CHAPTER 23

1.1K 214 12
                                    

"ඩොක්ටර් කන්ග්!" ටේහියුන් ජන්කුක්ව අත් අතර තියාගෙන මෙඩිකල් රූම් එකට දුවගෙන ගියා.ජන්කුක්ට දැනටමත් සිහිය නෑ.මූන සුදුපාට කඩදාසියක් වගේ සුදුමැලි වෙලා, හරිම අමුතුයි.

"මොකක්ද උනේ?! එයාව බෙඩ් එකෙන් තියන්න" ඩොක්ටර් කන්ග් ටේහියුන් වගේම හොදටම බය වෙලා.ටේහියුන් පරිස්සමට ජන්කුක්ව බෙඩ් එකෙන් තියලා, "ඉක්මනට, ප්ලීස් එයාව බේරගන්න" කන්ගෙ කොලර් එකෙන් අල්ලගෙන ඇයදුවා.

ඩොක්ටර් කන්ග් ටේහියුන්ගෙ දුකින් පිරුනු මූන දිහා බලාගෙන උරහිසෙන් අත්දෙක තියලා,"අනිවාර්‍යයෙන්ම, රජතුමනි.ඒත් ප්ලීස් ඔයා දැන් සන්සුන් වෙලා චුට්ට වෙලාවකට රූම් එකෙන් එලියට යන්න.මන් ජන්කුක්ව චෙක් කරන්න ඕනෙ" සුදුමැලි වෙලා කිසිම හැලහොල්මනක් නැතුව ඉන්න ජන්කුක් දිහාම බලාගෙන ටේහියුන් හෙමිහිට කාමරෙන් එලියට ගියා.


හෙමින් කාමරේ දොර වහපු ටේහියුන් බිත්තිය දිගේ රූටලා ගිහින් බිම ඉදගත්තා.තමන්ගෙ කොන්ඩෙ අත්දෙකෙන්ම ඇදගන්න ගමන් ටේහියුන් එයාගෙ ඔලුව කකුල් දෙක අස්සෙ ඔබාගත්තා.


ටේහියුන්ගෙ එහාපැත්තෙන්ම බිමින් වාඩි උනු ජිමින් ටේහියුන්ගෙ පිටට තට්ටුකරන ගමන්,"මට හොදටම විශ්වාසයි ජන්කුකීට ඉක්මනින් හොද වෙයි, ටේ..."ජිමින් කිව්වත් එයාටත් ජන්කුක්ගෙ තත්ත්වෙ ගැන ශුවර් නෑ.

ටේහියුන්ගෙ ආපස්සට කිසිම උත්තරයක් හම්බුනේ නැති නිසා ජිමින් දුකින් බිත්තියට ඔලුව තියාගෙ අනිත් පැත්ත බලාගෙන හිටියා.දෙන්නම ඉන්නෙ මේ වෙලාවෙ කතාකරන්න පුලුවන් මානසිකත්වයකින් නෙමෙයි.


තවත් පැය කීපයකට පස්සෙ මෙඩිකල් රූම් එකේ දොර ඇරුනා. ටේමින් දෙන්නම ඉදගෙන ඉන්න තැනින් නැගිටලා ඩොක්ටර් කන්ග් ලගට දුවගෙන ගියා."එයාට කෝමද ඩොක්ටර්?" ටේහියුන් ඇහුවා.

"බේබි හොදින්" ඩොක්ටර් කන්ග් කිව්වාම ලාවට හිනාවෙනගමන් ටේහියුන් ලොකු හුස්මක් අරගෙන පිට කරා. ඒත් ඒ හිනාව ඩොක්ටර් ආයෙමත් කිව්ව දේත් එක්ක එකපාරටම නැති වෙලා ගියා."ඒත් රැජිනිය හොදින් නෙමෙයි.එයාගෙ ඇගෙන් ගොඩාක් බ්ලීඩ් වෙලා නිසා එයා හුගක් දුර්වලයි.මම එයාට බෙහෙත් කරනකොට රැජිනියට සිහිය ආවා.සිහිය නැති වෙන්න නොදී තියාගන්න උත්සහා කරත් ඒක බැරි උනා ඒතරමටම රැජිනගෙ ශරීරය දුර්වලයි. ඒ මිනිස්සු රැජිනියට හොදටම ගහලා තියෙනවා සහ බඩට හයියෙන් ගහලා තියෙනවා.මට සමාවෙන්න මෙහෙම කියනවට ඒත් රැජිනිය දැන් කෝමා එකක ඉන්නෙ."

||His QUEEN|| Taekook Sinhala Translation✔✔Where stories live. Discover now