ඔලුව අත්දෙකෙන්ම බදාගෙන කෑ ගැහුවේ වේදනාව පිටකරගන්න..
කොරිඩෝ එකේ යන මිනිස්සු තැනින් තැන වැටිලා ඉන්න කොල්ලෝ තුන්දෙනා දිහා බැලුවේ අනුකම්පාව පිරුනු මූනුවලින්..

DEAR JISUU 👰  /JJK / (Completed )Where stories live. Discover now