CHAPTER 25

1.1K 192 18
                                    

"හියුන්ගී, මොකක් හරි ප්‍රශ්නයක්ද?" ටේහියුන් තමන්ව ගොඩාක් වෙලා ඉදන් තදින් බදාගෙන ඉන්න නිසා ජන්කුක් දුකින් ඇහුවා.ආපිට උත්තරයක් හම්බුනේ නැති නිසා ජන්කුක් හයියෙන් ඇස්පිල්ලම් ගැහුවා.



"ඇයි හියුන්ගිට සතුටු?" ටේහියුන්ගෙ අත් තවත් තද වෙනව දැනුන නිසා ජන්කුක් ආයෙමත් ඇහුවා.



ටිකකින් ටේහියුන් ජන්කුක්ව ඈත් කරලා ජන්කුක්ගෙ කම්මුල් දෙපැත්තෙන් අත් දෙක තියාගෙන,"බේබි,ඔයා දන්නවද ඔයා මාස දෙකක් තිස්සේ කෝමා එකක හිටියෙ කියලා?"



මුලින්ම ජන්කුක්ගෙ මූන හිස් බවකින් පිරිලා ගියත්, ඒත් ඉක්මනින්ම පුදුමයෙන් ඇස්දෙක ලොකු කරගෙන ටේහියුන් දිහා බැලුවා.



"මාස දෙකක්!?" ජන්කුක් එයාගෙ බැම්බි ඇස්දෙක ලොකූ කරගෙන ටේහියුන් දිහා බලාගෙන හිටියා."මන් හිතුවෙ මන් එක දවසක් නිදාගත්තා කියලා!" ජන්කුක්ගෙ කට 'O' හැඩේට හදාගෙන කියුට් විදිහට ටේහියුන් දිහා බලාගෙන හිටියා.ජන්කුක්ගෙ කියුට් මූන දැක්කාම ඩේමන්ගෙ මූනේ චූටි හිනාවක් ඇදුනා.



"මමත් ප්‍රාර්තනා කරා ඔයා එක දවසක් නිදාගත්තනම් කියලා" ටේහියුන් ජන්කුක්ගෙ කම්මුල් දෙක මිරිකලා,"ඒකට කමක් නෑ කොච්චර කාලයක් ගියත්, දැන් බේබි නැගිට්ටනෙ"



ජන්කුක් හිනාවෙන ගමන් ඔව් කියලා ඔලුව වැනුවා.ඒත් එකපාරටම දෙයක් මතක් උන නිසා ඉක්මනින්ම ඒ හිනාව නැතිවෙලා ගියා.



ජන්කුක්ගෙ හිනාව නැති වෙනවා දැක්ක ටේහියුන්,"මොකක්ද ප්‍රශ්නෙ බේබි?" කියලා ඇහුවා.



ජන්කුක් එයාගෙ ඇගිලි එකට තද කරන ගමන්, "හියුන්ගී, මගෙ අම්මට මොකක්ද උනේ?" ඇහුවා.



ජන්කුක් අහපු ප්‍රශ්නෙ නිසා ටේහියුන් ලොකූ හුස්මක් අරගෙන පිටකරලා, ජන්කුක්ව උස්සලා අරගෙන තමන්ගෙ ඔඩොක්කුවෙන් ඉන්දවගත්තා."මන් ඔයාගෙ අම්මව මරලා වෘකයින්ට කන්න දැම්මා කියලා කිව්වොත් ඔයා මාත් එක්ක තරහ වෙනවද?" ටේහියුන් ඇහුවා.



ජන්කුක් ටික වෙලාවක් සද්ද නැතුව ඉදලා ඔලුව හෙමිහිට වැනුවා."ඒක තමයි එයාට ගැලපෙන්නෙ!" හරිම මෘදු විදිහට කිව්වා. ජන්කුක්ගෙ ඇස් දෙක ලාවට රතු වීගෙන ආවා. එයා යටි තොල දත්වලින් තදින් හපාගත්තා. ටේහියුන් දන්නවා දැන් ජන්කුක් අඩන්නයි හදන්නෙ කියලා.



||His QUEEN|| Taekook Sinhala Translation✔✔Where stories live. Discover now