06.

1.4K 213 15
                                    


"නෑනේ !!
ඇවිත් මට කොෆි එකක් හදලා දෙනවද !? "

තේහියුන් වගේම ජිමින් ගෙදරින් ගියාට පස්සේ කිචන් එකට ගියපු යුන්ගි ගේ අස් කරන ගමන් හිටපු ජිසූගෙන් කෑ ගහල අහද්දි කෙල්ල බැලුවේ සෝෆා එකට වෙලා ඉදගෙන නිව්ස් බලන ජන්ගුක් දිහා ..
හොද හුස්මක් පහල දාපු ජිසූ අතේ තිබුනු වැකුම් ක්ලීනර් එක පැත්තකින් තියලා කිචන් එකට ගියා..
යනකොටත් යුන්ගි පැන්ට්‍රි එක උඩ ඉදගෙන..
කොල්ලට බැල්මක්වත් නොදී කෙට්ල් එක ප්ලග් කරද්දිත් යුන්ගි බලන් හිටියේ අබපු රූපයක් වගේ පේන ජිසූ දිහා..
යුන්ගිට ලෝකේ ඉන්න ලස්සනම කෙල්ල ජිසූ !!
එදත් එහෙමයි අදත් එහෙමයි ඉස්සරහටත් එහෙමම වෙයි !!

"තමුසේ හෙන ලස්සනයි ජිසූ !! "

බෙල්ලත් ඇලකරගෙනම අත්දෙකෙන් පිටිපස්සට බරවෙලා පැන්ට්‍රි එක උඩ ඉදගෙන යුන්ගි එහෙම කියද්දි මග් එකක් හෝදමින් හිටපු ජිසූ මොහොතකට ගල් වුනා...

"ඔයා හරියට ඉටි රූපයක් වගේ !!
දෙවියෝ ඔයාගේ හැම අගලක්ම මවලා තියෙන්නේ හරි ලස්සනට !!
ඔය හිනාව !!
දිලිසෙන ඇස් !!
ඒවා පිස්සුවක් ජිසූ !!
මට ඒවා ඇබ්බැහියක් !! "

ටැප් එක ඔහේ ඇරලා දාලා නොසෙල්වී ඉන්න ජිසූ දිහාම බලාන යුන්ගි එහෙම කිව්වේ හදවතින්මයි !!
දන්න දවසේ ඉදන් තේරෙන වයසේ ඉදන් කොල්ලගේ ආදරේ !!
ජිසූ !!
පැන්ට්‍රි එකෙන් බිමට පැනලා ජිසූ ලගට ඇවිදන් ගියපු යුන්ගි එක අතකින් ටැප් එක වහලා අනික් අත කෙල්ලගේ කම්මුල දිහාවට අරගෙන යද්දි ඉක්මන් උනු කෙල්ල උරහිස අකුලන ගමන් මූන වෙන පැත්තකට හරවගත්තේ යුන්ගි උස්සගත්තු අත මිටමොලව ගන්න ගමන් පහලට ගනිද්දි..

"ඔච්චර පරිස්සම් වෙන්නේ තමුසේ එක්ක කතාවත් නොකරන අර මනුස්සයා වෙනුවෙන් ද ජිසූ !! "

කිචන් එකට පේන විදියට ඉදගෙන ටීවි බලන ජන්ගුක් දිහා බලපු යුන්ගි එහෙම අහද්දිත් ජිසූ හිටියේ ගොලුවෙක් වගේ ...

" ඔයාට කොලේක ගහපු අත්සන වටිනව ද රත්තරන් ඔයාට මෙච්චරට ආදරේ කරන මගේ හිතට වඩා !! "

ආදරේ හැංගුනු ඇස් ජිසූ දිහාවට හරවගෙන යුන්ගි මුමුනද්දි කෙල්ල හිත යටින් හීල්ලුනා..තමන්ගේ ඔලුව උස්සලා යුන්ගි දිහා බලපු ජිසූ මිමිනුවේ සමාවෙන්න කියලා ..

DEAR JISUU 👰  /JJK / (Completed )Where stories live. Discover now