4

117 17 3
                                    



Chap 4

පහුවදා උදෙන්ම යුන්ගි ගියේ එයාගේ නමට හරි ඉන්න මල්ලිව බලන්න . ඔව් ඉතින් එයාලා අතර පොඩිමවත් සහෝදර බැදීමක් නෑ නේ.

"ජන්කූක්" යුන්ගි එහෙම කතා කරනකොට මේ වෙනකොටත් ඇහැරලා හිටපු ජන්කූක් එයා දිහා බැලුවා . ඒ ඇස් වල මොනවත්ම නෑ කියන්න යුන්ගිට තේරෙන්න ඇති .

තමන්ගේ ප්‍රශ්නෙට උත්තරයක් නැති නිසා යුන්ගි ජන්කූක්ගෙන් ආයෙමත් ප්‍රශ්න ඇහුවත් ඒ හැම දේටම උත්තරය උනේ නිහඩ කමම විතරයි ..

"අහන්න ජන්කූක් .මන් අද බිස්නස් පාටි එක්කට යනවා . මේ වෙන ඒවා එක්ක ඔයාව දාලා යන්න බෑ ඔයත් යමු ."

ජන්කූක් කලේ ඔලුව හොල්ලපු එක විතරයි .සමහරක් විට එයාට තේරෙන්න ඇති යුන්ගි කිව්ව දේ. සමහරක් විට නොතේරීම ඔලුව වනන්න ඇති

හෙමින් හෙමින් රාත්‍රියත් උදා උනේ වැඩ අස්සේ හිර උන යුන්ගිට පොඩි නිදහසක් දෙමින්

යුන්ගි ජන්කූක්වත් ලෑස්ති කරගෙන කා එක ගාවට ගියේ බිස්නස් පාටි එකට යන්නයි .

"ජන්කූක් . මාව ලැජ්ජ කරන්න නම් එපා" එච්චරයි යුන්ගි කිව්වේ .සමහර විට යුන්ගිට හිතෙනවා ඇති ජන්කූක් ගොලුයි කියලත් .

ජන්කූක් පවා යුන්ගි පස්සෙන් ගියේ දවස් කීපයකට කලින් හම්බ උන පිටස්තර පුදගලව සම්පූර්නයෙන්ම විශ්වාස කරලා වෙන්න ඇති ..

පාටි එක තුල හැම දේම හොදින් උනා .හැම දෙයක්ම .ඒත් ..

Breaking news

ප්‍රසිද්ද ව්‍යාපරික mr song විසින් පවතවන ලද සාදයකදී පුද්ගලයන් දෙදෙනෙකු අමානුශික ලෙස ගාතනය කර ඇත . මෙට මීට කලින් සිදු වූ මිනී මැරුමට බොහෝ සෙයින් සමාව වන අතර මේවා දාම ගාතකයෙකුගේ ක්‍රියාවක් විය යුතු යැයි ආරක්ශක අංශ පවසයි.තවමත් කිසිදු තොරතුරක් මේ ගැන නොමැති අතර cctv දත්තද මැකී ගොස් ඇත .

.........

මිනී මැරුම ගැන ඇහුන සැනින් බාගෙට බීමත්ව හිටපු යුන්ගි හෙව්වේ ජන්කූක්ව . ඔව් ඉතින් යුන්ගි බැලුවේ නෑ නේ ජන්කූක් කොහෙ ඉන්නවද කියලවත් . දෙනෝ දහක් බය වෙලා තල්ලු වෙවී දුවන අතර ජන්කූක් බිම ඉදගෙන හිටියේ බෝනික්කෙක් වගේ . කකුල් දෙක දෙපැත්තට දාලා ඒ මැදින් අත් දෙකත් තියාගෙන කිසිම කලබලයක් එයාගේ මූනේ තිබුනෙත් නෑ .ඔලුවත් පොඩ්ඩක් ඇල කරගෙන යුන්ගි දිහා බලාගෙන හිටපු විදිහට නම් යුන්ගිට බයත් හිතෙන්න ඇති .



TBC


 🦦 : අද තනියෙන් මා  ~

            හඩන්නේ නෑ මා  ~



selfless |JJK | completedWhere stories live. Discover now